ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ සේවය ලබාගැනීමට පැමිණෙන පිරිසට වෙන්කර ඇති අමුත්තන්ගේ කාමරයේ ප‍්‍රයෝජනය සඳහා ප‍්‍රංශයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජාත්‍යන්තර පැරිස් ශාඛාව රූපවාහිනියක් පිරිනැමීය. සංවිධානයේ සභාපති ඬේමියන් පීරිස් මහතා ප‍්‍රමුඛ පිරිස. ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා එම යන්ත‍්‍රය බාර දුන්නේය.
ජාතික ජනබලවේගය හම්බන්තොට නගර සභාවේ සභික ධුර 21 න් 8 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.
ස්වාධීන කණ්ඩායමට හපුතලේ නගර සභාවේ බලය හිමිවූ අතර එම කණ්ඩායමට එම නගර සභාවේ සභික ධූර 11 න් 5 ක් හිමිවිය.
ජාතික ජනබලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල නගර සභාවේ සභික ධූර 19 න් නවයක් දිනාගැනීමට සමත්විය.
දිස්ත්‍රික් ප්‍රතිඵල සකස් කරන මධ්‍යස්ථාවලින් ලැබෙන ප්‍රතිඵල මැතිවරණ කොමසාරිස් කාර්යාලයට එවීමෙන් පසුව මැතිවරණ කොමිසම එය අනුමත කිරීමෙන් පසුව තේරීම්
කිලිනොච්චිය සෙල්වනගර් ඡන්ද මධ්‍යස්ථානය අසලට කඩුවක් සහ පිහියක් රැගෙන පැමිණි පුද්ගලයින් දෙදෙනකු අද (06) අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පැරිස් තානාපති කාර්යාලයට රූපවාහිනියක්
මංගල Monday, 25 June 2012 10:38 PM
ඩේමියන් මහත්තයා මොකාට හරි එනන් හදනවා වගේ මට නම් පේන්නෙ.
කිරිමාටින් Monday, 25 June 2012 04:26 PM
ටීවී නම් මොනවද මෙයා....
ආච්චි Monday, 25 June 2012 10:27 AM
අනේ අපේ ගෙදරට ඔය රෑප පෙට්ටිය ගෙනත් දාන්න තිබුණනෙ.. අපිව බලාගන්න කවුරැත් නෑනෙ....
සංජය Sunday, 24 June 2012 06:32 PM
ඒරොප්පෙට මේවා පොඩි දේවල් නේ
හොද පුතා Monday, 25 June 2012 10:48 AM
මීට වඩා අර්ථවත් නැද්ද මේක ලංකාවේ ඈත ගමක ප්‍රජා ශාලාවකට දුන්න නම්.
සමීර Monday, 25 June 2012 10:23 AM
මේවා තමයි හතර හිනා කියන්නේ.................
කුමාර Monday, 25 June 2012 10:29 AM
රූපවාහිනියක් මොකටද පැරිස් තානාපති කාර්යාලයට ????
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 24 June 2012 08:38 PM
මෙහි වෙනත් යටි දේශපාලනික අරමුණු ඇතත් නැතත් සිදුකළ ක්‍රියාව හොඳයි.අද සෑම දෙයකටම දේශපාලනය ගෑවී තිබේ. රටක තානාපති සේවයද නිසි සුදුසුකම් සහිත අය මිස දේශපාලක ගැතිභාවය මත රඳා පැවතීම රටක යහ පැවැත්මට හිතකර නොවේ.
කැටවල Tuesday, 26 June 2012 03:20 AM
මම මේ ඉතාලියේ ඉදන් අහන්නේ.ඔයාලා ලංකාවේ කොයි හරියෙද?
චමිලා Monday, 25 June 2012 11:49 AM
බොන්න වතුර නෑ.......මෙන්න කරන වැඩ ????
