වෙළෙඳ දැන්වීමක් සඳහා මුම්බායිහි "මෙහෙබුබා" කලාගාරයට පැමිණි අවස්ථාවේදී බොලිවුඩ් සිනමා නිළි ප්‍රියංකා චොප්රාට අලුත් අමුත්තෙක් මුණගැසුණ පුවතක් "ලයිෆ් ඔෆ් බොලිවුඩ්" වෙබ් අඩවිය වාර්තා කර සිටියි. ප්‍රියංකාට මෙසේ මුණගැසුණු අමුත්තා වුයේ අර්පිතාගේ (සල්මාන් ඛාන්ගේ නැගණිය) පුත් "අහිල්" ය. අර්පිතා හා අහිල් දෙදෙනා "මෙහෙබුබා" කලාගාරයට පැමිණ ඇත්තේ සිය සොහොයුරා වූ සල්මාන් ඛාන්ගේ "සුල්තාන්" චිත්‍රපටයේ මංගල දර්ශනයේ වැඩ කටයුත්තක් සඳහාය.
ප්‍රියංකා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරය බලා යන්නට පෙර සහභාගී වූ වෙළෙඳ දැන්වීමක සුළු රූපගත කිරීමක් සඳහා "මෙහෙබුබා" කලාගාරයට පැමිණි තිබුණි. අහම්බෙන් මුණගැසුණු මේ පුංචි අමුත්තා සුරතල් කරන්නට අමතක නොකළ ප්‍රියංකා, යළිත් ඉන්දියාවට පැමිණි වහාම සල්මාන්ගේ නිවසට පැමිණෙන බවටද පොරොන්දු වෙමිනි.
ප්‍රියංකා මෙසේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරය බලා හදිසියේම පිටත්ව ගොස් ඇත්තේ මේ දිනවල ලොවපුරා ජනප්‍රිය හොලිවුඩ් ටෙලිනාට්‍යය මාලාවක් වූ Quantico හි අවසන් රූපගත කිරීම් කටයුතු සඳහා එක්වීමටය. එමෙන්ම ඇය රංගනයෙන් දායක වූ %බේවොච්^ හි පළමු ප්‍රචාරක දැන්වීම එළිදැක්වීම උත්සවයටද සහභාගී වීමටද නියමිතව ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ප්‍රියංකාට අහම්බෙන් අමුත්තෙක් මුණ ගැහිලා