IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පිරිසිදු පානීය ජලය නැති වීමෙන් තුම්මෝදර ජනයා පීඩාවට

(නිහාල් වෙත්තසිංහ)

කොළඹට පානීය ජලය සපයන ලබුගම කලටුවාව ජලාශ ආසන්නයේම තුම්මෝදර ගම පිහිටියත්, එම ජල නල දෙස සුසුම් හෙලමින් බලා සිටිමින්,  රන්මුදු ඇල්ලෙන් ගලා එන අපිරිසිදු  ජලය තමන්ටත්, තම පවුල්වලටත් පානය කිරීමට සිදුවී ඇතැයි, තුම්මෝදර ඉහළ ප්‍රදේශයේ පවුල් රැසක්  දැඩි කිරීමකින්  යුතුව කියති.

මීට වසර 40 කට පමණ ඉහත සිට උල්පත් ජලයෙන් පෝෂණයවූ රන්මුදු ඇල්ලෙන් ගලා ගිය පිරිසිදු ජලය ප්‍රදේශයේ ජනතාව පානය කළත්, මේ වනවිට එම ජල සම්පත දිනෙන් දින අපිරිසිදු වීම නිසා,   ජල සම්පාදන මණ්ඩලයෙන් ලබාදෙන පිරිසිදු ජලය පානය කිරීමේ අවස්ථාව තමන්ට අහිමිවී තිබීම නිසා, තවදුරටත් එම අපරිසුදු ජලය පානය කිරීමට සිදුවී ඇතැයි ඔවුහු පවසති. 

මෑතකදී තුම්මෝදර ප්‍රදේශය සංචාරක පුරවරයක් ලෙසට පත්වීමත් සමඟම, රන්මුදු ඇල්ල, කුමාරි ඇල්ල  යන සුන්දර ජල පෝෂිත ඇල මාර්ග වලින්  දිය නෑම සඳහා සති අන්තයේ පැමිණෙන සංචාරකයින් මෙම ජල සම්පත අපිරිසිදු කිරීමත්, ප්‍රදේශයේ ජනතාව රැල්ලෙන් පානීය ජලය ලබා ගැනීමට සවිකර ඇති ජල නල පවා සමහර පුද්ගලයින් වෙරිමතින් කඩා දමන බවත් ඔවුහු පවසති.

ප්‍රජා ජල ව්‍යාපෘතියක්වත් ක්‍රියාත්මක නොවන මෙම ප්‍රදේශයේ, එවැනි ජලනල කැඩීමක් සිදුවුවහොත්, ප්‍රදේශයේ පවුල් රැසකට පානීය ජලය හිමිවීමත්, සමගම අවට ජනතාවගෙන් මුදල් එකතු කර එම ජලනල පැය ගණනක් නඩත්තු කර ජලය ලබා ගැනීමට සිදුවී ඇති බව ඔවුහු පවසති. 

මේ සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ පාදුක්ක ගලගෙදර කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී ජයන්ත සේනාරත්න මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසීය. 

‘දැන් තියෙන ජල නලවල පීඩනය අඩු නිසා එම ප්‍රදේශයට ජලය ලබාදීමට අපහසුයි. පොල්වත්ත දඹෝර, තුම්මෝදර යන ප්‍රදේශවලින් ජලය ඉල්ලා  ඉල්ලීම් කර තිබෙනවා. නමුත් ජල නලවල පීඩනය මදි නිසා ජලය ලබාදීම අපහසුව තිබෙනවා.  මෙම ඉල්ලීම පාදුක්ක සම්බන්ධීකරණ කමිටුවට ත් යොමු කර තිබුණා. එතනදීත් මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කලා‘

 



අදහස් (0)

පිරිසිදු පානීය ජලය නැති වීමෙන් තුම්මෝදර ජනයා පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site