IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම මාරපන බාරගත යුුතුයි‘

කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී ඇතිවූ සිද්ධියේදී ප්‍රචණ්ඩ ලෙස හැසිරුණේ සිසුන් නොව පොලිසිය යැයි ජනතා විමුක්ති පෙරමුණ කියයි.

ප්‍රහාරයේ වගකීම මුළුමනින්ම භාරගත යුත්තේ පොලිසිය බාර ඇමැතිවරයා යැයිද එම පෙරමුණ කියයි.

ප්‍රහාරයෙන් පසු අවම බලය යෙදූ බව කියන පොලිසිය මීට පෙර හලාවතදී කටුනායකදී මෙන්ම රතුපස්වලදීත් අවම බලය යොදා ජීවිත විනාශ කළ බව ජවිපෙ මූලස්ථානයේදී අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොලිසියේ අවම බලය ඝාතනය දක්වා විහිද යන බවද හෙතෙම කීවේය.

පොලිස් කැරලි මර්දන පාඨමාලාවේදී බැටන් ප්‍රහාර එල් කිරීමට දැනුවත් කර ඇත්තේ ඉනෙන් පහළ ඉදිරිපසින් හා වම් පසින් නමුත් පොලිසිය ඔළුවට පහර දෙන අවස්ථා මෙහිදී දක්නට ලැබූ බවද ජවිපෙ නායකයා පැවසීය.

JVP_20151110875



අදහස් (0)

‘ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම මාරපන බාරගත යුුතුයි‘

සීබා Sunday, 01 November 2015 10:24 AM

අපි බලාගෙන හිටියේ මොකද තාම සද්ධයක් නැත්තේ කියලා.? (ර)

:       0       0

සිසිර Sunday, 01 November 2015 10:35 AM

ඔබ තුමා කිව්වම භාරගනියිද.? (ර)

:       0       0

කුරුවිට Sunday, 01 November 2015 10:46 AM

අනේ මම දන්නේ නැහැ. (ර)

:       0       0

අකිල Sunday, 01 November 2015 10:59 AM

අනේ මන්දා මොනා කියන්නද. (ර)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Sunday, 01 November 2015 11:04 AM

මොකද මේ එකපාරටම කිබුල් කදුළු හලන්න අරගෙන තියෙන්නේ. (ර)

:       0       0

උපුල් Sunday, 01 November 2015 11:06 AM

කොහොම උනත් මේ රටේ යමක් ඉගන ගත්තු ළමයි. (ර)

:       0       0

සනත් Sunday, 01 November 2015 11:41 AM

දවල් හීන දැක දැක ඉඳලා දැන්ද සහෝදරයට ඇහැරුනේ? දැන්වත් ශිෂ්‍ය ප්‍රජාව කඩේ යවන එක නවත්තලා එයාලට ඉගෙනගන්න දෙනවා. අපේ රට ආපස්සට යන්න ඔය මහා ලොකු විප්ලවවාදී පක්ෂයත් ලොකු හේතුවක්.(රේ)

:       0       0

ගාල්ලගේ නිසංක Sunday, 01 November 2015 11:43 AM

ඔයාලද ඒ ළමයින්ව උසි ගන්වලා පාරට දැම්මෙ? එහෙම නම් වගකීම බාර ගන්න ඕනෙ ඔයාලයි.(රේ)

:       0       0

ෆර්සාන් Sunday, 01 November 2015 11:50 AM

මෙයා මේ දේශපාලන ස්ථාවරයට එන්නත් එදා මෙදා තුළ මෙවන් මෝඩ තරුණ ජීවිත කොපමණ බිලිදෙන්න ඇතිද (බ)

:       0       0

සුමේධ Monday, 02 November 2015 02:25 AM

අනුර මහත්තයාා මේ සිද්ධිය වෙන වෙලාවේ ළඟපාතක හිටියද? මම නම් කියන්නේ අන්තරේ අයටයි අසාධාරණයට ලක්වෙන ශිෂ්‍යයන්ටයි පහසුවෙන් විරෝධතාවල නිරතවීම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය වැනි ආයතන ජනශූන්‍ය ප්‍රදේශවල ස්ථානගත කරන්න කියලා පාර්ලිමේන්තුවෙදි ඉල්ලීමක් කරන්න කියලයි. (නි)

:       0       0

සිරිසේන Sunday, 01 November 2015 12:04 PM

කතාවට නම් දක්ෂයි. (ර)

:       0       0

ඇඩම් Sunday, 01 November 2015 12:18 PM

ඔබලාගේ පාලනයක් ඉක්මනට එයි. (ර)

:       0       0

දනුක Sunday, 01 November 2015 12:46 PM

මෙතන තියෙන්නේ පණ්ඩිත අදහස් දාන්න නෙමෙයි. (ර)

:       0       0

ප්‍රසන්න Monday, 02 November 2015 03:03 AM

ඔබතුමා කලබල වෙන්න එපා. අපි මේක බලාගන්නම්. (නි)

:       0       0

තිලකසිරි Monday, 02 November 2015 03:13 AM

මම නම් මෙතුමාගේ පැත්තේ (නි)

:       0       0

රෝහණ Monday, 02 November 2015 03:30 AM

රිචි බාලසුරිය ,ෆර්සාන් ,ලියොන් ගුණවර්ධන යන අයගේ අදහස් අනුමත කරමි. නිදහස් අධ්‍යාපනයෙන් නිසි ප්‍රයෝජන ගන්නේ නැතුව ළමයින් මේ විදියට උසිගන්වන අය ගැන නම් මගේ අනුකම්පාවක් නැත. නමුත් පොලිසියෙන් පහරදුන් එක නම් වැරදියි. (නි)

