රිටිගල බලන්න එන විදෙස් සංචාරකයන්ව රවටා මුදල් ගසා කන බව කියන සිද්ධියක් ගැන ජනමාධ්‍ය මගින් හෙළි කිරීමෙන් පසු එය වාර්තා කළ ලංකාදීප දඹුල්ල මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස එරෙහිව ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමට 10 වැනි දා ඔහු ගලෙන්බිඳුනුවැව පොලිසියට කැඳවා ඇතැයි පොලිසිය කියයි.
එදින පොලිසියට නොපැමිණියහොත් අධිකරණයට ඉදිරිපත් කරන බව ද ගලෙන්බිදුනුවැව පොලිසිය දඹුල්ල පොලීසය හරහා මාධ්‍යවේදියාට ලිඛිතව දැනුම් දී ඇත.
පුරාව්ද්යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් කල පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත්වීමට ඔහුපොලිසියට කැදවා ඇතැයි පොලිසිය පවසයි.
පුරා විද්‍යා නිලධාරීන් පොලිසියට පැමිණිලි කිරීමට හේතු වූ කතාව ගැන මාධ්‍යවේදියා කියන කතාව මෙයයි.
‘ ‘රිටිගල බලන්න එන සංචාරකයන්ගෙන් පුරාවස්තු සංරක්ෂණ අරමුදලට කියා සල්ලි ගන්නවලු. ඒ වගේම මේකේ වැඩ කරන සමහර පුරාවිද්‍යා නිලධාරීන් සංචාරකයන්ගේ මග පෙන්වනවා කියා සල්ලි ගසා කෑමේ මගඩියකුත් තියෙනවා කියා ගොඩක් අය චෝදනා කරනවා.
මේ වැඩේ වසර ගණනක ඉඳලා වෙන බවට තොරතුරු ලැබුණා..
රිටිගල කියන්නේ පුරාවිද්‍යාත්මක අතින් ගොඩක් වැදගත් තැනක්. ඒ නිසා එයභාරව ඉන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. මෙහෙම මගඩියක් කරන්නේ දෙස් විදෙස් සංචාරකයන්ට මේ ස්ථානය බලන්න නොමිලේ අවස්ථාව ලබාදීලා තියෙද්දී. හැබැයි මෙතනට එන විදෙස් සංචාරකයන් ලියාපදිංචියට කියා කාර්යාලයට අරන් ගිහින් ඔහුන්ගේ පෞද්ගලික තොරතුරු සටහන් කරගන්නවලු. ඊටපස්සේ එතන ඉන්න නිලධාරීන් පුරාවිද්‍යා සංරක්ෂණ අරමුදලට කියලා සල්ලි ලොකු පෙට්ටියකට දාගන්නවලු. සමහර විදෙස් කාන්තාවන් රුපියල් 1000 නොට්ටුත් මේ පෙට්ටියට දාලා යනවලු.
මේ පෙට්ටිය අපි පරීක්ෂා කළා. ඒ පෙට්ටියේ එක ඉබ්බෙක් ගලවලා අයින් කර සල්ලි අදින්න පුළුවන් විදියට හදාගෙන. මේක ගැන ඇහුවම නිලධාරීන්ට උත්තර දීගන්නත් අමාරු වුණා. මේ මගඩිය කරන විදිය අපි වීඩියෝ කළා.‘‘
එම වීඩියෝව පහතින් (හිරු රූපවාහිනියේ ප්‍රචාරය වූ වීඩියෝ පටයකි)
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් මාධ්‍යවේදියාට එරෙහි පැමිණිල්ලක්
අසංක Monday, 08 February 2016 03:53 PM
යකෝ වැරදි කරලා ඒවා වාර්තා කරන අයට විරුද්ධව පොලිසිත් යනවා හොර හැත්ත(කෞ)
පාලිත Monday, 08 February 2016 11:53 PM
දැන් එතකොට අනිත් පැත්තේ අය මේ ගැන මොකද කියන්නේ? (නි)
රුවන් Monday, 08 February 2016 02:12 PM
ලංකාවේ සියලුම රාජ්‍ය ආයතන පුද්ගලික අංශයට බාරදෙන්න ඕන,එතරම් රාජ්‍ය සේවය පිරිහිලා (අ)
දහම් Monday, 08 February 2016 02:54 PM
වාර්තා කළ යුත්තේ තොරතුරු හරියටම තහවුරු කර ගෙනයි. සමහරු එහෙම කරන්නේ නැහැ. එය ආචාරශීලී නැහැ. (බ)