IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ප්‍රසිද්ධියේ මත විමසන්නන්ටත් මැකෝගෙන් නඩු

(සුජිත් හේවාජුලිගේ )

ජනපතිවරණයේදී  ඡන්දය භාවිත කරන අපේක්ෂකයන් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේ මත විමසන පුද්ගලයන් සහ ඒවාට මත ප්‍රකාශ කරන පුද්ගලයන්  සම්බන්ධයෙන්ද  නීතිය දැඩිව  ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

තමන්ගේ මතය අනෙක් අය දැන ගැනීමට අවශ්‍යතාවක් නැති බවත්
එසේම එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතු දෙයක් නොවන බවත්  රත්නායක මහතා කීය.

මෙවැනි කටයුතු වලින්  කරන්නේ  ජනතාවගේ පෞද්ගලිකත්වයට හෝ ආනන්‍යතාවයට යම් බලපෑමක් සහ  හානියක්  බවද   ඔහු කීවේය.

තවද මෙවැනි කටයුතුවලින් රහස් ඡන්දයේ ගුණාත්මකභාවයටද  හානියක් සිදුවන බව පැවසූ රත්නායක මහතා මෙය එක්තරා ආකාරයකට අයුතු බලපෑමක් බවද  ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් කිසිවකු හෝ පැමිණිලි කළහොත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි බවත් දැනටමත් එවැනි දේ කළ  කිහිප දෙනෙකුට අවවාද කර ඇති බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කීවේය.

 



අදහස් (7)

ප්‍රසිද්ධියේ මත විමසන්නන්ටත් මැකෝගෙන් නඩු

ranjith Sunday, 15 September 2024 01:41 PM

මේ යූ ටියුබ් ජාවාරම් කාරයින් නිසා ජනතාව ලොකු අපහසුතාවකට පත්වෙලා ඉන්නේ. මේ සමීක්ෂණ සිදුකරන පුද්ගලයින්ටත් උපරිම දඬුවම් දෙන්න.

:       6       22

Wijekon Sunday, 15 September 2024 06:00 PM

ජංගම දුරකථන හරහා දිස්ත්‍රික්කය පළාත හැදුනුම්පත් අංක ඉල්ලා සමීක්ෂණ කරන බවක් ඉතාමත් පැහැදිලි වෙනවා... සාමාන්‍යයෙන් ජංගම දුරකථනයක ඩේටා ඔන් කළාම ඔහොම සමීක්ෂණ කරන අය අල්ලන්න පුළුවන් පැමිණිලි කරන්න කියලා ඉල්ලීම් මොකටද ජනවරම, විමසුම හෙළකුරු කියලා විවිධ ආකාරයට සමීක්ෂණ කරන්නේ බොහෝ දෙනෙක් තමන්ගේ අපේක්ෂකගේ නම මුලින්ම කියලා අකමැති අයගේ නම් අගට කියලා කැමැත්ත අහනවා ඉතින් ජනතාව කියන්නේ මුලින් කිකියපු නම තමයි. ඊළඟට කියනවා අහවලා තමයි ජනාධිපති කියලා මේවා නවතන්න තිබුනේ නාමයෝජනා ගත්තු දවසේ තමයි...

:       0       8

චන්දිම Sunday, 15 September 2024 03:11 PM

නෝනා වලියක් ඇදලා වගේ? මැකෝ හදන්නේ කථා කිරීමේ නිදහසත් නැතිකරන්නනේ...?

:       16       11

ගමේ එකාලා Sunday, 15 September 2024 03:31 PM

තමුන්ගේ මතය ඡන්දේ දවසට ගිහින් ප්‍රකාශ කළාම හොඳටම ඇති. අතීතයෙන් පාඩම් ගෙන වර්තමානය ගැන හොඳින් අවබෝධ කරගෙන, නිවැරැදි තීන්දුවක් ගැනීමට ජනතාවට මොලේ පෑදේවා...!

:       2       28

Gunendra Sunday, 15 September 2024 04:09 PM

මේ දේවල් කරන අය ආදායම් බදු නොගෙවා මිලියන ගණන් සොයනවා. හොර සාස්තර කාරයෝ සහ තවත් විවිධ ආකාරයෙන් මිනිස්සු රවටන විරිදු කාරයෝ වැනි අයත් ඉන්නවා. මේ පිළිබඳව ක්‍රියාත්මක වීම ඉතා හොඳ දෙයක්...

:       4       15

Pankumburage Sunday, 15 September 2024 06:19 PM

ඔය රැස්වීම් තියලා ඡන්දේ ඉල්ලන අය කමක් නැද්ද? ගමේ කට්ටියට එක තැනකට එන්න කියලා තමන් කැමති කෙනාට ඡන්දෙ දෙන්න කිව්වාම හරිනේ...

:       0       5

karolis Sunday, 15 September 2024 07:28 PM

විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ මෙරටට කල හොඳක් නැත. ඔවුහු ලංකාවේ බදු සල්ලි වලින් නිකන්ම උගෙන පිටරට පලාගොස් සුඛෝපභෝගී ජීවිත ගත කරති. සත පහක් ලංකාවට බදු නොගෙවති. ඔවුන්ගේ දරුවන් ද කිසිකලෙක ලංකාවට එන්නේ නැත. එබැවින් ලංකාවේ කුමක් සිදු වූවද ඔවුන්ට කම් නැත. ඔවුන් ලංකාවේ රටවැසියන් දකින්නේ පරීක්ෂනාගාර මීයන් ලෙසිනි. වරක් මෛත්‍රීපාල සිරිසේන අත්හදා රට බාගෙට ඇද දැමූහ. ඉන් පසු ගෝටා අත්හදා රට බංකොලොත් කළහ. දැන් වාමාංශික ත්‍රස්තවාදීන් අත්හදා බලමින් මිනිස්සුන්ට ජීවත් වීමේ අයිතියත් නැති කිරීමට කැසකවති. මෙතරම් හානියක් කිරීමට කොටින්ට පවා නොහැකි විය.

:       8       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 667 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1111 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site