(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා නොහරින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුව වසර දෙක හමාරකින් පසුව විසුරුවා හරින්නේදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම රැස්වීමේ දී කළ විමසුමකදී අදහස් දක්වමිනි.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (17)රැස්විය .
මේ අතර අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කර ඇත්තේ විසිදෙවැනි සංශෝධනයට පොදුජන පෙරමුණේ බහුතරයක් විරුද්ධ බවය.
එබැවින් විසිදෙවැනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පොදුජන පෙරමුණේ සියලු දෙනාගේ සහාය නොලැබෙන බව ද ඔහු සඳහන් කර ඇත
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ විසිදෙවැනි සංශෝධනය කාලීන අවශ්‍යතාවක් බව ය.
එය සම්මත කර ගැනීම සඳහා සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර ඇත.
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්
ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පාර්ලිමේන්තුව විසුරුවන කාලය ජනපති කියයි
chandima Wednesday, 19 October 2022 09:30 AM
ඒකනේ.? විහින් බෙල්ල වැලදාගන්නේ කවුද.?
Akila Wednesday, 19 October 2022 09:56 AM
මතකද කොවිඩ් වසංගතය කාලේ ත් , රටේ ආර්ථික අර්බුදයක් තියෙද්දිත් බලෙන්ම සල්ලි නස්තිකරලා මහා මැතිවරණයක් තිබ්බ? . හොරුන්ට වාසි තියන කාලෙට විතරයි රටේ මොන අර්බුදයක් තිබ්බත් මහා මැතිවරණ තියන්නේ
Shantha - Qatar Wednesday, 19 October 2022 10:06 AM
අපිටනම් ඕක තිබ්බත් එකයි, විසුරුවත් එකයි. තිබ්බා කියලා වැඩක් තියෙන එකක් නෙවේ.
sharm warn Wednesday, 19 October 2022 10:16 AM
මෙතන තියෙන ප්‍රශ්ණ... ඔය කියන නියමිත කාලය මොකක්ද කියන එක.
69 ශ්‍රී 2019 Wednesday, 19 October 2022 10:45 AM
රට ගැන කැක්කුමක් තියෙන විජේදාස කියන කතාව සහතික ඇත්ත වුනත් සාගරයාට හා හොරු කල්ලියට ඕන වෙලා තියෙන්නෙ කපුටා නැවතත් ගෙනවිත් ( ලංකාව බත් හැලියක් නම් ) රටේ ඉතිරිව තියෙන දංකුඩ ටිකත් කපුටා සහ හොරුන්ට කෑමට දීමටයි කියලා ඉතාමත් පැහැදිලියි. ද්විත්ව පුරවැසියකු පාර්ලිමේන්තුවට පැමිණීමට කැමති එවුන් ඔක්කොමලා ඊළඟ වතාවේ පරජය කර පලවා හරිමු. අරගලයට ජයවේවා
Sajith Suriarachchi Wednesday, 19 October 2022 11:10 AM
රට කාපු රාජපක්ෂ උන් ටික අයෙ බලයට නොඑන්නම වැඩෙ දෙමු ඊලගට.
amila Wednesday, 19 October 2022 12:15 PM
කරුණාකරලා සල්ලි අච්චු ගහලා හරි කමක් නැහැ, ජනපති සහ පාර්ලිමේන්තු ඡන්ද තියලා මහජන මතයට ඉඩ දෙන්න. හොරු රැළම එක ගොඩේ තියලා පරද්දන්න අවස්ථාවක් මේ ඇවිල්ලා තියෙන්නේ.
fairoos Wednesday, 19 October 2022 01:37 PM
රනිල් රාජපක්ෂලාට රටට හෙන ගැහුවත් කමක් නෑ බලයේ ඉන්නයි ඕනේ.රට තවත් වලපල්ලට තමා
Rohana Wednesday, 19 October 2022 02:19 PM
ඡන්දෙන් අසුනක්වත් දිනාගත නොහැකිවූ එහෙත් කරුමෙට යන්තම් ජාතික ලැයිස්තුව නිසා පාර්ලිමේන්තුවටත්, ඉන්පසු ජනාධිපතිකමත් ලබාගත් රනිල් පාර්ලිමේන්තුව නියමිත කාලය දක්වා ගෙනියන බව කියන්න සදාචාරාත්මක අයිතියක් නැත....
GamayaWednesday, 19 October 2022 02:43 PM
සදාචාරවත් ලෙස පත්වූ කෙනා සදාචාරවත් නොවන ලෙස එලවා ගත්තා නම් අඬන්නේ නැතිව ඉන්න.
ගමේ එකාලාWednesday, 19 October 2022 03:07 PM
69 ලක්ෂයක් ජනතාව රවට්ටපු මහපාරට ඇදලාදාපු දූෂිත පාලකයා එළවන්නේ නැතුව නළවන්ඩද කියන්නේ ? ආරක්ෂාවට වගකියන නායකයෙක් ,සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා පාස්කු ප්‍රහාරය දඩමීමා කරගෙන බලයට ආවේ?
ලසන්ත Wednesday, 19 October 2022 05:36 PM
රනිල් කුමන ක්‍රමයෙන් හරි අගමැති, ජනාධිපති වුනේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මිස වෙනත් ක්‍රමයකින් නොවෙයි.. ජනාධිපතිවරයාට තමන්ට කැමැති කෙනෙක් අගමැති කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ප්‍රතිපාදන තියෙනවා ජනාධිපති අයින් වුණාම අගමැතිට ජනාධිපති වෙන්නත් ප්‍රතිපාදන තියෙනවා.. එහෙම තියෙද්දී ලංකාවේ තියෙන උත්තරීතරම නීතිය අනුව පත්වූ කෙනෙකුට ඔහොම කියන්න කාටවත් අයිතියක් නැහැ..
tokkaa Wednesday, 19 October 2022 03:13 PM
ජනතාව පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ නන්දසේනට දුවන්න ගහපු දවසේ නේද ?
චන්දිම Wednesday, 19 October 2022 03:33 PM
ඔන්න ඕක තමයි කියන්නේ ඔය මිදුලේ තුත්තිරි ගස් අල්ලන් බඩගගා ආපු එකා දැන් ඔන්න වත්තේ පොල්ගස් ටිකත් අයිති කරගෙන පාට් දාන්න හදනවා කියලා. ඕකෙන් මේකන් වෙන්නේ මේ ණය නොගෙවන සහන කාලේ කොහොමින් හරි ආර්ථිකේ හරි පැත්තට හරවාගන්නේ නැතුව කලින් වගේම පිස්සු කෙලලා ජෝගි නටලා නැත්තටම නැතිවෙලා රටත් සින්න වෙලා යන එකයි වෙන්නේ අන්තිමේදී...!
de silva Wednesday, 19 October 2022 03:36 PM
ආඩම්බර කතා කියමින් ජනතාව තලා පෙලා දමමින් කටයුතු කළොත්, ජනතාව පැමිණ මන්ත්‍රීලට පහර දීලා එළවා දමාවි...
විපරමා Wednesday, 19 October 2022 05:00 PM
පින් ජනපතියා හදන්නේ තමුන්ව තෝරා ගත්තු 134 දෙනාව, දූෂිත පවුල් පාලනේ උදවිය රැකගන්ඩ මිස වෙන දේකට නෙවෙයි...
Perera Thursday, 20 October 2022 05:52 AM
ලංකාවේ ආයේ ජනපතිවරණයක් හෝ මහ මැතිවරණයක් නොතිබ්බොත් පුදුම වෙන්න එපා.