IMG-LOGO

ප්‍රසන්න රණතුංගට නඩු

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතාට එරෙහිව දැනටමත් නඩු පවරා ඇතැයි නීතිපති අද (03) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

තමා අත්අඩංගුවට ගැනීම වළක්වාන රණතුංග මහතා විසින් ගොනු කැරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම පවත්වා ගෙන යෑම අවශ්‍ය නොවන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා කරුණු  දැක්වීය.

අගවිනිසුරු කේ.ශ්‍රී පවන්,උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න  යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවනු ලැබිණි.

ඉඩමක් ගොඩ කිරීම වෙනුවෙන් සිලිකොන් ටෙක්නොලොජීස් පෞද්ගලික සමාගමේ සභාපති අජිත් පැස්කුවල් මහතාගේ මුදල් ලබා ගත් බවට ලද පැමිණිල්ලක් මත සිදුකරන විමර්ශන සඳහා කටඋත්තර ලබාදීමට පැමිණෙන ලෙස තමාට කැඳවීමක් ලැබී ඇති බවත්, එහිදී තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එය වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබිණි. පෙත්සම ජූලි මස 21 වැනි දා යළි කැඳවීමට තීරණය කළේය.



අදහස් (0)

ප්‍රසන්න රණතුංගට නඩු

සෑම් Friday, 03 June 2016 10:15 PM

මම යම් දේශපාලුවෙක් අසභ්‍ය විදියට බනින හඬ පටයක් ඇසුවා. ඒකේ කියන වචන ඇහුවාම තේරෙනවා එහෙම අය පාර්ලිමේන්තුවට සුදුසු නැහැ කියලා (නි)

:       0       0

විදානේ Saturday, 04 June 2016 01:07 AM

දේශපාලකයින් ගැන නම් ඉතින් මොන කතාද? (නි)

:       0       0

යසපාල Saturday, 04 June 2016 01:10 AM

ඔය කවුරු කවුරු ගැනත් අපි දන්නවා (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 04 June 2016 04:02 AM

දැන් උගුලට අහුවෙලා ඉවරයි. අන්තර්ජාලයේ තිබුනා හඬ පටියක්. එ්කෙන් තේරනව මෙයාලගේ කෙරුවාව සහ වැදගත්කම අපුරුවට (නි)

:       0       0

සරත් Saturday, 04 June 2016 08:59 AM

වැඩිදෙනා දේශපාලනය කරන්නේ රටම උලාකන්න බලාගෙනයි (නි)

:       0       0

රොකී Saturday, 04 June 2016 10:52 AM

රණතුංගලාත් දැන් අමුතුම මාෆියාවක් වෙලා. ලංකාවේ දේශපාලුවන්ගෙන් වැඩි ගණනක් හිරේ සිටිය යුතු අය. (නි)

:       0       0

රසික Friday, 03 June 2016 01:18 PM

කරන වැඩ වලට නඩු වැටෙන්නේ නැතුව තියෙයිද?(හේ)

:       0       0

සමන්ජය Friday, 03 June 2016 01:19 PM

යකෝ පගා ගහන්ඩ හොදයි ප්‍රශ්න කරන්න හොඳ නැහැ. (හේ)

:       0       0

උපාලි Friday, 03 June 2016 01:30 PM

මං මේ කල්පනා කලේ අපේ දේශපාලනඥයෝ මොනතරම් නීති ගරුකද, නීතියට බයද? ඒ බයටම, උසාවිය ආවාම රිමාන්ඩ් කලොත් හෘදයාබාධ හැදෙනවා. කල් ඇතුව දැන ගත්තොත් අපේක්ෂිත ඇප ඉල්ලනවා. එතකල් හැංගිලා ඉන්නවා. හරි දුක හිතෙනවා (හේ)

:       0       0

චන්න Friday, 03 June 2016 02:24 PM

හොඳ වැඩේ.(හේ)

:       0       0

පසිදු Saturday, 04 June 2016 12:37 PM

අපි චන්දයකින් ඔවුන් පත් කර ගන්නේ ඔවුන්ගේ සුරසැප සදහායි, ඔවුන්ට දියුණුවීම සදහාත් ඔවුන්ගේ පවුල්වල සමජිකයින්ගේ දියුණුව සදහාත් ඔබ සියලු දෙනාම ඊලග මැතිවරණයේදීත් උදෙන්ම සුදුවතිනෙ සැරසි ගොස් කතිරය ගහන්න, මා නම් ඡන්දයක් දී නැත මොකොද මා දන්නා එකෙක් නැති නිසා .(හේ)

:       0       0

චමින්ද Friday, 03 June 2016 04:50 PM

දැන් අත්අඩංගුවට ගන්නා එක වළක්වන එකත් අමුතුම විලාසිතාවක් වෙලා (නි)

:       0       0

නිම්මි Saturday, 04 June 2016 02:30 PM

මම හිතුවා මේ වගේ දෙයක් වෙයි කියලා.(හේ)

:       0       0

මෙරිල් Friday, 03 June 2016 06:14 PM

කරන කලට පවු මිහිරිය මී සේ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 138 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 419 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site