IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පිරමීඩ් ජාවරමකට හසුවු ඉලන්තඩිය වැසියෝ කෝප වෙති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

පිරමීඩ ජාවාරමට හසුවු කල්පිටිය ඉලන්තඩිය ගම්මානයෙ පිරිසක් තමන් එම ජාවාරමට යොමු කළ ව්‍යාපාරීකයකුගේ හෝටලය අසලට ගොස් විරෝධය මතු කිරීමත් සමග උණුසුම් තත්වයක් ඇති විය.

ඉලන්තඩිය ප්‍රදේශයෙ සංචාරක හෝටලයක් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරීකයකු වසර කිපයකට පෙර ඉලන්තඩිය ගම්මානයෙ 30 කට ආසන්න පිරිසක් මෙසේ පිරමිඩ ජාවාරමට සම්බන්ධ කර ගෙන ඇති බව කියයි.

 ඒ අනුව රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් මෙම පිරිසට අහිමි ගොස් ඇති බව පවසමින්  ඔවුහු විරෝධය මතු කරන්නට වුහ.

මෙහිදි අදාල හෝටල් හිමියා විසින් ඉලන්තඩිය ගම්මානයෙ පමනක් 30 දෙනෙකුට ආසන්න වංචනිකව රවටමින් මෙම පිරමීඩ ජාවාරමට යොදා ගෙන ඇති බව කියයි.

මෙම පිරමීඩ ජාවාරමට හසුවුවන් පවසන්නේ තමන්ගේ ඉඩම් ගෙදොර උගස් කරමින් මෙයට මුදල් යෙදවු බවයි.

කෙසේ නමුත් මෙම පිරිස නොරෝච්චෝල පොලිසියට පැමිනිලි කිරිමට ගිය අවස්ථාව වලදි පැමිනිලි භාර ගැනිමට නොහැකි බව පවසා තිබේ.

ඉන් පසුව පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාල භුමියෙ ඇති කොඨඨාශ  අපරාධ විමර්ශන ඒකකයට (SCID) පැමිනිලි කිරීමට ගිය අවස්ථාව වලදි එහි නිළධාරීන් ද මේ සම්බන්ධව දක්වා ඇත්තේ ඇල් මැරුණූ පරික්ෂණයක් බව ජාවාරමට හසුවු පුද්ගලයින් පවසයි.

මේ හේතුවෙන් තමන් රැවටු පුද්ගලයින්ට විරුද්ධව පැමිනිලි කිරීමට ස්ථානයක් නොමැති විමේන් මෙම පිරිස මහත් අසිරුතාවයට පත්වි සිටිති.

 

 

 



අදහස් (1)

පිරමීඩ් ජාවරමකට හසුවු ඉලන්තඩිය වැසියෝ කෝප වෙති

සෙනෙවිරත්න Monday, 19 February 2024 03:08 PM

කරපු ගොන්කමට මොනවා කරන්නද? ඕවාට සල්ලි දෑවට කොල කෑල්ලක්වත් නැහැනේ....!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 245 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site