(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන මානවඩුගේ අසංක නොහොත් පරිප්පුවා නැමැත්තා ඉලක්ක කරගෙන වැල්ලම්පිටිය කොටුවීල ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි .
ඒ අතර යතුරු පැදිය පැදවූ පුද්ගලයා මෙන්ම ආධාර අනුබල දීම හා සැලසුම් කිරීම යෙදුනු පුද්ගලයන් වන බව පොලිසිය කියයි.
යතුරු පැදිය බොරැල්ල පොලිස් වසමේ දමා ගොස් තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.
පරිප්පුවා නැමැත්තා ඔහුගේ සමීපතමයන් කිහිප දෙනකු සමඟ එම ප්‍රදේශයේ රැදී සිටියදී යතුරු පැදියකින් පැමිණ තිබු පුද්ගලයන් දෙදෙනෙකු ටී-56 ගිනි අවියකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.
එහිදී පරිප්පුවා සමග සිටි පුද්ගලයකු බරපතළ තුවාල ලැබීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘‘පරිප්පුවාට‘‘ වෙඩි තැබූවැයි තිදෙනෙක් මාට්ටු
උපාලි Monday, 13 March 2023 09:38 AM
සංවිධාන අපරාධකාරයකුටනෙ වෙඩි තියල තියෙන්නෙ. ඉතින් උන්ව ප්රසිද්ද නොකර තවසැරයක් උත්සාහ කරන්න උදව් කරන්න.
අබිලින් Monday, 13 March 2023 02:30 PM
අපරාධ කරුවෙක්ට වෙඩිතැබූ නිසා අත් අඩංගුවට ගැනීම ක්ෂනිකව වෙලා කියලා හිතන්නේ මට විතරද රාළාමි
fairoos Monday, 13 March 2023 07:30 PM
වෙඩි තියපු කෙනාට නියම පරිප්පුව...!