පුරවැසි බලය සංවිධානයේ සාමාජිකාවක මෙන්ම ප්‍රසිද්ධ සිනමා අධ්‍යක්ෂිකාවක්ද වන ඉනෝකා සත්‍යාංගනී මහත්මියගේ නිවසට පෙරදින රාත්‍රී ප්‍රහාරයක් එල්ල වී ඇති බවත්, වත්තේ සිටි ගවයකු පැහැරගෙන ගොස් ඇති බවටත් පොලිසියට පැමිණිලි කර ඇත.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පුරවැසි බලයේ වේදිකාවට නගින කලාකරුවන් අතර ඇය ද කෙනකි.
සිද්ධිය ගැන ඇය මෙසේ කියන්නීය.
‘මීට දිනකට පෙර පුරවැසිබලයේ වැඩකට ගිහින් මා එද්දි රාත්‍රී ත්‍රීරෝද රථයක් මඟ රැක සිට පාර හරස් කර නැවැත්තුවා. අපි කොහොම හරි වාහනය ඉදිරියට ගෙන ආවා. ඒ ගැන පොලිසියට පැමිණිලි කළා.
අද මම අනුරාධපුර අවසන් රැලියට යන්නයි හිටියේ. නමුත් අලුයම ප්‍රහාරයක් එල්ල වුණා. වත්තේ බැඳ සිටි ගවයකු ද අරගෙන ගිහින්. අපේ පැත්තේ හරක් අයාලේ යනවා. හරක් හොරුන්ට ඕනෑ නම් පාරේ යන හරකුන් ඕනෑ තරම් ඉන්නවා. මේ දේ කළේ මා බය කරන්නයි.
2005දි මට මේ වගේ දේවල් කළා. අනෝජලට, චන්ද්‍රලේඛලට කළෙත් මේ දේම තමයි. කාන්තාවන් නිසා මෙවැනි දේ කර බය කරන්නයි උත්සාහ කරන්නේ. පොලිසියෙන් අපේ නිවසට පැමිණ පරීක්ෂණ කරනවා.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘පුරවැසි බලේ කලාකාරිනියට තර්ජන‘
චන්දන Friday, 14 August 2015 07:42 AM
වෙල්ගම ,සාගල , විජේසුන්දර ,සිසිර ඔය කාටත් අගෝස්තු 18 දවල් වනවිට හිස මුදුනින් මොලේ පෑදේවි. අතගාලා බලන්න හොඳේ . (අ)
සුරන් Friday, 14 August 2015 07:47 AM
හැම දේටම වැරදිකාරයා මහින්ද , මෙයාලට හිසරදයක් හැදුනත් එකට වැරදි කාරයා මහින්ද. හරක් හොරෙක් හරකා හොරකම් කළාම එකට වැරදි කාරයා මහින්ද. මටනම් හිතෙන්නේ මෙයාලට හැදිලා තියෙන්නේ මහින්ද භිතීකා නමැති මානසික රෝගය. (අ)
මිස්ටර් ජයේ Friday, 14 August 2015 07:53 AM
ස්ක්‍රිප්ට් එක නම් මරු නේ. (නදී)
හිනාවි Friday, 14 August 2015 08:09 AM
විජේසුන්දර ප්‍රංශය, ඔයා ප්‍රංශයෙ ඉදලද ජාතිය ගැන බයිල ගහන්නෙ ? ඉනෝකා සත්‍යාංගනී නම් හැබැයි ලංකාවෙ ඉන්නෙ. හිනා යනවා අප්පෙ. (බ)
අජිත් Friday, 14 August 2015 08:30 AM
අනෝජාට රූකාන්තට කළ කෙනත් ඔයාගේ වේදිකාවේ (බ)
විජයබාහු Friday, 14 August 2015 08:33 AM
ඔය සංගමේ කොයි හරකවද අරන් ගිහින් තියෙන්නේ (බ)
සාගල Friday, 14 August 2015 08:35 AM
චන්දනට දැන්මම හිස මුදුනින් මොලේ පෑදීලා පසාරු කරගෙනම ඇවිල්ල එහෙනං, හැබැයි අනින්ට හදන්ට එපා හොදේ!.(බ)
උමේෂ් Friday, 14 August 2015 08:40 AM
වෙලාවට එලදෙන්නු උස්සන එකෙක් නාවේ...(බ)
සාගල Friday, 14 August 2015 05:08 AM
කොහොමටත් පුරවැසි බලයේ ඉන්නේ ...... ටිකක්නේ. එක ගොනෙක් නැති වුණා කියල ගණන් ගන්ට එපා, (ම)
පිවිතුරු යහපාල Friday, 14 August 2015 08:54 AM
ඉතින් නෝනෝ..අනොජලාට චන්ද්‍රලේකලාට කලේ කවුද? අපිද ..ඔය අද යහපාලානේ පෙරෙන උත්තමාවිය නේද?.(අ)
වෙල්ගම Friday, 14 August 2015 05:33 AM
කළුවරේ අඳුර ගන්න බැරුව වෙන්න ඇති ගවයාව අරන් ගියේ..(ම)
මනෝරි Saturday, 15 August 2015 03:03 AM
මේ මනුස්සයා කියලා තියෙන දේ ගැන පරීක්ෂණයක් කරන්න ඕන කියලාවත් කව්රුත් කියලා නෑ. අරයගෙ කාලේ කරපු නිසා කමක් නෑ කියලනේ කියන්නේ. "ඔබලාටත් මෙවැනි කරදර ඇතිවේවා" කියලාවත් මම ප්‍රාර්ථනා කරන්නම්. එතකොට තේරෙයි (නදී)
විජයබාහු Friday, 14 August 2015 09:19 AM
චන්දනවද උස්සන් ගිහින් තියෙන්නේ (නදී)
විජේසුන්දර ප්‍රංශය Friday, 14 August 2015 06:45 AM
ඇති මැඩම්! හරකාගේ ගාන කීයද ! රට පාවාදීල ගන්න ඩොලර් වලින් හරක් සීයක් වුණත් ගන්න බැරිය . (අ)
සිසිර Friday, 14 August 2015 07:24 AM
අනේ අපි නොදන්නා හරක් (අ)
පුලාරා Friday, 14 August 2015 07:34 AM
වැරදිලා වැරදි ගවයා අරන් ගිහින්. (අ)