IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පාරේ රස්තියාදුව මඩින්න නව සභාපති කැස කවයි

මාර්ග සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු නිහාල් සූරියාරච්චි මහතා අද පෙරවරුවේ මහාමාර්ග අමාත්‍යාංශයේ දී වැඩ භාර ගත්තේය.

දශක දෙකකට වැඩි කාලයක් රාජ්‍ය සහ ආයතන පරිපාලන අංශයේ අත්දැකීම් ඇති ඒ මහතා රාජ්‍ය සීනි සංස්ථාවේ හිටපු සභාපතිවරයා ද වේ. ඉදිරියේ දී මහජන සුභසාධනය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව වැඩ භාර ගැනීමේ අවස්ථාවේ දී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේය.

කොළඹ සහ ප්‍රධාන නගර ආශ්‍රිතව දක්නට ඇති මාර්ග තදබදයට විසඳුමක් ලබාදීමට පියවර ගන්නා බව ද ඒ මහතා සඳහන් කළේය. එසේම, නව ව්‍යාපෘති පවත්වාගෙන යාමේ දී ගුණාත්මකභාවය ඉහළ නැංවීම හා ඒ එක එකක් වෙනුවෙන් වෙන් කරනු ලබන වියදම් කළමණාකරණය කිරීමට පියවර ගත යුතු බව ද නිහාල් සූරියාරච්චි මහතා කියා සිටියේය.

12212035_10208191324567205_203720151111293217_n 12212412_1020819132488720151111213_246679306_n 12226492_1020819132201511114927214_682734496_n 12231136_1020201511118191324327199_417227581_n



අදහස් (0)

පාරේ රස්තියාදුව මඩින්න නව සභාපති කැස කවයි

ගාමිණී සරත්චන්ද්‍ර Thursday, 12 November 2015 03:16 AM

මම ඔබතුමාට සුබ පතනවා! (නි)

:       0       0

මනෝජ් Wednesday, 11 November 2015 02:19 PM

මේක තමයි සිංගප්පුරුව දියුණුවීමේ රහස. රත්නපුර - කොළඹ පරණ පාර වගේ අනෙක් පාරවල් තව අඩි 4 ක් බැගින් පළල් කරන්න. වෙනම තීරුවක් හදන්න. වියදමත් අඩුයි. ත්‍රීරෝද හා පාපැදි ඒවායේ දාවනය කරන්න නීති ගෙනෙන්න. තදබදයත් අඩුවෙලා වාහන වේගයත් වැඩිවේවි. (නි)

:       0       0

සරත් Wednesday, 11 November 2015 10:34 AM

මග නැගුම යටතේ බස් රථ දෙකක් පහසුවෙන් ගමන් කල හැකි ව තිබු මාර්ග කර්පට් කිරීමේදී පාරේ පළල අඩු කිරීම නිසා දැන් බස් රථ එකකටවත් ගමන් කල හැකි තත්වයක් නොමැත .තවද ඒ පාරවල් ද වසර දෙකක් වැනි සුළු කාලයක් තුල ගිලා බැස හෝ සෝදා ගෙන ගොස් ඇත . අපට කල හැක්කේ ,මෙවන් මහජන මුදල් විනාශයන් කල මහාමාර්ග ලොක්කන්ගේ මතු ආත්ම වලට පින් දීම ම පමනකි. උදා : මහනුවර 621 මාර්ගය. (ස)

:       0       0

උපාලි Wednesday, 11 November 2015 10:49 AM

කාපට් කල පාරවල් ඕන ඕන විදිහට කඩන්න ඉඩ දෙන්න එපා. අදත් මම දැක්ක කාපට් පාර හිල් කරනවා කොඩි වගයක් දමන්න. ඇතුල් කෝට්ටේදී මේවා ජාතික අපරාධ. (ස)

:       0       0

රුවන් Wednesday, 11 November 2015 11:01 AM

වේදිකාවල කියපු බොරු වලට 621 මාර්ගය පමණක් නොව රටම ගිලී ඇත. (ස)

:       0       0

නිමල්ලලිත Wednesday, 11 November 2015 11:22 AM

සරත්, උපාලි, රුවන් මතුන්ගේ අදහස්වලට පිං. (ර)

:       0       0

මාරසිංහ Wednesday, 11 November 2015 11:35 AM

ඇයි 621 මාර්ගය විතරක්......කෙන්ගල්ල - මල්පාන 10කනුව මාර්ගය(කි.මී 2.3) ඇස්තමේන්තුව රුපියල් ලක්ෂ 593 මේ මුදල් කොහාටද ගියේ?(ම)

:       0       0

නුවන් Wednesday, 11 November 2015 12:02 PM

පාරවල් ඔක්කොම ජරා වෙලා. පදිකවේදිකාවේ කුණු එකේ හලලා යනවා. තනකොල වැවිල. මේවා හරියට නඩත්තු කරන්න. ඒවගේම පාරවල් ජරා කරන යට නීති ක්‍රියාත්මක කරන්න. (අ)

:       0       0

අජිත් Wednesday, 11 November 2015 12:14 PM

පාරවල් දෙපැත්තේ තියෙන කානුත් හරියට සුද්ද කරන්න.මදුරුවෝ පිරිලා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site