IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පිරිමි වදවෙලා ගැහැනු ඉතිරි වෙන්නයි යන්නේ

මවු කුස තුළ දී ගැහැනු පිරිමි ලිංගිකත්වය තිරණය කරන, Y වර්ණදේහය ගෙවුණු වසර මිලියන ගණනක් තුළ වෙනස්කම්වලට භාජන වී ඇති බවත්, ඉදිරියේ දී එය සම්පූර්ණයෙන් නැතිවී යෑමේ අවදානමක් පවතින බව වෛද්‍ය පර්යේෂකයෝ කියති.

Y වර්ණදේහය නැතිවී ගියහොත්, උපදින සියලු දෙනා ගැහැනුන් වනු ඇත. 

Y වර්ණදේහය අවදානම් තත්ත්වයකට පත් වී ඇති බව අනාවරණය කර ඇත්තේ ඇමෙරිකා ජාතික විද්‍යා ඇකඩමියේ විද්‍යාඥයන්ය.

ඔවුන් පෙන්වා දී ඇත්තේ, පසුගිය වසර ගණනාව තිස්සේ Y වර්ණදේහයට එහි ජානවලින් වැඩි ප්‍රමාණයක් අහිමිවී ඇති බවය.

ඒ වසර මිලියනයකට ජාන 10 ක අහිමි වීමේ අනුපාතයකිනි.

ඒ අනුව, වසර මිලියන 4.5ක් තුළදී Y වර්ණදේහය සම්පූර්ණයෙන්ම නැතිවී යාමේ සම්භාවිතාවක් පවතින බව පැවැසෙයි.



අදහස් (11)

පිරිමි වදවෙලා ගැහැනු ඉතිරි වෙන්නයි යන්නේ

Supuni Sunday, 25 August 2024 02:22 PM

අකුසල කර්මවල ප්‍රතිඵලත් එක් හේතුවක් ගැහැණු ආත්මභාව වලට...!

:       56       36

Jagath Sunday, 25 August 2024 02:38 PM

දැනටමත් ගැහැණු ජනගහනය වැඩියි කියලා පේනවා... ඉක්මණින් විසඳුමක් සෙව්වේ නැත්නම් මිනිස් වර්ගයේ අවසානය වෙන්න පුළුවන්... කොහොම වුණත් සමහරක් දේශපාලුවන් වෙනුවෙන් මේ දිනවල කටයුතු කරන මිනිස් රුවෙන් පෙනීසිටින ලංකාවේ ඉන්නේ මිනිස්සු නම් තිරිසන් සතුන්ට දෙවැනි නැහැ..

:       6       32

Chandima Sunday, 25 August 2024 03:36 PM

ඒ කියන්නේ තව වසර මිලියන 4.1 කින් අපට වැඩබලන ජනාධිපති කෙනෙක් හොයාගන්න බැරි වෙනවා? මල කෙලියක්නේ වෙන්න යන්නේ?

:       7       26

Karunajeewa Sunday, 25 August 2024 03:50 PM

වසර මිලියන 166ට කලින් හෝමෝ සේපියන් සේපියන් මානවයා හිටියාද?

:       1       18

PereraMonday, 26 August 2024 07:45 AM

මට යන්තම් මතකයි හිටියා වගේ

:       1       3

Sarasi Sunday, 25 August 2024 04:08 PM

අහන්න දෙයක්යෑ දැන් ඉන්න පිරිමි ඔක්කෝම ගෑනු ඇඳුම්. ඇඳන් දඟලනකොට ක්ෂය වෙලා යනවා ඇති...

:       0       25

Chandanie Sunday, 25 August 2024 04:37 PM

මේ අදහස නම් වැදගත් කියලා හිතෙනවා ඇත්තටම දැන් ඉන්න නමින් පිරිමි වුණත් අදින්නේ සමාජයේ කාන්තාවන් සඳහා වෙන්වූ ඇඳුම් පැළඳුම් තමයි. එහෙම ඇන්දාම එය සිතට බලපෑම් වෙලා ශරීරයේ වෙනස්කම් වෙන්න පුළුවන් ඔය අතර මත්පැන්, මත්කුඩු හා විස මත්ද්‍රව්‍ය නිසා තවත් කොටසක් නාස්ති වෙනවා. ඒ අතරේ කෘතිම ආහාර හා ජාන විකෘති කළ ආහාර හා බොයිලර් මස්වර්ගත් මිනිස් සිරුරේ ජාන වෙනස්වෙන්න හේතු වෙනවා ඇති...!

:       0       28

කමනි Sunday, 25 August 2024 06:41 PM

තව වසර මිලියන 4.5කින් අපට මුකුත් නැතුව තමයි ඉන්න වෙන්නේ...

:       0       14

Perera Monday, 26 August 2024 07:46 AM

එතකොට කොහොමද ඉතුරුවෙලා ඉන්න ටික දෙනා ගැන වටිනාකම .ශා නියමයි

:       1       3

Ruwan R Monday, 26 August 2024 11:57 AM

පෙරේරා දේශපාලකයෙක්ද? ඔය වගේ ආයු අපේක්ෂාවකින් තමයි මේ පිස්සු ලන්තේ පාලකයෝ ජීවත් වෙන්නේ.

:       0       6

අරවින්ද මොනරවිල Monday, 26 August 2024 01:54 PM

මුකුත්ම කරන්න ඕනා නැහැ ඒක ස්වභාවධර්මයේ තීරණය නම් ඒක පිලිගනිමු, සමහර විට වයි වර්ණදේහ ට වැඩිය හොද වර්ණදේහයක් ඊළග අවුරුදු මිලියන 4.5 ඇතුලත ස්වභාවධර්මය අපිට ලබා දේවි.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 39 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 739 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site