IMG-LOGO

පර්පචුවෙල් සමාගම ගැන මහ බැංකුවෙන් වාර්තාවක් කැඳවයි

(රෝෂන් තුෂාර)

ශ්‍රී ලංකා මහබැංකු භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමෙන්  රජයට පාඩුවක් කළේ යැයි කියන සැකකාර  පර්පචුවෙල් ට්‍රෙසරිස්  සමාගම සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාර්තාවක් කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  තනුජා  ලක්මාලී මහත්මිය අද (07)නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ විශේෂ විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළාය .

2015 පෙබරවාරි 27දින සිදුකළ පළමු මහ බැංකු බැඳුම්කර  නිකුතුව  මගින් රජයට රුපියල් මිලියන 688කට  අධික පාඩුවක් සිදු කිරීමට එරෙහිව සිදු කරන විමර්ශනය සම්බන්ධයෙන් මෝෂමක් ගොනුකරමින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබිණි.

මහා බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු සැකකරුවන් නම දෙනෙකුට එරෙහිව මෙම විමර්ශනය සිදුකරනන අතර පර්පර්චුවල්  සමාගම එම විමර්ශනයේ තුන්වෙනි සැකකරු ලෙස නම් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සැකකාර  සමාගම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විස්තර වාර්තා කැඳවීමට අවසර ලබා  දෙන ලෙසය.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ  ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය  අදාළ නියෝගය නිකුත් කරමින්  විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන්නට නියෝග කළාය.



අදහස් (0)

පර්පචුවෙල් සමාගම ගැන මහ බැංකුවෙන් වාර්තාවක් කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 40 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1589 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1711 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site