ගාමිණී KUWAIT Tuesday, 26 June 2012 03:12 AM
බොහෝ දෙනෙකුට සිනහ ගියෙත්, කේන්ති ගියෙත්, මොකද දන්නවද? ඒ අයට දිරවන්න බැරි පක්ෂයක නමක් තිබුනනෙ.ඔක ඒ අයට දිරවන අය ගෙනත් දුන්නා නම් අන්න නියම සමාජ සේවයක් කියලා කියයි.
මන්ගි Monday, 25 June 2012 12:00 PM
ලෝකේ දුප්පත්ම තානාපති කාර්යයාලයද ඒ....ටී.වී. එකක්වත් ගන්න සල්ලි නැත්තේ......
රක්ෂ Sunday, 24 June 2012 09:08 PM
අපිට TV එකක් හම්ම්බවෙලා .....TV එකක් හම්ම්බවෙලා...
හසන්ති දිසානායක Monday, 25 June 2012 11:38 AM
පහුගිය දවස් වල ගත්ත ලී බඩු, කරපු රෙපෙයාර් වල කොමිස් වලින් ගන්න තිබුනනේ....
ශාන්ත Monday, 25 June 2012 11:42 AM
??????????????
ගයාන් Monday, 25 June 2012 12:34 PM
මේක නිව්ස් එකක් වුනේ ඇයි?
අජිත් Monday, 25 June 2012 12:44 PM
එයාලට පිස්සුද? නැත්නම් කියවන අපට පිස්සුද? අනේ මන්දා
ජිනලාල් Monday, 25 June 2012 12:15 PM
මගේ ඡායාරූපෙත් දාන්න පුලුවන්ද?
සුභාෂිනි Sunday, 24 June 2012 09:42 PM
එච්චර වෙන්නැති අඩුවකට තිබුනේ
සමීර Sunday, 24 June 2012 09:50 PM
අයියෝ අයියෝ....... කොහොම උනත් රටම ගිලින හොරු ඉන්න කාලේ මේ පරිත්‍යාගය අගය කරමි.
චමින්ද Monday, 25 June 2012 07:03 PM
මේ දේ කරන්න ඕන වැඩක්. මන්ද ප්‍රංශය වේවා ඉන්දියාව වේවා තානාපති කාර්යාලයකට මුදල් වෙන් කරන්නෙ රුපියල් වලින්. සියලුම තානාපති කාර්යාල වල වැය වන්නෙ ජනතාවගෙ මුදල්. තානාපති කාර්යාලයකට හිතු පරිදි මුදල් වැය කිරිමට බැරි බව කියමින් ඉහත කමන්ට් දාපු අය වැස්සකටවත් පාසැලකට ගියෙ නැද්ද?
ලාල් හේරත් Monday, 25 June 2012 06:29 PM
මාගාවත් තියෙනවා අගල් 14 කලු සුදු රෑපවාහිනයක් මේ දුප්පත් තානාපති කාර්යාලයට දෙන්න... මම ආවාම මගෙත් ලොකු පිංතූරයක් ගන්න ඕන ඔබත් සමග.. ඒක වැරදිද?
නිල් පැරිසිය Monday, 25 June 2012 07:22 PM
මෙය ඉතා වැදගත් වැඩක්. ප්‍රංශ තානාපති කාර්යාලය වසර 50ක් පමන පැරණිය. මහජනයා රැදි සිටින ශාලාව තුල සවි කිරිම ගැන අපි ඉතාමත් සතුටු වෙමු. ඉතිහාසයේ පලමු වතාවට මෙවැනි දෙයක් කළේ මෙය රජය විසින් කළ යුතු දෙයක් නිසාය. මේ කළ දෙය අගය කළ යුතුය.
තිලක් Sunday, 24 June 2012 09:31 PM
රූපවාහිනියක් මොකක්ද ප්‍රංශයට
නිපුණ Tuesday, 26 June 2012 08:28 AM
වැඩේ නම් හොඳයි. ඒත් ඕක ඔය තරම් දෙයක්ද?
