
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයට සහාය පළ කරන ‘ටී.ආර්.එෆ්’ නමැති ත්‍රස්ත කල්ලිය විසින් බාරගනු ලැබ ඇත.
‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානය, පාකිස්තාන රජයේත් එරට බුද්ධි අංශයේත් සහාය ලබන ත්‍රස්ත සංවිධානයක් යැයි ඉන්දියාව චෝදනා කරයි. එල්ල වුණු එම ත්‍රස්ත ප්‍රහාරය ජම්මු කාශ්මීරයේ සිදුවුණු දරුණුතම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස ද සැලකෙයි.
ත්‍රස්තවාදීන් කළ වෙඩි තැබීමෙන් 28 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු අතර, 18 දෙනකු තුවාල ලැබූ බව වාර්තා වේ. තුවාලකරුවන් කඩිනමින් හමුදා හෙලිකොප්ටර් මගින් රෝහල්වලට රැගෙන යෑම සිදුවිය.
ඉන්දීය නාවික හමුදාවේ ලුතිනන්වරයකු වන 26 හැවිරිදි විනෙයි නර්වාන් නමැති නිලධාරියා ද සංචාරකයකු ලෙස බිරිඳ සමග නිවාඩුවක් සඳහා පහල්ගම් පළාතට පැමිණ සිටි අතර, වෙඩි ප්‍රහාරය එල්ල වෙද්දී ඔහු ද ජීවිතක්ෂයට පත්විය. නර්වාන් හර්යානා ප්‍රාන්ත වැසියෙකු බවත්, ඔහු විවාහ වී ඇත්තේ මීට දින සත් දිනකට පෙර බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පවසා ඇත.
ඉන්දු කාශ්මීරයට ගිය ඉන්දීය සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු දරුණුතම වෙඩි ප්‍රහාරය ලෙස ද මෙය සැලකෙයි.
2025 දෙසැම්බර් මස 18
12
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රහාරයේ වගකීම බාර ගනී
ගුණරත්න Wednesday, 23 April 2025 03:57 PM
මෝදි අගමැතිතුමනි ත්‍රස්තවාදීන් සොයා වනසා දමන්න...
JanahithaThursday, 24 April 2025 08:03 AM
හා ,ලංකාවේ හොරු අල්ලනවා වගේද ?
Modi Thursday, 24 April 2025 08:04 AM
හා
Asela Wednesday, 23 April 2025 06:22 PM
ඉන්දියාවේ දේශපාලන පක්ෂ බලයට පත්වීම සඳහා මෙය කරන බව අනුර නොකියන්නේ ඇයි...?
prasanna Thursday, 24 April 2025 12:03 PM
ජෙප්පෝ මේකත් රාජපක්ෂලාගේ වැඩක් කියලා FB එකේ පෝස්ට් දමාවි.