:       0       0

නිශාන්ත Sunday, 01 November 2015 03:07 PM

මෙයාලගෙන් රටට වැඩකුත් නැහැ ගමට වැඩකුත් නැහැ.ලබන පර තියෙන චන්ද ටිකත් නැති කර ගන්නවා ...(රේ)

:       0       0

අරුණෝද Sunday, 01 November 2015 03:21 PM

ලංකාදීප පුවත්පතේ පළවූ එම ඡයාරූපවල සිටින පොලිස් නිළධාරියාට එරෙහිව වහා නිතීමය ක්‍රියාමාර්ග ගෙන පෙන්වනතුරු අනෙක් පොලිස් අයවලුන් කිසිදා පාඩමක් ඉගෙන ගන්නේ නැත. (අ)

:       0       0

ජයන්ත Monday, 02 November 2015 04:37 AM

මට නම් ඔය කිසිකෙනෙක් අතර දැන් වෙනසක් පෙනෙන්නේ නැහැ (නි)

:       0       0

ඉසුරන්දි Monday, 02 November 2015 04:57 AM

දේශපාලකයෝ උසස් අධ්‍යාපනයට ඇඟිලි ගහන්න ගහන්න නිරපරාදේ අහිංසක දෙමාපියන්ගේ දුවාදරුවෝ අතරමං වෙනවා.අද විශ්ව විද්‍යාල දේශපාලනීකරණය වෙලා තියෙන්නේ අනවශ්‍ය ඇඟිලි ගැසීම් හේතුවෙන්. (නි)

:       0       0

දමිත් Sunday, 01 November 2015 05:18 PM

මේ රටට අවශ්‍ය මේ වගේ පුදගලයින්. අධ්‍යාපනය වෙනුවෙන් කතා කරන මිනිස්සු.. නුගත් මිනිස්සුන්ට වඩා.....(රේ)

:       0       0

ලියොන් ගුනවර්ධන Sunday, 01 November 2015 05:33 PM

කැරලි මර්ධන හමුදාවේ සෙබලකු සේ සැලකිය හැකි මෙම පොලිස් භටය කැරැල්ල මැඩලීම සඳහා තම රාජකාරිය කළා.එබැවින් දඩුවන් දිය යුත්තේ මෙම අසරණ සිසුන් නොමග යවා නීති විරෝධීව පාරට බැසීමට යොමුකළ අයටයි (රේ)

:       0       0

සමීර Sunday, 01 November 2015 05:52 PM

බොරුවට කිඹුල් කදුළු හලනවා....(රේ)

:       0       0

ඇසළ Sunday, 01 November 2015 09:25 AM

මේ සිද්ධියේ දෙපැත්තක් තියෙනවා.පොලිසිය ළමයින්ට ගහපු එකත් වැරදි ළමයි උද්ඝෝෂණය කරපු එකත් වැරදි.(හේ)

:       0       0

සේන Sunday, 01 November 2015 06:40 PM

ඇත්තටම ජේ.වී.පී එකෙන් රටට යහපතට වඩා සිදුවුණේ අයහපතක්. මේක තමා රටේ ජනතාවට වැටහී තිබෙන තිත්ත ඇත්ත. (නි)

:       0       0

සුරියආරච්චි ස්ටැන්ලි Sunday, 01 November 2015 06:44 PM

පොලිස් නිලදාරීන් ක්‍රියා කරන්නේ උසස් ඉහළ නිලධාරීන් දෙන අණ හෝ විධාන වලටය. එනිසා මේ පොලිස් නිලධාරීන් අහිංසක බව මගේ අදහසයි. (නි)

:       0       0

ධම්ම Sunday, 01 November 2015 09:31 AM

හා.. හා.. අමාරුවෙන් ගොඩ දා ගත් ආණ්ඩුවට රිදෙයි. කෑ ගහන්න එපා මහත්තයෝ. (හේ)

:       0       0

කුමාර Sunday, 01 November 2015 09:37 AM

අැයි එයා විතරක් ? ඔබලාත් කඩේ ගියානේ වෙනසකට. (බ)

:       0       0

සුගත් Sunday, 01 November 2015 09:39 AM

මෙච්චර දවස් කොහෙද හිටියේ මහත්තයෝ. කලින් ආණ්ඩුවෙන් ඕක කළානම් එදා හවසම ඔය ගිරිය පුප්පන් කෑ ගහල....(බ)

:       0       0

සුසන්ත Sunday, 01 November 2015 07:32 PM

මේ රටේ ඉන්නේ කටු ලෙවකන්න කැමති අය මිසක් සටන් කෙරීමට කොන්දක් ඇති අය නොවන බව කොමෙන්ට් දැක්කම පේනවා. (රේ)

:       0       0

රිචි බාලසුරිය Sunday, 01 November 2015 09:59 AM

එකී නෙකා මෙම සිද්ධිය දෙස බලන්නේ එක එක ආකාරයට , අදහස් දෙන්නේ ඔවුන්ගේ බුද්ධිය අනුව , සහ ඔවුන්ගේ දේශපාලන වටපිටාව අනුව , කෙසේ වෙතත් සැමදා සිදුවන්නේ බංකොලොත්වූ විප්ලවවාදීන් හෝ විමුක්තිවාදීන් කියා ගන්න කොටසක් , අහිංසක සිසුන්ගේ කර මතින් තම අදහස් ක්‍රියාවට ගෙනයන්ට තැත් කිරීමේ ප්‍රතිපලයකි , මේවා සිදුවන්නේ නොදියුණු ලෝකයේ සිසුන් මුලා කිරීමට සිටිනා කොටසක් නිසාය (බ)

:       0       0

දනුක Sunday, 01 November 2015 10:20 AM

සහෝදරයා ලංකාවේ පොලිසියේ කොහෙද මොලේ තියෙන අය ?????.....(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 470 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site