ප්රංශ ලංකා සංවිධානය පසුගිය මැයි මස පැරීසියේ සේන් ගඟ ඉවුරේදි සහෘද ශ්‍රී ලාංකිකයන් සමග එක්වී පැවැත්වූ ගිම්හාන සැඳෑවෙන් එක් රැස්කර ගත් මුදලින්; අනුරාධපුරයේ ගම්මාන ගණනාවක දරුවන් අධ්‍යාපනය ලබන පදවියේ ශ්‍රී පුර අලි වංගුව විද්‍යාලයට සුවිශේෂි වතුර පෙරන යන්ත‍්‍රයක් ප‍්‍රදානය කළේය.
එම සංවිධානයේ සභාපති ලොයිඞ් විදානආරච්චි මහතාගේ මග පෙන්වීමත් ,උප සභාපති චමින්ද රාමනායක, ගරු සංවිධායක චමිඳු ප‍්‍රනාන්දු ඇතුළු සියලූ නිලධරයන්ගේ මැදිහත්වීම හා පූර්ණ කැපවීම මත ලේකම් බාබානුර් ෆාරුක් හා භාණ්ඩාගාරික ප‍්‍රියන්ත වික‍්‍රමසිංහගේ හා එම සංවිධානයේ ශ්‍රී ලංකා සංවිධායක බර්ටි ප‍්‍රනාන්දු මහතාගේ සහභාගිත්වයෙන් එම පාසැලේදී පැවැත්වූ විශේෂ උත්සවයකදී මෙම පරිත්‍යාගය ඇතුළු පරිත්‍යාගයද තිලිණ රැසක්ද ප්‍රදානය කළේය.
එම අවස්ථාවට ප‍්‍රදේශයේ ගෞරවණීය මහා සංඝ රත්නයද, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමන්ලාද, විදුහල්පතිද වෙනත් පාසැල් ප‍්‍රධානීන් රාශියක් මෙන්ම ප‍්‍රදේශවාසීන්ද සහභාගි වුයේය.
එම ප‍්‍රදේශ වල සීඝ‍්‍රයෙන් පැතිරී යන වකුගඩු රෝග කාරකයන්ගෙන් මුදවා ගැනීමේ මුලික අදියරක් ලෙස වතුර පෙරන යන්ත‍්‍ර ලබාදී ඉදිරි දරු පරපුර එම උවදුරෙන් රැක ගැනීම සදහා දායක වීමට ලැබීම සතුටට කරුනක් බවත්, එයට දායකත්වය සැපයූ පැරීසියේ ශ්‍රී ලාංකිකයන්ට තම සංවිධානය වෙනුවෙන් ස්තුතිය පුද කරන අතරම ඉදිරියේදිත් එම දායකත්වය අගේ කොට සලකන බවත් මෙවැනිම ව්‍යාපෘති ගනනාවකට ඉදිරි සැළසුම් සංවිධානය විසින් දියත් කිරීමට අවශ්‍යය කටයුතු සිදුකර ඇති බවද සංවිධානයේ භාණ්ඩාගාරික ප‍්‍රියන්ත වික‍්‍රමසිංහ මහතාගේ දේශනයේදි පැවැසීය.
අනතුරුව එහි සිසුන්ට අවශ්‍යය පාසැල් ලිපි ද්‍රව්‍ය බෙදා දීමක්ද සිදුවිය.
2025 දෙසැම්බර් මස 18
588
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්රංශ ලංකා සංවිධානය පදවියේ දරුවන්ට පිහිටවේ
නිමේශ් Tuesday, 24 September 2013 02:53 PM
තව තවත් මෙවැනි ජාතික සේවාවන් කරන්නට ඔබ සියලු දෙනාට යෝධ බල ශක්තිය ලැබේවා. (ස)
නාලක Tuesday, 24 September 2013 03:21 PM
ඔබගේ මෙම කර්තව්‍යට මුදල් එකතු කරපු "ගිම්හාන සාදයට" එක්වීමට ලැබීමත් එමගින් වක්‍රාකාරයෙන් මෙයට දායක වෙන්න ලැබීමත් සතුටක්. (ස)
දේශාන්: පැරිස් Tuesday, 24 September 2013 03:34 PM
කාගෙත් එකතුවෙන් බොහෝ දේවල් කරන්න පුලුවන් (නි)
සේරම් පැරිස් Monday, 23 September 2013 11:58 PM
බොහොම හොඳ වැඩක් මේ කරලා තියෙන්නේ (නි)
කිරා Tuesday, 24 September 2013 12:27 AM
පැරිස්වල තව කට්ටියක් වකුගඩු රෝගීන් වෙනුවෙන් යමක් කරන්න හැදුවා නේද? (නි)
චමත් Tuesday, 24 September 2013 01:21 AM
ඔන්න ඔය වාගේ හොද දෙයක්නේ පැරිසියේ දේශපාලන සමිති සමාගම් බදාගෙන කරන අයටත් කරන්න තිබුනේ. මොන තරම් පිනක්ද බලන්න. දැන්වත් ඒ කට්ටිය මොලේ පාදාගනීද දන්නේ නැහැ. (නි)
අසෝක Tuesday, 24 September 2013 04:51 PM
හොඳ වැඩක් එකතුවෙලා කරලා තිබෙනවා දායක වුන සැමට ස්තුති ප්‍රණාමය , නමුත් මට දැනගනීමට නොහැකි වුන නිසා එකතුවෙන්නට අවස්ථාව නොලැබුණ ද හද පතුලෙන් සතුටු වෙමි , ජයවේවා ඔබ සැමට සුබ අනාගතයක්. (අ)
අසෝක Monday, 23 September 2013 06:16 PM
උපන් බිමෙන් නොමිලේ අපි දැනුම අරන් පිටරවල වෙසෙමු. නොයෙකුත් හේතු මතින් හැකි සැමවිටම හදතුල පුරවා බැතියෙන් පිහිටක් ලබා දෙමු මතු පරපුරට ඉතින් ! (නි)
නිල්මිණි Monday, 23 September 2013 06:35 PM
හොඳ වැඩක්, ජයවේවා අපේ ප්‍රංශ මිතුරනි (ස)
රාජ් ෙර්ණන්දෝ(පැරිස්) Thursday, 20 February 2014 02:00 AM
හොඳ වැඩක්. ජය වේවා
අචිනි Tuesday, 24 September 2013 01:05 PM
නිදුක් නිරෝගී සවිබල ලැබේවා,, ප්‍රංශ මිතුරු මිතුරියනි ..! (ස)