
(සජීවා කෝට්ටගොඩ)
චීන වරායේ සිට සීදූව බලා ධාවනය වූ ප්‍රීමා පිටි ප්‍රවාහනය කළ දුම්රිය අද අළුයම මහව දුම්රිය ස්ථානයේදී පිළී පැනීම නිසා නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල විය.
මේ හේතුවෙන් කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය , මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන පුලථිසි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය හා මහව සිට මඩකලපුව බලා ධාවනය වන මිශ්‍ර දුම්රිය ප්‍රමාද වී ධාවනය කිරීමට සිදුවේ.
අලුයම ධාවනය කිරීමට නියමිත තිබුණු තැපැල් දුම්රිය පාන්දර 5. 15 ට පමණ ප්‍රමාදව ධාවනය කෙරිණි.
දුම්රිය පීලි පැනීම නිසා මාර්ගයට හානි සිදුව නොමැති අතර දුම්රියේ ගාඩ් පෙට්ටියේ රෝද කට්ටල දෙකක් හා පිටි රැගෙන යන එක පෙට්ටියක රෝදයක් පීළි පැන තිබේ.
නැගෙනහිර දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රිය මහව මංසන්ධියේ දී මාරුකර යැවෙන අතර ප්‍රීමා පිටි දුම්රිය දිග නිසා දුම්රිය පෙට්ටි හතරක් ඉවත් කර මාර්ගය විවෘත කර දුම්රිය ධාවනයට කටයුතු කිරීමට හැකි වූ බව දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රීමා පිටි දුම්රිය මහවදි පීලි පනි
Sunil Friday, 12 May 2023 03:42 PM
මාස කිහිපයක් ඇතුළට මේ ස්ථානයේම සිදුවූ දෙවන පීලි පැනීමයි මේ. දුම්රිය මාර්ග නඩත්තුව නම් අන්තිම ඉහළයි.