IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


පාර්ලිමේන්තුවේ ප්‍රධානීන් තිදෙනකු ඇතුළු 28කට කොවිඩ්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

පාර්ලිමේන්තුවේ අංශ කීපයක ප්‍රධානීන් තිදෙනකු ඇතුළු  සේවකයන් තවත් 28 දෙනකුට කොවිඩ්  ආසාදනයවී ඇතැයි අද (14)  තහවුරුවී ඇත.

පාර්ලිමේන්තුවේ සේවක සේවිකාවෝ 112 දෙනෙක් කොවිඩ්  පරීක්ෂණවලට අද (14) යොමු කෙරුණහ. මෙම ආසාදිතයන් 28 දෙනා හඳුනා ගැනුණේ එම පරීක්ෂණවලදීය.

මෙම පරීක්ෂණ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ පැවැත්විණ.

කොවිඩ්  ආසාදිතයන්  බවට හඳුනා ගැනුණු  සේවකයෝ  28 දෙනා ඒ මොහොතේම නිරෝධායනයට යොමු කෙරුණහ.

මේ අනුව  පසුගිය සති කිහිපයේදී පමණක්  කොවිඩ්  ආසාදනයවූ පාර්ලිමේන්තු සේවකයන් සංඛ්‍යාව  98ක් දක්වා ඉහළ යනු ඇත.

මේ අතර මේ දක්වා කොවිඩ්  ආසාදනයවී ඇති  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 49 කි.

පාර්ලිමේන්තුවේ කොවිඩ්  පැතිරීම වැඩිවී ඇතත්  එහි  කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන බව  පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.

පාර්ලිමේන්තු සංකීර්ණය සඳහා වෙනම සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක්ද පසුගිය සතියේදී  හඳුන්වා දෙනු ලැබීය.

පාර්ලිමේන්තු සංකීර්ණයට පිටස්තර පිරිස් කැඳවීමද  සීමා කර ඇත.



අදහස් (1)

පාර්ලිමේන්තුවේ ප්‍රධානීන් තිදෙනකු ඇතුළු 28කට කොවිඩ්

sharm warn Monday, 14 February 2022 04:30 PM

225න් 49යි කියන්නේ තව මදි... තව ඉන්නවා කොවිඩ් රස බැලිය යුතු අය. එන්නත්, මුව ආවරණ මිනිස්සුන්ට දෙන්න කියද්දී අපිට ඕනෑනැහැ කියලා පැණි බෝතල් විකුණන්න ඉඩදුන්නු, වතුර මුට්ටි අරන් කළගෙඩි නටාපු... කෝ මේගොල්ලෝ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 16 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 863 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2496 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site