හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ , ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හමුදාපති සරත් ෆොන්සේකා යන මහත්වරුන් ඝාතනය කිරිමේ අරමුණින් ඔවුන් සහභාගි වීමට නියමිතව සිටි දැයට කිරුළ ප්‍රදර්ශනයට මරාගෙන මැරෙන කොටි ත්‍රස්ත්‍රවාදියකු තම සහයක නිලධාරියා ලෙස වෙස් ගන්වා ගෙන එම ප්‍රදර්ශනය පැවැත්වු බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භුමියට ඇතුල් කරවීමට උත්සහ කළ බව යුද හමුදා කර්නල්වරයකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන වසරේ මාර්තු 30 වැනි දා සිට විභාග කීරිමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා අද (8) තීරණය කළේය.
යුද හමුදා හිටපු කර්නල්වරයකු වන රංජිත් චන්ද්‍රසිරි පෙරේරා (52) මේ නඩුවෙන් චෝදනා ලබා සිටියි. මෙම නඩුවට අමතරව 2009 මැයි 15 වැනි දා රත්මලාන යුද හමුදා කඳවුරේදී නිත්‍යනුකුල බලයක් හෝ සාධාරණ හේතුවක් නොමැති මයික්‍රෝ පිස්තෝලයක් හා උණ්ඩ 69 ක් ළඟ තබාගෙන සිටි බවටත් කර්නල් පෙරේරාට එරෙහිව නඩුවක් නීතිපතිවරයා විසින් පවරා ඇත.
මෙම නඩු දෙකම විභාග කිරිම සඳහා 2016 මාර්තු 30 වැනිදා තීරණය කළ විනිසුරුවරයා පැමිණිල්ලේ සාක්කිකරුවන්ට සිතාසි නිකුත් කළේය.
විත්තිකරු වෙනුවෙන් නිතිඥ ගයාන් මාදුවගේ මහතා සමඟ නිතිඥ සාලිය පිරිස් මහතා පෙනී සිටියේය.
තම සේවා දායකයා වරද නොපිළිගන්නේ නැති බව දැනුම් දුන් නිතිඥ ගයාන් මාදුවගේ මහතා නඩුව විභාග කිරිමට නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
පැමිණීල්ලේ සාක්කිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙස විනිසුරු නියෝග කළේය.
2009 ජනවාරි 07 වැනි දාත් මැයි 14 වැනි දාත් අතර කාලයේ කොළඹ දී කොටි බෝම්බකරුවන් වන කන්දවනම් ගෝකුලනාත් හෙවත් ඉම්බන් සහ කොටි බුද්ධි අංශ නායක කනගරත්නම් ආදිත්‍යයන් කොටි සාමාජිකයන් බව දනිමින් ඔවුන් දිරිගැන්වීම, මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරිම සඳහා සැළසුම් චෝදනා ඔවුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
එම අවස්ථාවේදී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් ළඟ තබා ප්‍රහාරයක් එල්ල කිරිම සඳහා කොටි සාමාජිකයින් දිරි ගන්වමින් ඔවුන්ට රැකවරණය ලබා දුන් බවටත් නීතිපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා නඟා ඇත.
2025 දෙසැම්බර් මස 18
315
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රභූ ඝාතනයට කොටියා ගෙනාවයි කර්නල්ට නඩු
ඉන්දික Tuesday, 08 September 2015 11:46 AM
දිනේ ළඟ වැඩියිනේ! (බ)
සෙනරත් Tuesday, 08 September 2015 12:20 PM
මෙච්චර කල්දැම්මේ ඇයි දන්නෙ නැහැ (නි)
ඒඩ්‍රියන් Thursday, 10 September 2015 01:21 PM
සමාවක් දෙයිද බලමු (නි)
යසරත්න Tuesday, 08 September 2015 05:17 PM
මෙවන් පුද්ගලයන්ට උපරිම දඬුවම් දෙන්න (නි)
ටෝනි Tuesday, 08 September 2015 09:01 PM
මෙවැන්නන්ට ඉක්මණින් දඬුවම් දෙන්න (නි)
සුභාෂි Tuesday, 08 September 2015 11:20 PM
මෙතරම් කල් ගන්නේ සාක්කි ප්‍රමාණවත් නැති නිසාද? (නි)
ගලේගොඩ Wednesday, 09 September 2015 12:21 AM
ඉවසීමෙන් බලාඉන්න එක තමයි කරන්න තියෙන හොඳම දේ (නි)
ගයන්ත Wednesday, 09 September 2015 01:17 AM
කොච්චර කාලයක් ගියත් කමක්නැහැ සාධාරණය ඉටුවෙනවා නම් (නි)
ඉමේෂ් Wednesday, 09 September 2015 01:22 AM
ඉක්මනට ගිහින් උපදෙස් ගත්තා නම් හරි. දැන් නොමිලේ නීති සහයත් දෙනවා කියලා කියන්නේ... (නි)