(යොහාන් භාසුර)
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් නාරම්මල බිහාල්පොල ප්‍රදේශයේ බිත්තර සඟවා ඇතැයි කියන ස්ථානයක් පරීක්‍ෂාවට අද (4) ගිය අවස්ථාවේදී ප්‍රහාරයකට ලක්වීමෙන් නිලධාරීන් කීපදෙනෙක් රෝහල්ගත කර තිබේ.
එම ස්ථානය පරීක්ෂා කිරීමේදී රාජකාරියට බාධා කරමින් ආයුධ සන්නද්ධ පිරිසක් නිලධාරීන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළ බවත් මේ සම්බන්ධව නාරම්මල පොලිසියට පැමිණිලි කළ බවත් එම අධිකාරිය කීය.
අදාල ආයතනයෙන් සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දිගින් දිගටම පැමිණිලි ලැබී තිබූ බවත් ඒ සම්බන්ධව උපාය දූතයන් හරහා ඒ බව තහවුරු කරගැනීමෙන් අනතුරුව වැටලීම කළ බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩි දුරටත් සදඟන් කළේය.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට නාරම්මලදී ප්‍රහාරයක්
de silva Friday, 05 May 2023 09:02 AM
කෝටිපති බිත්තර මාෆියාකාරයෝ ඉන්නේ කුරුණෑගල. මුන්ගේ මාෆියාව නැත්නම් බිත්ත කිසිම ප්‍රශ්නයක් නොමැතිව 25ට දෙන්න පුළුවන්. රටින් බිත්තර ගේන එකටත් මොවුන් මුදල් බලය යොදලා බාධා කරනවා. සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය නම් සංවිධානය වෙලා විශාල ජන බලයක් යොදලා වටකරන්න ඕනි. මුලින්ම බිත්තර මාෆියාවට දෙවැනුව සහල් මාෆියාවට. අපේ ආහාර වලින් ගසාකාලා සුර සැප විදින හෙලිකොප්ටර්වලින් ගමන් යන කාලකන්නින්ගෙන් පරිස්සම් වෙයල්ලා.