IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පරිවර්තන පනතට විරුද්ධ රටට එරෙහි අය

(අංජුල මහික වීරරත්න)

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට විරුද්ධ වීමට හැකියාව තිබෙන්නේ, රට නැවතත් ආර්ථික අර්බුදයකට ඇද දැමීමේ අවශ්‍යතාවය ඇති පාර්ශ්වයන්ට පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. 

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සුබවාදී අරමුණක් වත්මන් රජයට පැවතිය ද අනෙකුත් විපක්ෂයේ කණ්ඩායම් වලට තිබෙන්නේ දේශපාලන අරමුණක් පමණක් බව ද සේමසිංහ  මහතා සඳහන් කළේය. 

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව කීවෙි  'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද(30) පැවති මාධ්‍ය හමුවේදීය.

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත මඟින්  බලාපොරොත්තු වන්නේ ඵලදායීතාව ඉහල නංවා ගැනීම සහ සෑම පුරවැසියකුටම සමාන අවස්ථාවන් හිමි රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.



අදහස් (6)

පරිවර්තන පනතට විරුද්ධ රටට එරෙහි අය

පිටරටවැසියා Thursday, 30 May 2024 10:22 PM

මේගොල්ලො හොරාකාල රට බංකොලොත් කළේ රටට හිතවත්කම වැඩි වෙලා වෙන්න ඇති ???

:       0       12

Prabha Thursday, 30 May 2024 11:01 PM

මේක ඔයාලාගේ පප්පා මහින්දගේ අදහසද ?

:       1       11

chandima Thursday, 30 May 2024 11:51 PM

මොන පනතද මහත්තයෝ ?ඒවා එන කට්ටිය කරගනීවි ?දැන් අකුලාගෙන යන්න සූදානම් වෙන්න ?යන්න කලින් දීර්ඝ කාලීන ගිවිසුම් ටිකක් ගහලා අර සංචාරක වීසා වලින් වගේ දිගටම ගානක් එන විදියට වැඩපිළිවෙලක් හදාගෙන යන්නද හදන්නේ ?

:       1       9

ජයනාත් Friday, 31 May 2024 06:34 AM

පිං මහත්තයා එක්ක එකතු වෙලා රට උකස් කරන තවත් පිං ගොනෙක්.

:       1       14

Kazi Shajahan Friday, 31 May 2024 12:41 PM

සෑම සිංහලට යන එන මංනැතුව ඉන්නේ... දැන් පොහොට්ටුවත් ගණන් ගන්නේ නැහැ. පළමු රැස්වීමට මෙයාට අවස්ථාවක් නෑ.

:       0       3

sam Friday, 31 May 2024 02:15 PM

මෙයා නේද රක්ෂිතයේ නීති විරෝධීව බිල්ඩින් ගහන්නේ...? මේ ගොල්ලෝ ආර්ථිකේ විනාශ කරලා දැන් බබාලා වගේ කෑගහනවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site