සමන්සිරි Monday, 25 June 2012 06:58 PM
ලක්ෂයක් පමන වටිනා ටිවි ඵකක් දුන්නහම ඒක අගය කරන්නේ නැත්තේ ඇයි? ඊරිසියාව බුද්ධ ධර්මයේ නැති බව දන්නේ නැද්ද...
අයියෝ සල්ලි Monday, 25 June 2012 01:30 PM
මෙච්චර කාලෙකට එකක් තිබුණේ නැද්ද එහේ?
ලක්ෂිත Sunday, 24 June 2012 10:14 PM
සංජය, ඔයා මොකුත් දුන්නේ නැහැනේ.පොඩි වුණත්, ලොකු වුණත් දුන් දේ සුවදයි
ඒ.එස්. Monday, 25 June 2012 12:51 PM
අයියෝ සල්ලි
වීරක්කොඩි Monday, 25 June 2012 07:00 PM
පත්තරේ දාන්නම වැඩක් ඕක.. බොරැවට.. පැරිසවල මොනවා කරන්නද? බොරැ වැඩ...
සරනී Monday, 25 June 2012 07:40 PM
අනිශ්චං දුක්ඛේ!.
මළසමයන් Tuesday, 26 June 2012 08:56 AM
අපි අපේ පාසලට ටීවී එකක් අරන් දුන්නා.ඒත් කවුරුවත් අපිව පත්තරේට දැම්මේ නෑනේ.අනේ ඇයි ඒ?
ජයලත් Sunday, 24 June 2012 11:51 PM
මේවත් වැඩද?
සූරියප්පෙරුම Monday, 25 June 2012 12:18 AM
බලන්න හසන්ත, කොච්චර ලොකු වැඩක්ද මේ කරල තියෙන්න. මට ස්තූති කරන්න වචන නෑ. ප්‍රංශය වගේ රූපවාහිනී හිඟ රටවල තියෙන තානාපති කාර්යාලවලට අපි තව රූපවාහිනී දෙන්න ඕන හසන්ත. මට නම් හරි ආඩම්බරයි මේ කට්ටිය කරපු වැඩේ ගැන.
මාතර මල්ලි Monday, 25 June 2012 08:21 PM
රූපවාහිනී සංස්ථාවම ලැබුණා නගේ සතුටක් තමයි මුහුණු වල තියෙන්නේ.අපිටත් සතුටුයි
අලි ජෙමා Sunday, 24 June 2012 11:47 PM
දැන් ඉතිං ටීවී එක බලලම නිදා ගන්න පුලුවන්නේ
ජේ.ජේ Monday, 25 June 2012 12:35 AM
මොකක්ද මේකේ වැදගත්කම ?
මධු Monday, 25 June 2012 02:02 AM
පත්තරේ දාන්නම වටින ප්‍රවෘත්තියකි
අසන්ක Monday, 25 June 2012 02:33 AM
මේක හුදෙක්ම ප්‍රසිද්ධියට කරපු දෙයක් කියලයි මට නම් හිතෙන්නේ
කිරිමාටින් Monday, 25 June 2012 02:56 PM
හසන්ත හරි.
ඔසද Monday, 25 June 2012 03:27 AM
අනේ, මට නම් බලන්නත් දුකයි
ඕසද Monday, 25 June 2012 03:27 AM
මෙතරම් දියුණු රටක්... අනේ මන්දා, බලන්නත් දුකයි
සුජිත් Monday, 25 June 2012 03:15 AM
බොහොම අගේ වැඩක්...මෙහෙමත් රටක්...අයියෝ අයියෝ.....
සුජිත්. Monday, 25 June 2012 03:15 AM
බොහොම අගේ ඇති වැඩක් මේක.අයියෝ....
සමන් Monday, 25 June 2012 03:57 AM
අනේ පවු දුප්පත් මිනිස්සු.
