IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තු නිලධාරිනියක් තනතුරින් දොට්ට

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ ඉහළ නිලයකට උසස් කෙරුණු නිලධාරිනියක එම උසස්වීමදී පැය 24ක් යන්නටත් පෙර ඉන් ඉවත් කිරීමේ සිද්ධියක් වාර්තාවේ.

ඇයගේ අංශයේ දෙවැනි නිලයට පත් කෙරුණු නිලධාරියාගේ නිවෙසට ගොස් ඔහුට විවිධ බලපෑම් කරන ලදැයි කියන සිද්ධියක් පදනම් කරගෙන ඇය එම තනතුරින් මෙසේ ඉවත් කර ඇත.

බලපෑමට ලක් වූ නිලධාරියා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියට දැනුම් දීමෙන් පසු ඇය මෙම පියවර ගෙන ඇත.

දෙවෙනි නිලයට උසස් කෙරුණු පුද්ගලයා සම්බන්ධයෙන් පෙර කී නිලධාරිනිය නොසතුටට පත්ව සිට ඇති අතර එම නිලධාරියාගේ නිවසට ඉකුත් සෙනසුරාදා ගොස් ඇති මෙම නිලධාරිනිය " තවත් අය ඉද්දි ඔයා කොහොමද මේ තනතුරට එන්නේ" යනාදී පවසා දෝෂාරෝපණය කර ඇතැයි දැනගන්නට ඇත.

 



අදහස් (10)

පාර්ලිමේන්තු නිලධාරිනියක් තනතුරින් දොට්ට

චින්තක Friday, 16 February 2024 08:05 AM

තනතුරෙන් නොවෙයි සේවයෙන්ම පහකිරීමට කටයුතු කරන්න ඕන ඇත්තටම පාර්ලිමේන්තුවේ තනතුරු සදහා විවෘත විභාග පවත්වා රජයේ තනතුරු සදහා බදවා ගන්න ක්‍රමයට බදවා ගැනීමේ පරිපාටි සකසා සුදුස්සෝ බදවා ගැනීම කලොත් ඔහොම දේවල් නොවේවි

:       4       70

ශාරද Friday, 16 February 2024 01:19 PM

චින්තක පාර්ලිමේන්තු පරිපාලනයේ සෑම තනතුරකටම බඳවා ගනු ලබන්නේ ගැසට් කර විවෘත තරඟ විභාගයකින් හා සම්මුඛ පරීක්ෂණයකින්. ඊට අමතරව සේවයට බැඳුණු පසු ජ්‍යෙෂ්ඨත්වය නිර්ණය කිරීම සඳහා අභ්‍යන්තර තරග විභාග ද කලින් කලට පවත්වනු ලබනවා...

:       3       26

charithaFriday, 16 February 2024 10:37 PM

උඩින් එන අයත් ඉන්නවා.. එහෙත් ඔය නිලධාරිනිය උඩින් ආ කෙනෙක් නෙමේ... නියම ආකාරයට ආ කෙනෙක්...!

:       0       0

nimalSaturday, 17 February 2024 12:43 AM

ජ්‍යෙෂ්ඨත්වය නිර්ණය කිරීම සුදුසු වුවත් දක්ෂ කාර්යක්ෂම අවංක පුද්ගලයින් ඉදිරියට පැමිණීමට අවස්ථාව ලබාදිය යුතුවේ. ජ්‍යෙෂ්ඨත්වය අනුව පමණක් රටක් දියුණු කිරීමට හෝ ආයතන දියුණු කිරීමට නොහැකියි. අවශ්‍ය වන්නේ නිර්මාණශීලි දක්ෂයින් ඉදිරියට ගෙන ඔවුන් දිරිමත් කිරීම සහ වැටුප් ලබාදීම්වලදී පවා මෙය සිදුවිය යුතුවේ.

:       0       7

චන්දන Friday, 16 February 2024 09:03 AM

මැති ඇමතිවරුන් ගේ ඌෂ්ණය ගැහුවම ඒ වගේ දේවල් වෙනව. රාජ්‍ය සේවකයන් හැටියට ඔය මහන්තත්තකම පැත්තට දාල සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන .

:       0       43

H P G Gunawardhana Friday, 16 February 2024 09:08 AM

දෙවන නිලධාරියා පළමු නිලධාරියාට වඩා බොහෝ නිවැරදි ය. ඉහත කී තනතුරට ඔහු වඩාත් සුදුසුය.

:       3       35

රංගේ Friday, 16 February 2024 09:46 AM

පාර්ලිමන්ට් ජෝක්ස් කියන්නේ මේවාට වෙන්නැති

:       1       40

රීතිපාල Friday, 16 February 2024 10:15 AM

ඉතාමත් හොඳ වැඩක්, ඒ වගේම මෙවැනි නීති රජයේ සෑම සේවකයකුටම එක හා සමාන අයුරින් ක්‍රියාත්මක වේවා...මෙවැනි නීති-රීති පාර්ලිමේන්තුවේ මැති-ඇමති වරුන්ට කවදා ක්‍රියාත්මක වේදැයි නොදනිමි... අමතකවුනා, ඇයි හිටපු ක්‍රීඩා ඇමතිට සුටුස් ගාල ක්‍රියාත්මක වුණේ, හා නැද්ද ???

:       2       37

Bamunuarachchi Friday, 16 February 2024 10:39 AM

මැය ඒ තනතුරේ සිටියානම් අනිත් නිලදාරීන්ට කොහොම සලකාවිද කියා අපිට හිතා ගන්න පුළුවන්. මේ නියම ගැහැණු. එකමිටට අසුවෙන හැඳිමිටේ දිග නුවණ ඇති ගැහැණු.

:       5       44

Charitha Friday, 16 February 2024 06:34 PM

ඕක තනිකරම මහා ලේකම්තුමියගේ පළි ගැනීමක්. ඔය තනතුර අධ්‍යක්‍ෂ පරිපාලන දෙන්න තිබුනේ පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ. දෙන්නේ නැතුව ඇදලා අන්තිමට දීල කරපු වැඩේ. ඔය මහා ලේකම් තුමිය ඔය අදාළ නිලධාරිනිය යටතේ මීට අවුරුදු ගානකට පෙර වැඩ කලේ. ඒ කාලේ උන රාජකාරී මට්ටමේ අවවාදයකට පළි ගැනීමක්. කොහොමත් ඔය මහා ලේකම් තුමිය හිතවත් කමට උසස් වීම් දෙන බව තමයි ආරංචිය. කතානායක තුමා මේ ගැන වහා සොයා බැලිය යුතුයි. අපට අපේ කටයුතු වලදී නම් ඔය නිලධාරීන් දෙදෙනාම අපට සුහදයි. නමුත් මහා ලේකම්තුමියට ඔවැනි දේ කිරීමට ඉඩ නොතබෝය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 69 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 26 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site