IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ප්‍රියමාලි ගැන කියන්න නළුවා-බිරිඳ සී.අයි.ඩිය මඟ හරිති

(ඉන්දිකා රාමනායක)

තිළිණි ප්‍රියමාලි නමැත්තිය සමග සමීප සම්බන්ධකම් පැවැත් වු බව කියන කොළඹ ප්‍රදේශයේ දේශපානයට සම්බන්ධ  ප්‍රවීණ නළුවකුට සහ ඔහුගේ බිරිඳට ප්‍රකාශ ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණ ද ඔවුන් දෙදෙනා එහි නොපැමිණි බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මීට දින කිහිපයකට පෙර ඔවුන්  දෙදෙනා කැඳවා  තිබු බවත්, ඔවුන්  එහි නොපැමිණීම ට හේතුව මේ දක්වා ම දැනුම් දී නොමැති බවද එම ආරංචි මාර්ග පවසයි.

මෙම නළුවාගේ බිරිද  ප්‍රභූන් නළු නිළියන්  සමග සමීප සම්බන්ධකම් පවත්වන්නියක්  වේ.

ඔවුන්  ඉදිරියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටියහොත්  ඔවුන් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.



අදහස් (8)

ප්‍රියමාලි ගැන කියන්න නළුවා-බිරිඳ සී.අයි.ඩිය මඟ හරිති

සංජීව ගමගේ Saturday, 05 November 2022 02:02 AM

ජීවන් ෂෙරින් වෙන කවුද ඉතින්.. මුන් අර රටක් වටිනා මැරිච්ච මනුස්සයාගේ නම කනවා.

:       1       39

sisiraSaturday, 05 November 2022 06:35 PM

ප්‍රභූන් නළුවා ඇමෙරිකාවට වීසා ලබාදීමට මුදල් ලබාගත් දේශපාලකයාමද?

:       2       0

Bamunuarachchi Saturday, 05 November 2022 07:06 AM

ඔය ප්‍රභූන් නළු නිලියන් කියන වචන තුන එක වචනයකින් කියන්න බැරිද? පුළුවන්.

:       0       23

Deepal NiroshSaturday, 05 November 2022 10:12 AM

පුළුවන්, “එතුමා“ හරි නේද?

:       1       9

BamunuarachchiMonday, 07 November 2022 06:28 PM

ඔව් ඔව් අපි අයිසේ තමුසේ කිව්ව කට්ටියට අලුත් ඉස්කෝලේ ගිය අය නළුවන්ට නිළියන්ට පරබුවරුන්ට කතාකරන්නේ ඔබතුමා මෙතුමා එතුමා කියන විහිළු නම්වලින්. අන්න එතුමා එතුමිය කියපු නිළියන්ව පොලිස්සියෙන් හොයනව පරබුවරුන් සමග ටෙලිපොන් එකෙන් මොනවද කරලා.

:       0       0

3Shan Saturday, 05 November 2022 11:17 AM

‘‘ඔයාට පුළුවන් නම් අල්ලගන්න‘‘ වගේ තමයි... තිළිණිගෙ වැඩ ගැන, වැරැදි දේට පාවිච්චි කරලා හොඳ දේට පාවිච්චි කළා නම් ඉතින් එලෝන් මස්ක් පරාදයි.

:       1       7

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 05 November 2022 12:51 PM

මේවැනි හොර, මැරකම්, ජඩකම්වලට විරුද්ධව නීතියෙන් පියවරක් ගැනීමට කටයුතු කිරීම වැදගත් දෙයක්. ඒත්, මේ රටේ පාර්ලිමේන්තුවේ ඉඳගෙන රටම හොරා කෑ දූෂිතයන් අල්ලා ගැනීමට කටයුතු කරන්න ආරක්ෂක ඇමැතිවරයාට, පොලිසියට, රහස් පොලීසියට නියෝග කරන්න පුළුවන් නේද? මහා හොරුන් අල්ලන්න බැහැ. ඒ ගැන වගේ වගක් නැහැ. වෙනවෙන දේවල් පෙන්නා මහා පරිමාණ කම්බා හොරුන් ගැන ජනතාවට කරුණු අමතක කරන්න. විශේෂ දේ ක්‍රියාත්මක වෙන බවයි පෙනී යන්නේ...

:       1       13

Rexi Saturday, 05 November 2022 03:26 PM

කොහොමත් තාත්තලා, අම්මලා, දූලා ඔක්කොම එකයි. හැබැයි හැබැයි මුකුත් වෙන්නේ නැහැ. අර ළඟදි අලියගෙන් පැනලා. ඊට පස්සේ ඊට පස්සේ ටෙලිෆෝන් එකට එකතු වෙලා ආයෙත් පොහොට්ටු ආණ්ඩු කරන පැත්තට පැන්නා. දැන් සැරිසරණ ඇමැති ඉන්නකන් නෝ ප්‍රොබ්ලම් නේද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 506 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1679 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site