චමින්ද - සෞදි අරාබිය Monday, 25 June 2012 03:11 PM
මේක සල්ලි දීල ලංකාදීප පත්‍රයට දැම්මනම් කමක් නැ. නැත්තන් ලංකාදීපයටත් පිසුද මේවගේ සිල්ලර වැඩවලට පත්‍රයෙන් ඉඩ දෙන්න. කරනවම් නම ගන්න ඕන තරම් සමාජසේවා වැඩ තියනවා. OPERATION කරන්න බැරුව ලතවෙන අහිංසක මිනිස්සු කොතරන්නම් ඉන්නවද පිහිට පතන. ඒවගේ දෙයකට මේ ඉඩ වෙන්කලනම් කොතරම් අගේද
දර්ශන තරංග Monday, 25 June 2012 06:09 AM
මට නම් මේකට හොඳටම හිනා
අරුණ Monday, 25 June 2012 06:40 AM
ඔය රටවල ටීවී ඕනි තරම් තියෙනවා පාරෙන් උණත් අහුලලා ගන්න
නිල් පැරිසිය Tuesday, 26 June 2012 05:16 PM
නීල් , ඔයා පින්තුරේ ඉන්නේ කොතනද මල්ලි ? අනෙ මංගල මම නමි පින්තුර වල නැහැ නමුත් හරි දෙ අගය කල යුතුයි ඔයාල වගෙ අය රටෙ තවත් ඉන්නවා ඔයාල අනුන්ට ඊරිසියා කර කර රතු මල්ලිලා ඵක්ක ඉන්න....
ජයලත් Tuesday, 26 June 2012 04:46 PM
තානපති කාර්යාලය කියන්නෙ ලාංකිකයින්ගෙ මහ ගෙදර. ලාංකිකයින්ගෙ පරිහරනයට කල අගනා වැඩක්. පාට පක්ෂ බලලා කමන්ට් දාන්නෙ යන ඵන මං නැති අය
නාලනී Monday, 25 June 2012 07:35 AM
නිකන් ලැබෙන නිසා බාරගත්ත.
මාතර Monday, 25 June 2012 08:04 AM
මට හිනා යන්න එනෝ.නවත්තගන්න බැරියෝ.
සංජීව - බලන්ගොඩ Monday, 25 June 2012 03:48 PM
අපේ ගමේ ඉස්කෝලෙට රට ගිය අයිය කෙනෙක් කොම්පියුටරයක් පරිත්‍යාග කරා. ඒකටවත් මෙච්චර සෙනග හිටියේ නැහැ. මේකේ ඉන්නෙත් කෝට් මහත්තුරුනේ...
සිල්වා Monday, 25 June 2012 03:56 PM
මේක තානාපතිගේ ගෙදරට දුන්නනම් මීට වඩා හොද නැද්ද ?
මංගල Monday, 25 June 2012 10:54 PM
නිල් පැරිසිය 2012-06-25 19:22:10 මෙය ඉතා වැදගත් වැඩක්. ප්‍රංශ තානාපති කාර්යාලය වසර 50ක් පමන පැරණිය. මහජනයා රැදි සිටින ශාලාව තුල සවි කිරිම ගැන අපි ඉතාමත් සතුටු වෙමු. ඉතිහාසයේ පලමු වතාවට මෙවැනි දෙයක් කළේ මෙය රජය විසින් කළ යුතු දෙයක් නිසාය. මේ කළ දෙය අගය කළ යුතුය. ----------------------------------------------- නීල් , ඔයා පින්තුරේ ඉන්නේ කොතනද මල්ලි ?
හීන් මැණිකා Monday, 25 June 2012 03:21 PM
කාටහරි ප්‍රසිද්ධ වෙන්න උවමනාවක් තියෙන්න ඇති
උවිස් Monday, 25 June 2012 09:39 AM
ලැජ්ජාවේ පණ යනවා අපිට නම්
ලකී Wednesday, 27 June 2012 03:03 AM
අනේ අපෙ ඩේමියන් අයියාගේ ගෙදරට TV එකක් අරන් දෙන්න කාව්රුත් නැද්දෝ?
අන්දරේ Monday, 25 June 2012 04:14 PM
නුබේ කටෙත් පස් මගේ කටෙත් පස්......