IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


පාරම්පරික නැටුමටත් උපාධිය

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ මූලිකත්වයෙන් උඩරට පාරම්පරික නර්ථන හා ගායන හා වාදන උපාධි පාඨමාලාවක් මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහ නායක හිමිවරුන්ගේ මගපෙන්වීමෙන් ලබන අප්‍රේල් මස ඇරඹීමට සැලසුම් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් පැවැත්වූ බවත් දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා පැවසීය.

පාරම්පරික කලා ශිල්පය රැක ගනිමින් ශිල්පීන්ට වෘත්තීය ගරුත්වයක් ලබා දීම සඳහාත්, කලාව සඳහා යොමුවන නවක තරුණ තරුණියන්ට විධිමත් දැනුමක් ලබාදීමත් පාඨමාලාවේ අරමුණ බව දෑල මහතා කීවේය.

විද්වත් කලා ශිල්පීන් හා ප්‍රවීන නර්තනාචාර්යවරුන් සමග සාකච්ඡා කර විශය නිර්දේශ ඉදිරිපත් කරන බවත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ අවසරය කඩිනමින් ලබාගැනීමට කටයුතු කරන බවත් දියවඩන නිලමේ වරයා පැවැසිය.

මුලික වශයෙන් මෙම වැඩසටහන සදහා දලදා මාලිගාව මගින් රුපියල් මිලියන 100 ක් වෙන් කරන බවත් පල්ලකැලේ ජාත්‍යන්තර බෞද්ධ ඇකැඩමියට අයත් පරිශ්‍රයේ ගොඩනැගිලි දෙකක් මේ සදහා ඉදි කරන බවත් ඒ සදහා ඉන්දියාව,ප්‍රංශය හා ජර්මනිය සමග සාකච්ඡා කර අරමුදල් ලබා ගැනීමට කටයුතු කරන බවත් ඔහු කීවේය.

MALIGA-1 MALIGA-2 MALIGA-3



අදහස් (0)

පාරම්පරික නැටුමටත් උපාධිය

නන්ද Wednesday, 30 December 2015 06:54 AM

හරිම හොඳ වැඩක් (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 30 December 2015 07:16 AM

ඔබතුමාට පින්සිද්ධ වේවා! ඒක නම් හොඳ අදහසක් (නි)

:       0       0

උදාර Wednesday, 30 December 2015 07:33 AM

හොඳ වැඩක් (නි)

:       0       0

තුසිත Wednesday, 30 December 2015 07:48 AM

හොඳ යෝජනාවක්. විනාශයට යන ශිල්ප ශාස්ත්‍ර ආරක්ෂා කරගන්න මේ වගේ වැඩපිළිවෙලක් යොදන එක අගය කළයුතු දෙයක්. (නි)

:       0       0

සේන Wednesday, 30 December 2015 08:07 AM

පාරම්පරික කළා ශිල්ප ආරක්ෂා කරගන්න එක හොද දෙයක් එත් උපාධි පාටමාලාවක් පටන් ගන්න කලින් හිතන්න ඕනේ පිටවෙන උපාධි ධාරීන්ට රස්සා දෙන්නේ කොහොමද කියලා. (කෞ)

:       0       0

පතිරණ Wednesday, 30 December 2015 08:23 AM

මමනම් කියන්නේ පාරම්පරික කලා ශිල්පවලට හොඳ වෙළද පොලක් හදන්න ඕනේ එහෙම වුනාම මෙතෙක් සිද්ද වෙච්ච විදිහට ඒ කලා ශිල්ප ආරක්ෂා වෙයි - නැතිනම් වෙන්නේ තවත් කණ්ඩායමක් රැකියා ඉල්ලලා පාරේ වාඩිවෙලා ඉඳියි (බ)

:       0       0

රෝයි Wednesday, 30 December 2015 10:30 PM

සේන, උපාධියක් යනු රැකියාවක් සඳහා විවරකළ දොරටුවක්ම පමණක් නොවේ (නි)

:       0       0

ජයන්ත (කෞ) Wednesday, 30 December 2015 10:44 AM

දියවඩන නිලමේ තුමා, සෞන්දර්ය විශ්ව විද්‍යාලයට සම්බන්ද කරන්න කටයුතු කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 556 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site