IMG-LOGO

පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝණය ගැන මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක්

( තිළිණි ද සිල්වා)

ශ්‍රී ලංකාවේ පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝණය වීම් ගැන ජගත්  ශ්‍රී ලාංකීය එකමුතුව  සහ පාරිභෝගික අයිතීන් සුරැකිමේ ජාතික ව්‍යාපාරය එක්ව ජිනීවාහී එක්සත් ජාතීන්ගේ ආර්ථික සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් කමිටුවට අද  (25) දින සංදේශයක් බාර දී ඇත.

මෙම සංදේශය බාර දීමේ  අවස්ථාවට ජගත්  ශ්‍රී ලාංකීය එකමුතුව  සහ පාරිභෝගික අයිතීන් සුරැකිමේ ජාතික ව්‍යාපාරය වෙනුවෙන්  ආචාර්ය නාලක ගොඩහේවාල ආචාර්ය ප්‍රතිභා මහානාමහේවාල මදුශාන් හරීන්ද්‍ර ල අරුණ වරුසහැන්නදිගේල නිමලා ලියනපටබැඳිගේ හා රොෂාන් වීරපුර යන මහත්වරුන් සහභාගී වූහ. 

සංදේශය බාරදීමෙන් පසු මාධ්‍ය ඇමතූ  ආචාර්ය ප්‍රතිභා මහනාමහේවා කියා සිටියේ ලංකාවේ පාරිභෝගික අයිතිවාසිකම් කමිටුවට බාරදෙන චෝදනාවකට පිළිතුරක් ලබා ගැනීමට මාස ගනනාවක් ගත වන අතර රජයේ අකාර්යක්ෂමතාවට වන්දි ගෙවන්නට සිදු වී ඇත්තේ ජනතාවට බවය. 

වත්මන් රජය බලයට පත් වූ වහාම සිදුකල මහබැංකු බැඳුම්කර මගඩිය නිසා සිදුවූ රුපියල් කෝටි ලක්ෂයකට වැඩි පාඩුව අසීමිත ලෙස බදු වැඩි කිරීමි හරහා ජනතාවගෙන් අයකිරීමට රජය කටයුතු කරන බවද ඔහු කීය. 

වත්මන් රජය බලයට ආ පසු හඳුන්වාදුන් . තොරතුරු දැනගැනීමේ පනත. අද පුස්සක් බවට පත්වී ඇති බව පෙන්වාදුන් මදුශාන් හරීන්ද්‍ර මහතා කියා සිටියේ  තෙල් මිල සූත්‍රය රහසක් වශයෙන් තබාගැනීමෙන් ලංකාවේ ජනතාවගේ පාරිභෝගික අයිතීන් කඩවී ඇති බවයි. 

ලංකාවේ පාරිභෝගික අයිතීන් කඩවීම් පිලිබඳ දැනුවත් කිරීම සඳහා ජිනීවාහී .එක්සත් ජාතීන්ගේ ආර්ථික සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් කමිටුවට සංදේශයක් ඉදිරිපත් කර ඇති ප්‍රථම අවස්ථාවද මෙය වන බව ජගත්  ශ්‍රී ලාංකීය එකමුතුව සඳහන් කරයි. 



අදහස් (2)

පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝණය ගැන මානව හිමිකම් කවුන්සිලයට පැමිණිල්ලක්

OMG Tuesday, 25 September 2018 03:34 PM

මෙහෙම ව්‍යාපාරයක් තියෙනවද? පාරිභෝගිකයන්ට වෙන අසාධාරණකම් ලියන්න ගියොත් මාසයක් විතර රස්සාවෙන් නිවාඩු ගන්න වෙනවා. ඒ තරමටම අසාධාරණකම්.

:       0       0

laksman Wednesday, 26 September 2018 01:30 AM

කවුරුහරි මෙම පැමිනිලි පාර්ශවයේ අය ඔවුන්ගේ පරිභෝජනය සඳහාවත් නිෂ්පාදනය කරන්න‍ේ හා වවාගන්නේ මොනවාද බලන්න. කාටත් අවවාද කරන්නනම් පුලුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1445 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 531 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 600 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site