IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පෙර පාසල් දරුවන්ගේ කෑම වේලේ ගාණ වැඩි කරයි

(අංජුල මහික වීරරත්න)

මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන- පෙර පාසල් දරුවන් සඳහා උදෑසන ආහාර වේල ලබා දීමේ වැඩසටහන සඳහා වෙන් කෙරෙන මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මුල් ළමා විය සංවර්ධනය පිළිබඳව ජාතික ලේකම් කාර්යාලය විසින් 2017 වර්ෂයේ සිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික මඟ පෙන්වීම යටතේ අඩු බර සහිත දරුවන් වැඩි ප්‍රතිශතයක් සිටින මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන පෙර පාසල් දරුවන් සඳහා උදෑසන ආහාර වේල ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි. 

දැනට එක් දරුවෙකු සඳහා දිනකට රුපියල් 60/-ක් ලබා දෙනු ලබන අතර, 2025 වර්ෂය තුළ දරුවන් 155,000කට පමණ ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කෙරේ. 

වර්තමානයේ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් එක් දරුවෙකු සඳහා දිනකට වෙන් කර ඇති රුපියල් 60/- ක මුදල ප්‍රමාණවත් නොවන බැවින්, එම මුදල රුපියල් 100/- දක්වා වැඩි කිරීමටත්, " අඩු බර සහිත දරුවන් වැඩි ප්‍රතිශතයක් සිටින පෙර පාසල්" යන නිර්ණායකය පදනම් කර ගෙන තෝරා ගනු ලබන මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන / පෙර පාසල් වල එම වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කිරීමටත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

පෙර පාසල් දරුවන්ගේ කෑම වේලේ ගාණ වැඩි කරයි

prabash Thursday, 19 December 2024 01:49 PM

වැඩි කළා වගේම වැඩි කරපු මුදලට හරියන කෑම එක දියුණු වෙලාද කියලා බලන්න ඕනේ. නැත්නම් වැඩි කළ මුදල කෑම සපයන අයට සහ තවත් පිරිසකට විතරක් වාසිදායක වෙයි. ළමයින්ට පරණ කෑම එකම ලැබෙයි. අනික තමයි පහුගිය කාලයේ ළමයින් ගොඩක් මේ කෑම එක කාලා ලෙඩ වුණා. ඒවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු බලන්න ඕනේ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site