IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පැරිස් ශිෂ්‍යත්ව මෙවර මිනුවන්ගොඩදී

ශ්‍රී  ලංකාවේ අඩු ආදායම් ලාභී පවුල්වල දරු දරුවනට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ උත්සවය පසුගියදා මිනුවන්ගොඩ පීල්ලවත්තේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී  පැවැත්විණි.

ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත ශ්‍රී ලංකා අධ්‍යාපනික, සංස්කෘතික සහ සුභ සාධක සංවිධානය ශිෂ්‍යත්ව ප්‍රධානය සංවිධානය කරයි.

ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක  පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි 19 වැනි වතාවටත් පවත්වන ලද මෙම ශිෂ්‍යත්ව ප්‍රදානයේදී සිසු සිසුවියෝ 40 දෙනෙක්  ශිෂ්‍යත්ව ලදහ.

තවත් සිසුන් 50 දෙනෙකුට එක අයෙකුට රුපියල් 4000 බැගින් මුදල් පරිත්‍යාග කැරිණි.

මෙම පරිත්‍යාගය සඳහා පුර්ණ දායකත්වය සපයන ලද්දේ ප්‍රංශයේ ජීවත්වන ශ්‍රී ලාංකික, ලාඔස් සහ වියට්නාම් ජාතික පින්වතුන් විසිනි.

කැළණි විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මල්වානේ චන්දරතන හිමියෝ උත්සවයේ මුලසුන හෙබැවුහ.

විද්‍යෝදය මහා පිරිවෙනෙහි අධිපති රාජකීය පණ්ඩිත බලන්ගොඩ සෝභිත හිමි විශේෂ අනුසාශනාවක් පැවැත්වුහ,

ප්‍රංශයේ සිට පැමිණ සිටි ශ්‍රී ලාංකික, ලාඕස, වියට්නාම් සහ ප්‍රංශ ජාතිකයෝ රැසක් මේ අවස්ථාවට එක් වුහ.

 

 



අදහස් (0)

පැරිස් ශිෂ්‍යත්ව මෙවර මිනුවන්ගොඩදී

අසෝකා Sunday, 29 December 2013 09:59 PM

නැණ ගුණ පිරුණු දරුවන් ලෝකෙට දෙන්න ගන්නා මෙහෙවරට අපේ තුති පුද මෙන්න.(නදී)

:       0       0

අමරසේන Monday, 30 December 2013 07:19 PM

මේ අපේ පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවන්ගේ, ගුරු ලොකු හාමුදුරුවෝ නේද?. අපේ සිරිධම්ම හාමුදුරුවෝ වගේ ගෝල හාමුදුරු කෙනෙක් සසුනට දායාද කලාට, පරවාහැර නායක හාමුදුරුවන්ට ගොඩක් පින්. (නදී)

:       0       0

සිල්වා පැරිස් Monday, 30 December 2013 01:03 AM

පරවාහැර චන්ද්‍රරතන හිමියන්, එඩිතර ඝෘජු තීරණ ගන්නා හිමිනමකි. වසරක් පාසා සිදුකරන මෙම අගනා මෙහෙවර,මීටත් වඩා හොදින් ඉදිරියේදී කරගෙන යාම සදහා උන්වහන්සේට තව තවත් ශක්තිය ලැබේවා! චිරං ජයතු.(නදී)

:       0       0

රෝහිත සමරකෝන් Monday, 30 December 2013 02:48 AM

අපේ චන්ද්‍රරතන හාමුදුරුවන් ගැන අපි දන්නවා. උන් වහන්සේ කරන මේ උතුම් සේවය අපි හැමදාම අගය කරනවා.(නදී)

:       0       0

ජගත් වික්‍රම ආරච්චිලාගේ Monday, 30 December 2013 06:20 AM

අපේ හාමුදුරුවන්ගේ ධර්ම දුත මෙහෙවර ගැන ආඩම්බරයි. නොසැලෙන අධිෂ්ඨාන ශක්තියට අපේ ප්‍රණාමය. (නදී)

:       2       3

වීරසේකර Monday, 30 December 2013 09:51 AM

අප හාමුදුරුවෝ නැවතත් පීල්ලවත්ත පන්සලට ආපු එක ගැන අපි සතුටු වනවා ,(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site