IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පැරීසියේ මොහාන් විජේසිංහ අනුස්මරණ ක්‍රිකට් තරඟාවලිය

පැරීසියේ එක්සත් ජාතික පක්ෂය වසරකට වරක්  පවත්වන  මොහාන් විජේසිංහ අනුස්මරණ ක්‍රිකට් ශූරතා තරගාවලිය   පැරීසියට නුදුරු බගතලේ ක්‍රීඩාංගනයේදි පැවැත්විණි. මෙම තරගාවලියට විශේෂ අමුත්තෙක් ලෙස හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක වත්මන් වේග පන්දු පුහුනුකරු චම්පක රාමනායක මහතා සහභාගි වුයේය.

අභාවප්‍රාප්ත මොහාන් විජේසිංහ මහතා පැරීසියේ එක්සත් ජාතික පක්ෂය නඟා සිටුවීමට මෙහෙය වෙනුවෙන් මේ තරඟාවලිය නම් කර ඇත.

ඔහු පක්ෂයට ආදරය කළ සිංහල, දෙමළ සියලූ දෙනා අතර ජනප්‍රිය ශ්‍රී ලාංකිකයෙකි. සිංහල,දෙමල,මුස්ලිම් සහජීවනය අපූරුවට විදහා දැක්වූ ඉහත ක්‍රිකට් තරගාවලියට සියලූම ජාතීන්ගෙන් සැදුම් ලත් ශ්‍රී ලාංකික කන්ඩායම් 18ක් සහභාගි විය. එක් කණ්ඩායමකට හය දෙනා බැගින් පන්දු ඕවර  හතරකින් සමන්විත මෙම ක්‍රිකට් තරගාවලිය සංවිධානය කිරීමේහිලා අඡිත් පෙරේරා හා ප්‍රභාත් පුන්නජී පුරෝගාමී වුවෝය. සහභාගි වූ සියලූම කණ්ඩායම් පරදවා කසුන් කස්තුරිගේ සුපර් හිට්ස් තරුණ ක්‍රිකට් කණ්ඩායම 2013 මොහාන් විජේසිංහ අනුස්මරණ ශූරතාවය ජය ගැනීමට සමත් විය.

පැරීසියේ එක්සත් ජාතික පක්ෂ සංවිධානය විසින් ආරම්භ කැරුණු එහි මරණාධාර ඒකකයට ආධාර පිණිස පැවැත්වූ මෙම තරගාවලියේ ප්‍රතිලාභ සංවිධානයේ සමාඡික හා එම පවුල්වල ඥාතීන්ගේ මරණයකදී මුදලින් උපකාර කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ සදහා පැවැත්වු ඉහත ක්‍රිකට් තරගා වලියට නන් අයුරින් සහයෝගය දුන් සියලූ දෙනාටම තම සංවිධානයේ ස්තුතිය පුදකර සිටින බව එහි සභාපති අජන්ත කල්දේරා මහතා එසැණට පැවසීය.

 



අදහස් (0)

පැරීසියේ මොහාන් විජේසිංහ අනුස්මරණ ක්‍රිකට් තරඟාවලිය

මැනික් Wednesday, 10 July 2013 12:23 PM

නදී ඔයා හරි (නි)

:       0       0

ශ්‍රියන්ත Friday, 12 July 2013 12:02 AM

මොන අඩුපාඩු තිබුනත් වැඩේ හොදින් වුණා (නි)

:       0       0

පෙරේරා Thursday, 11 July 2013 12:40 PM

ක්‍රිකට් ගහන්නේ කොහොමද කරුවලේ ඕක බලන්න මමත් ගියා . සංවිධාන කටයුතු ........ නිල් ............... ???????????????

:       0       0

සෝමේ Thursday, 11 July 2013 12:45 PM

අගුනුකොළපැලැස්සේ කිරි දරුවෝ ඒ කිවුවේ මොන්ටසොරි ළමයි ටින් කඩනකොට ඔයිට වැඩිය ලස්සනයි ... දුකයි අනේ ඉතින් මොකද කරන්නේ ? (අ)

:       0       0

සිත්තු Wednesday, 10 July 2013 11:06 AM

බිරිදට දරුවට ආදරේ නොකලට බෝතලෙටත් ආදරේ කෙරුවා.(නදී)

:       0       0

ජගත් Tuesday, 16 July 2013 12:27 AM

සෝමේ අයියේ ඔයා හරියටම හරි. මෙයාලා ලංකාවෙත් නානවා, ප්‍රංශයේ පැරිස් නගරයේ ඇදගෙන නානවා පවු. ශ්‍රී ලංකා නිධහස් පක්ෂය සංවිධානය කල ආත්මා සමග ස . නි . ද . ප සංගීත සදැල්ල කට කපලා හවුස් පුල්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලංකාවෙ කළත්, පැරිස් වල කළත් එළකිරි. ඔයාල කැට්ටිය ලැජ්ජ වෙන්න නැතුව නොදන්නා දෙයක් ඇත්නම් දන්නා කාගෙන් හරි අහන්න. ඕකට තමයි කියන්නේ බැරි දේ නොකරන් අබරෝ කියලා.(නදී)

:       0       0

දම්මික පෙරේරා Wednesday, 10 July 2013 11:19 AM

තවත් සිංහලුන් අතරේ බෙදීම් ඇතිවන වැඩක්. පක්ෂ වලට බෙදිලා, සංවිධාන වලට බෙදිලා, පන්සල් වලට බෙදිලා සිංහල එකමුතුවක් කවදා ඇති වේද? (නදී)

:       0       0

අශෝකා Wednesday, 10 July 2013 03:39 PM

මොනවා වෙතත් විදේශ රටවලදි ශ්‍රී ලාන්කිකයන් භේද නොවී එකමුතුව වැඩ කිරීම අගය කලයුතුයි. (අ)

:       0       0

ගාමිණී රාමනායක Wednesday, 10 July 2013 11:57 AM

සංවිධායක මඩුල්ලට සහ ක්‍රීඩකයන්ට මගෙන් සුභ පැතුම්! (නි)

:       0       0

මොනාලිසා Wednesday, 10 July 2013 12:07 PM

ඔන්න ඔන්න අපිව අන්දන්න හදනවා...බගතලේ තියෙන්නේ ලංකාවෙනෙ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 315 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site