ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අධීක්ෂණය යටතේ 2013 වසරේ පස්වන දරුවා බිහිකළ පින්වත් මව්පියන් ධෛර්යමත් කිරීම වෙනුවෙන් වසර 17 ක් පුරාවට නොකඩවා මාසිකව රුපියල් 5000 බැගින් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙයි.
එම අරමුදලේ ප‍්‍රථම ආධාර ලබා දීම පසුගිය දා ගල්කිස්සේ වටරපප්පල පාරේ බෞද්ධ ආයතනයේ දී කොලඹ නව කෝරළයේ ප‍්‍රධාන සංඝනායක ගල්කිස්ස බෞද්ධ ආයතනාධිපති දිවියාගහ යසස්සී නායක මාහිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණී.
මෙම උත්සවයේ දී ජ්‍යෙෂ්ඨ අමාත්‍යංශ ලේකම් පරවාහැර චන්දරතන පුණ්‍යභාරයේ ලේඛකාධිකාරී මහින්ද මඩිහේහේවා මහතා විසින් මෙම පසවි දරු දිරි අරමුදල පිළිබඳවත් එම අරමුදල පිහිටුවීමේ අරමුණ පිළිබඳවත් කරුණු පැහැදිලි කළේය.
හෝකන්දර විජයානන්ද ධර්මායතනාධිපති හබරකඩ ඉන්දරතන නාහිමි පරවාහැර චන්දරතන නාහිමියන්ගේ විශේෂ ප‍්‍රකාශය කියවන ලද අතර අතර කොලඹ විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා දේශනයක් ද පැවැත්වීය.
2013 වසරේ පස්වන දරුවා බිහිකළ පවුල් හතකට කට මෙදින මාසික ආධාර ලබා දුන් අතර මහනුවර වජිරාරාම විහාරස්ථානයේ භික්ෂුන්ට ලැබෙන පිරිකර එම උත්සවයට සහභාගිවූ සෑම පවුලකටම පරිත්‍යාග කිරීම ද මෙදින විශේෂ සිදුවීමක් විය.
උත්සව සභාවට එදින සහභාගිවූ භික්ෂුන් වහන්සේ සහ පින්වතුන් පසවීඅරමුදල මඟින් සම්පත් බැංකුවේ ආරම්භ කර ඇති 0070 6000 0144 යන විශේෂ ගිණුමට මාසිකව මුදල් බර කිරීමට කැමැත්ත පලකළ අතර බොහෝදෙනා එදිනම ආධාර මුදල් විශාල ප්‍රමාණයක්ද පරිත්‍යාග කළහ. පුජ්‍ය පරපේ හිමියන් විසින් එම අවස්ථාවේ රුපියල් 5000ක මුදලක් අරමුදල වෙත පරිත්‍යාග කිරීමද එදින සිදුවිය.
2025 දෙසැම්බර් මස 18
612
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැරිස් පන්සලෙන් දිරි දරු අරමුදල
කටුවන සමිත Friday, 25 October 2013 12:31 AM
බොහොම පින් වැඩෙන උතුම් පින්කමක්.මෙවැනි උතුම් පුණ්‍යකර්ම කරන්න ඔබ වහන්සේලාට ශක්තිය ධෛර්යය ලැබේවා!! (නි)
ජ.ප්‍රසන්න පොල්වත්ත Saturday, 26 October 2013 10:11 AM
සිංහල ජාතියෙට ඉතා අනර්ග සේවයක්. (නදී)
සූජා දහනායක Friday, 25 October 2013 02:37 PM
තව ඉදිරියටත් මෙවන් උදාර කටයුතු කරන්නට ශක්තිය ලැබේවා .(නදී)
පිටිගල මිලානෝ Wednesday, 23 October 2013 12:09 PM
පින්වත් චන්දරතන හිමියන් ලංකාවේ අධ්‍යාපන දුෂ්කරතා ඇති ළමුන් රාශියකගේ දෑස් පාදා දුන් මුනිවරයෙකි. (නි)
රෝහණ Thursday, 24 October 2013 02:11 PM
ඔබ වහන්සේට දීර්ඝායු වේවා(දිල්)
කුමුදිණී රත්නායක Friday, 25 October 2013 11:09 AM
ඔබ වහන්සේගේ උතුම් ගුණ කියා නිම කළ නොහැකියි.ඔබ වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා... (ස)
නිල්මිණි Wednesday, 23 October 2013 02:11 PM
හොඳ වැඩක්.. (ස)