
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා මහ බැංකුව 1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර ඇති බවට නිර්ණය කළ ආයතන 21ක් අද (20) නිල වශයෙන් නිවේදනය කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ආයතන 21 සම්බන්ධයෙන් විමර්ශනයක් කළ බවත් ඉන් අනතුරුව මෙසේ ප්‍රසිද්ධ කළ බවත් සඳහන් කරයි.
එම ආයතන 21න් පස්වැනි ආයතනයේ නම ප්‍රසිද්ධ කිරීම අධිකරණය අත්හිටුවා ඇති බැවින් එය ප්‍රසිද්ධ කර නොමැති බවද මහා බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
පිරමීඩාකාර යෝජනා ක්‍රම ක්‍රියාත්මක කලේ යැයි මහා බැංකුව ප්‍රසිද්ධ කර ආයතන ලැයිස්තුව පහත දැක්වේ.
1. ටීන්ස් ලංකා හෙල්ත් කෙයා ප්‍රයිවට් ලිමිටඩ්
2. බෙස්ට් ලයිෆ් ඉන්ටනැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්
3. මාක් - වො ඉන්ටනැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්
4. වී. එම්. එල්. ඉන්ටනැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්
5. පස්වැනි ආයතනය ප්‍රසිද්ධ කර නොමැත
6. පාස්ට් 3 සයිකල් ඉන්ටනැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්
7. ස්ටපා්ට් චේන් ඇප්, ස්පෝට් චේන් ඉසෙඩ්.එස්. සොසයිටි ශ්‍රී ලංකා
8. ඔන්මැක්ස් ඩීටී
9. එම්.ටී.එෆ්.ඊ. ඇප්, එම්.ටී.එෆ්.ඊ. එස්.එල් ගෘප්, එම්.ටී.එෆ්.ඊ. සක්සස් ලංකා, එම්.ටී.එෆ්.ඊ. ඩී.එස්.සී.සී. ගෘප්
10. පාස්ට්වින් ප්‍රයිවට් ලිමිටඩ්
11. ෆෘයුගෝ ඔන්ලයින් ඇප්/ ෆෘයුගෝ ඔන්ලයින් ප්‍රයිවට් ලිමිටඩ්
12.රයිඩ් ටු ත්‍රී ෆීඩම් ප්‍රයිවට් ලිමිටඩ්
13. කිව්නෙට්
14. එරා මිරකල් ප්‍රයිවට් ලිමිටඩ් ඇන්ඩ් ගිනේසිස් බිස්නස් ස්කූල්
15. ලෙජ බ්ලොක්
16. ඉසිමාගා ප්‍රයිවට් ලිමිටඩ්
17. බීකොයින් ඇප් ඇන්ඩ් සන්බර්ඩ් ෆවුන්ඩේෂන්
18. වින්ඩෙක්ස් ට්‍රේඩින්
19. ද එන්රිච් ලයිෆ් ප්‍රයිවට් ලිමිටඩ්
20. ස්මාට් වින් එන්ටප්‍රනියර් ප්‍රයිවට් ලිමිටඩ්
21 නෙට් ෆෙවර් ඉන්ටනැෂනල් ප්‍රයිවට් ලිමිටඩ්/නෙට්රික්ස්
2025 දෙසැම්බර් මස 18
543
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිරමීඩාකාර ආයතන 21ක් ප්‍රසිද්ධ කරයි
sugath Monday, 20 January 2025 07:29 PM
මහ බැංකුව මේ ප්‍රකාශය මාධ්‍යය හරහා දැන්වීමට ගත් පියවර ප්‍රසංශා කළයුතු දෙයක්. නමුත්, රටේ මුදල් කෑදරකමින් පෙලෙන කී දෙනෙක් මෙයින් ප්‍රයෝජන ගනීද යන්න සැක සහිතයි. මෙවැනි දැනුම් දීමක් කර තිබියදීත් මෙවැනි වංචාවකට යමෙක් හසු වුවහොත්, එහි වගකීම ඒ තැනැත්තා විසින් පමණක් බාර ගත යුතුයි.
Ruwan Monday, 20 January 2025 08:32 PM
සමාජ මාධ්‍ය ඇතුළු රටේ ප්‍රධාන මාධ්‍ය සහ ස්ථාන වල ප්‍රසිද්ධියේ මෙවැනි ව්‍යාපාර ප්‍රවර්ධනයට කටයුතු කරන පුද්ගලයන් සහ කණ්ඩායම් හඳුනාගෙන ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුමයි.
Tharindi wijethunga Tuesday, 21 January 2025 07:17 AM
අපිට රජයේ ලියපදිංචි ආයතනයකින් මුදල් වංචාවක් කලොත් මොකද කරන්නේ , ඒත් ඒකට සල්ලි යොදවපු අයම වගකීම බාරගන්න ඕනිද
ලාලිත Tuesday, 21 January 2025 10:29 AM
90% මිනිස්සු දැන දැනමයි මේ පිරමිඩ් ආයතනවලට සම්බන්ද වෙන්නේ. ඔවුන් හිතනවා තව දෙන්නෙක් තුන්දෙනෙක් මාට්ටු කරලා ගානක් කපා ගන්න පුලුවන් වෙයි කියලා. ඉතුරු 10% යාලුවන් හෝ සමීපතමයන් දෙන ලණුව කාලා මුදල් සහ ජීවිතය විනාස කරගන්නවා. මිනිස්සුන්ව සුපිරියට අන්දන්න පිරමිඩ් සමාගම් භාවිතා කරන උපාය උපක්රමත් ඉතාම මනෝ විද්යාත්මකයි.