(සුජිත් හේවාජුලිගේ සහ ගයාන් සූරියආරච්චි)
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මාවර මණ්ඩිය කිරිබත්ගොඩ කිරිල්ලවල මීගමුව ගම්පහ කැලණිය වත්තල ඇතුළු ප්‍රදේශ දහයක් මෙලෙස හදිසියේ වටලා සෝදිසි කර ඇති බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
ප්‍රසන්න රණවීර මහතා සෙවීම සඳහා විවිධ වෙස් ගැන්වූ බුද්ධි අංශ කණ්ඩායම් කිහිපයක්ද ප්‍රදේශ කිහිපයකට යොමු කර ඇති බව පොලිසිය පවසයි.
මේ අතර පාතාල නායක ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ උසාවි සංකීර්ණයේ දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටින ඉෂාරා සෙව්වන්දි නමැත්තිය සොයා ගැනීමටද දිවයින පුරා විවිධ ස්ථාන දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් පරික්ෂා කර ඇතත් ඇය ගැන ද කිසිදු හෝඩුවාවක් නැතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
එම දෙදෙනාම අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ දිගටම කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පසුගිය මාර්තු මස 7 වැනිදා සිට අතුරුදන්ව සිටින සිටින අතර ඔහු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති කාලය ඉෂාරා සෙව්වන්දී නැමැත්තිය ගනේ මුල්ල සංජීව පාතාල නායකයාට වෙඩි තැබීමේ සිද්ධියවූ පසුගිය පෙබරවාරි 19 වැනි දා සිට අතුරුදන්ව සිටින අතර ඇය මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති කාලය මාස දෙකකට වැඩිය.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහර මහේස්ත්‍රාත් කාංචනා නිරන්ජලා ද සිල්වා මහත්මිය හිටපුරාජ්‍යමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට පසුගියදා නියෝගයක් නිකුත් කළාය.
ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඔහුගේ කැලණිගේ නිවසට ඉකුත් මාර්තු 6 වෙනිදා ගිය අවස්ථාවේදී ඔහු නිවෙසින් පලා ගොස් සිටියේය
දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ලන්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ’’ ලොකු පැටී ’’ නැමැත්තා අද(04) උදෑසන බෙලාරූස් රාජ්‍යයේ සිට ඩු
වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා වියට්නාමය බලා ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) පෙරවරුවේ
අයුතු ලෙස නිවසකට ඇතුළුවී අවුරුදු 19ක තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු අත්අඩංගුවට ගත්
මීටියාගොඩ නිවාඩු නිකේතනයක් තුළදී නාඳුනන පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයකු. මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
සති අන්ත නිවාඩුව විනෝදයෙන් ගත කිරීමට නව විවාහක යුවළක් ඇතුලු ඥාතී පිරිසක්,ගගේ වාඩිය මෝය කටේ දිය නෑමට ගොස්, මනාළිය අතුරුදන්ව ඇය බේරා ගැනීමට ඉදිරිපත් වූ බ
මැතිවරණ නීති උල්ලංඝනය කරමින්, ඡන්ද පෝස්ටර් අලවමින් සිටි දෙදෙනෙකු පෝස්ටර් පහළොවක් සමඟ මනම්පිටිය ගම්මානයේදී අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ප්‍රසන්න ඉෂාරා හොයන්න වෙස් ගැන්වූ කණ්ඩායම්
Gamini Friday, 02 May 2025 03:45 PM
අනේ අපොයි මෙහෙමත් කෝලම්...!
C.K.Lankaputhra Friday, 02 May 2025 03:50 PM
රණවීර ඉන්න තැන සමහර අය දන්නවාලු. හැබැයි කවුරුවත් එතැනට යන්න බයයිලු. ඒ තරමට එයාව ආරක්ෂා කරන කෙනා බලවත්ලු. ඉන්න ගේ හරි විශාලයිලු...
Vimal Friday, 02 May 2025 04:10 PM
හාවගේ වගේම ප්‍රසන්න, ලස්සන මුහුණක්...
ගුණරත්න Friday, 02 May 2025 05:38 PM
ආණ්ඩුව ෆේල්. ෆේල් කියන්නේ මාස 6න් මෙහෙම අප්‍රසාදයට පත්වුණු එකම ආණ්ඩුව මේක. පොලිසිය ගැන විශ්වාසය බරපතල ලෙස බිඳ වැටිලා තියෙනවා. මාධ්‍යවේදියෙක්ටත් බලපෑම් කරලා කියලා අහන්න ලැබුණා. ටික ටික පරණ ට්‍රැක් එකට වැටිලා තියෙන්නේ...
Nelu Friday, 02 May 2025 05:41 PM
ප්‍රසන්න නම් මොකද? වැඩිම වුනොත් කාට හරි මිරිස් කුඩු ටිකක් ගහයි. අර අවුරුදු 24 කෙල්ල එක්ක නම් ලේසි නෑ. ඊගාවට කාව මරවයිද දන්නේ නෑ. ඇත්තට අප්පා නිකං ආණ්ඩුවක් නෙවෙයි... 1980 ගණන් අන්තිමේදී තුණ්ඩු කෑල්ලෙන් රට ඇරපු වහපු පක්ෂයක් බලයේ ඉන්න ආණ්ඩුවක් වුණත් මේ පොඩි කෙල්ලෙක් නිසා දෙකේ කොලේට වැටුණා නේද?