ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ පුංචි ශාලිකාව (Mini Theater) විවෘත කිරීමේ උත්සවය පසුගිය 14 වැනිදා ප.ව 3.00 ට අධ්‍යාපන අමාත්‍ය අකිල
විරාජ් කාරියවසම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ අංක 224/1 දරණ ස්ථානයේ පිහිටා ඇති මෙම පුංචි ශාලිකාව දේශීය සිනමාව හා සිනමා ශාලා ඩිජිටල්කරණය කිරීම් රජයේ වැඩපිළිවෙළ යටතේ නව ඩිජිටල් ප්‍රක්පේෂණ යන්ත්‍රයක් මගින් යාවත්කාලීන කර ඇත.
පෙර පැවැති මිලිමීටර් 35 තිරය වෙනුවට මෙම නව තිරය ලෝකය සමග තාක්ෂණයෙන් ඉදිරියට යන්නට තිබෙන පියවරකි.
ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙන චිත්‍රපට නැරඹීම සඳහා මෙම පුංචි ශාලිකාව භාවිත කෙරෙන අතර, ඉදිරියේදි සහන පදනමක් මත වෙනත් චිත්‍රපට දර්ශන සඳහා ලබාදීමට නියමිතයි.
රචින්ත ජයවර්ධන/ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ පුංචි ශාලිකාව (Mini Theater) විවෘත කිරීම