රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් හමුදාව ආරම්භ කළ මූලික පරීක්ෂණ උසාවියේ සාක්කි සම්පිණ්ඩන වාර්තාව ලැබුණු පසු එහි චෝදනා එල්ලවී ඇති හමුදා සාමාජිකයන්ට එරෙහිව ප්‍රබල සාක්කි පවතින්නේ නම් හමුදාපතිවරයා විසින් ඔවුන් යුද අධිකරණය හමුවට පමුණුවන බව යුද හමුදාව කියයි.
මෙම සාක්කි සම්පිණ්ඩන සටහන් කිරීමේ ක්‍රියාවලිය දැනට ආරම්භ වී ඇති බවත් එය තවදුරටත් සිදුකරමින් පවතින බව වැඩබලන හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසීය.
2013-08-01 දින සිදුවූ මෙම සිදුවීමෙන් පසු හමුදා නීති විධි විධානවලට අනුව එවකට හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක මහතා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට මූලික පරීක්ෂණ උසාවියක් පිහිටුවා තිබිණි.
මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වන නඩුව ලබන නොවැම්බර් 6 වැනිදා නැවත කැඳවීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ප්‍රබල සාක්කි ඇත්නම් යුද අධිකරණයට ගෙන යනවා‘
ඉමේෂ් Thursday, 17 September 2015 04:51 AM
සිවිල් මිනිස්සු මරන්න අයිතිය දීල නැත්තන් ඇයි සුනිල් රත්නායක එල්ලුම්ගහට යවද්දී කැගහන්නේ?(ම)
දීනා Wednesday, 16 September 2015 03:21 PM
බැරිද ඕකට ගෝඨාව අධිකරණයට ගෙන්වන්න මොකද එයානේ ආරක්ෂක ලේකම් හිටියේ (අ)
ධරම් ජයවික්‍රම Thursday, 17 September 2015 05:16 AM
තම අයිතිය වෙනුවෙන් උද්ගෝෂණ කරන සිවිල් මිනිසුන්ට වෙඩි තියන්න බලයක් කාටවත් නැහැ. නීති ක්‍රියාත්මක කරන්න.(ම)
මොහාන් Thursday, 17 September 2015 06:01 AM
මේ වගේ දේවල් නිසා තමා යු එන් එක අපේ ඔලුවට අත හෝදන්නේ (බ)
සරත් පර්ත් Thursday, 17 September 2015 06:13 AM
හිටපු හමුදාපති තුමා හිරගෙට යැවුවේ ප්‍රබල සාක්ෂි තිබිලද ? (බ)
ඉමේෂ් Thursday, 17 September 2015 01:48 AM
රට බේරාගත් වීරයෝ එහෙම ගෙනියන්න දෙන්න බැහැ. අපි මහින්ද මහත්තයා එක්ක පෙළ ගැහෙනවා (නි)
සාමා Thursday, 17 September 2015 02:00 AM
ඉමේෂ්, මෝඩ කතා කියන්න එපා. සිවිල් මිනිස්සු මරන්න කිසිවෙකුට අවසර දීලා නැහැ. මහින්ද මහත්තයා මේවට ගාවන්න එපා. (නි)
ධනුක Wednesday, 16 September 2015 12:31 PM
ලංකාවේ නඩු නම් ලේසියෙන් අවසන්වෙන ඒවා නෙමෙයි වගේ (නි)
රෝහණ Thursday, 17 September 2015 02:25 AM
ඉමේෂ්, ඔයා කඩේ යන්න එපා වැරැද්දට. වැරදි කළොත් කවුරු කළත් දඬුවම් විඳින්න ඕනෑ. (නි)
නිලූ Thursday, 17 September 2015 02:36 AM
බ්‍රිගේඩියර්වරයෙකුට කලබල තත්ත්වයන් පාලනය කරන්න අයිතියක් තිබෙනවා. මිනිස්සු එතුමා කියපු විදියට ක්‍රියා නොකළ නිසා ඊළඟ පියවරකට යන්න අයිතිය තිබෙනවා. (නි)
නාමල් Thursday, 17 September 2015 03:11 AM
නිලූ,නිරායුධ සිවිල් වැසියන්ට වෙඩිතියන්න කාටවත් අවසරයක් නැහැ. අනෙක බ්‍රිගේඩියර්වරයෙකුට බැහැනේ සිවිල් වැසියන්ට නියෝග දෙන්න (නි)
බුවනෙක Thursday, 17 September 2015 03:18 AM
අපිත් බලාගෙන ඉන්නේ වෙන්නේ මොකක්ද කියලා (නි)
ජි නන්දන Wednesday, 16 September 2015 01:22 PM
ප්‍රබල සාක්කි වීඩීයෝ පටිවල තියනවනේ (අ)
පිටබැද්දර ජයා Wednesday, 16 September 2015 01:25 PM
අනේ අපේ නීති පද්දතිය ! (අ)