IMG-LOGO

2025 ජුනි මස 09 වන සඳුදා


ප්‍රසන්න/ගම්මන්පිල වැඩ බාර ගනිති

බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සහ පළාත් කෘෂිකර්ම හා පරිසර ඇමැති උදය ගම්මන්පිල මහතා අද කොළඹ 07 ශ්‍රාවස්ති මන්දිරයේ දී අද වැඩ බාර ගත්තේය.

ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර මහ ඇමැති ලෙස පත්වූයේ දෙවැනි වරටය.

පසුගියදා පැවැති දකුණු හා බස්නාහිර පළාත් මැතිවරණයේ දී පළාත් දෙකෙන්ම වැඩිම මනාප ගැනීමට ඔහු සමත්විය.

1993 දී මුලින්ම පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස පත්වූ රණතුංග මහතා පළාත් ප්‍රවාහන ඇමැති, පළාත් සෞඛ්‍ය ඇමැති ආදී තනතුරු දරමින් අඛණ්ඩව වසර 20ක් පළාත් සභාවේ කටයුතු කළේය.

අද වැඩ භාර ගනිමින් ඔහු පැවසුවේ 1993 සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට පළාත් සභාවවේ ජය හිමිවූයේ ජනතාවට කළ සේවය නිසා බවයි. ඉදිරියටත් ජනතාවගේ සුබ සිද්ධියට වැඩ කටයුතු කරන බව රණතුංග මහතා කීවේය.



අදහස් (0)

ප්‍රසන්න/ගම්මන්පිල වැඩ බාර ගනිති

බණ්ඩාර Monday, 07 April 2014 10:17 PM

සුභපතනවා ජයෙන් ජයම වේවා (දී)

:       0       0

වර්නන් Monday, 07 April 2014 06:53 PM

දෙවැනි වරටත් පත්වූ කෙනා සඳහා අද එම කාර්යාලයේ තිබු උත්සවය නම් ඉතාමත් අනවශ්‍ය සල්ලි නාස්ති කිරීමක් ලෙස මම දකිමි. (නි)

:       0       0

බණ්ඩි Monday, 07 April 2014 07:18 PM

ඕක පැහැදිලි ඊර්ෂ්‍යාව වර්නන්.ඔයාගේ සාක්කුවෙන් දෙන්නකෝ ඔච්චරටම දුක නම්. (නි)

:       0       0

චානක. Monday, 07 April 2014 08:14 PM

වැඩ බාරගන්නවා වගේම හරිය‍ට කරගෙනත් යන්න ඕනෑ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 589 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 342 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 486 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site