IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ප්‍රධාන මාර්ගයේ දුම්රිය පමාවේ

රාගම දුම්රිය ස්ථානයේ ඇති වූ නොසන්සුන්තාවක් නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාද වූ බව රාගම දුම්රිය ස්ථානයේ ආරංචි මාර්ග කියයි.

කොළඹ සිට රඹුක්කන දක්වා ගිය මන්දගාමී දුම්රියක් රාගම දුම්රිය ස්ථානයේ විනාඩි විස්සක් පමණ නවත්වා තැබීම නිසා මගීහු පිරිසක් නොසන්සුන් වූහ. පිරිසක් රියදුරුට පහර දීමට උත්සාහ කළ බව සිද්ධිය ඇසින් දුටුවෝ කීහ.

රියදුරු බීමතින් සිටියේයැයි මීගීන් චෝදනා කළ අතර පොලිසිය කීවේ ඔහු බීමතින් නොසිටි බව පරීක්ෂණවලින් අනාවරණය වූ බවයි.

රියදුරුට සීනි වැඩි වී අසනීප තත්ත්වයෙන් පසු වූ නිසා දුම්රිය ධාවනය ප්‍රමාද වී ඇති බවත්, රියදුරු ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයකුට යොමු කළ බවත් පොලිසිය කියයි.

    

 



අදහස් (0)

ප්‍රධාන මාර්ගයේ දුම්රිය පමාවේ

පුමුදු Tuesday, 24 November 2015 04:01 AM

කොහමත් රාගම දුම්රිය පොළේ ඉන්න ගොඩක් මිනිස්සු හරිම අවශීලියි (ම)

:       0       0

විපුල Tuesday, 24 November 2015 03:58 AM

අසරණයට පත් වෙච්ච මගීන්ට සහ ගුටිකාපු රියදුරුට මෙවන් දෙයක් නොවේ වා කියා පතමු.(ම)

:       0       0

දිලිප් Tuesday, 24 November 2015 04:03 AM

මේ හේතුවෙන් අද බොහෝ දුම්රිය ධාවනය නොවිනි.වාර විභාග වලට පෙනී සිටින සිසුන් බහුතරයකට අද වෙලාවට පාසල් යාමට නොහැකි විය.වාර ප්‍රවේශපත්‍ර මගින් දැඩි අපහසුතාවයන්ට මුහුණ පාන ලදී. ඇතැම් දුම්රිය මාර්ග බස් මාර්ගයන්ගෙන් දුරස්ථව පවතින අතර විකල්ප බස් මාර්ග වෙත යාමට කාලය නොමැති නිසා සේවයට වාර්තා කිරීම පමා වීමට හේතු වේ.ධාවන වර්ජන අයිතියක් වුවත් එය මානුෂික විය යුතුය . (ම)

:       0       0

උද්දික Tuesday, 24 November 2015 04:30 AM

අපේ මිනිස්සු බොරුවට කලබල වෙනවා. දුම්රිය ස්වයංක්‍රීයව නවතන්නේ රියදූරු සිහි මද තත්වයට පැමිණි නිසා. එය ආරක්ෂාකාරී පියවරක්. සහයක රියදුරුට තනියෙන් දුම්රියක් රැගෙන යන්න බැහැ. ඒකයි නීතිය. මගීන් හිතන්නේ බස් එකක් අරන් යනවා වගේ කියල කෝච්චි. කිසිම ඉවසිල්ලක් නැහැ. (බ)

:       0       0

තුෂාර Tuesday, 24 November 2015 04:32 AM

නින්ද ගිහින් එලවපු විදියට අනතුරක් එහෙම වුණා නම් අසරණ රජයේ සේවකයා ගැන කතා කරන හැටි බලන්න තිබුණා කට්ටිය. (ම)

:       0       0

මොහාන් Tuesday, 24 November 2015 04:41 AM

නීතිය අතට අරන් ක්‍රියා කරන මිනිස්සුන්ට හොද පාඩමක්, (ම)

:       0       0

කුමාර Monday, 23 November 2015 04:25 PM

මේ ප්‍රමාද දැන් අපිට පුරුදුයි (නි)

:       0       0

විපුල Monday, 23 November 2015 04:27 PM

අපේ රටේ කවදාද දුම්රිය වෙලාවට ගියේ? (නි)

:       0       0

දිලිප් Tuesday, 24 November 2015 06:32 AM

දුම්රිය රියදුරන් වශයෙන් බදවා ගැනීමේදී හා වාර්ෂික බලපත්‍ර අලුත් කිරීමේදී මොවුන්ගේ ශාරීරික යෝග්‍යතාව මැන බලන්නේ නැද්ද?(ම)

:       0       0

යොහාන් Monday, 23 November 2015 08:57 PM

පවු අහිංසක රියදුරා! ඇයි මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ? (නි)

:       0       0

නාමල් Tuesday, 24 November 2015 12:29 AM

ඇයි මිනිසුන්ට බැරි අසනීපයක් ගැන මනුස්සකමින් හිතන්න? (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 24 November 2015 08:02 AM

ප්‍රධානම දේ අපේ මිනිස්සු ඇහිල්ලක් බැලිල්ලක් නැතුව හැමදේටම කුලප්පුවෙන එකනේ.පොඩ්ඩක් විමසිලිමත් වෙනවා නම් මේ ප්‍රශ්න පහසුවෙන් නිරාකරණය කරගන්න පුළුවන්නේ.කිසියම් අනතුරක් වුණා නම් එකට වගකියන්නේ කවුද? (ම)

:       0       0

සහන් Tuesday, 24 November 2015 01:25 AM

සමහර මිනිස්සු ඉන්නවා හරියට දුම්රිය එයාලගේ වගේ (නි)

:       0       0

උපුල් Tuesday, 24 November 2015 08:16 AM

කවුරුන් කෙසේ කිවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ විශාල පිරිසක් කිසිම වැඩක් නොකර පඩි ගන්නා බව මෙන්ම බොහෝ දුම්රිය රියදුරන් සහ අනිකුත් සේවකයින් (විශේෂයෙන් දුර පළාත් වල සේවය කරන) මත් වතුර පානය කර රැකියාවේ යෙදෙන බව සම්පුර්ණ ඇත්තක් බව නොකියාම බැරිය. ඒ ගැන අත්දැකීම් ඕනේ තරම් අපට ඇත (බ)

:       0       0

ටෙශාන් Tuesday, 24 November 2015 01:32 AM

ඔය හවස 6.35ට කොළඹ කොටුවට පැමිණෙන මොරටුව - රඹුක්කන කාර්යාල දුම්රිය අතිවිශාල මඟීන් පිරිසක් ගමන් කරන දුම්රියක්. (නි)

:       0       0

උද්දික Tuesday, 24 November 2015 08:14 AM

බලනවා. අපෙත් ශාරීරික යෝග්‍යතාවය බලනවනේ. නමුත් හදිසි තත්වයක් මනින්න බැහැනේ එක පාරටම එන ඒවා. උදාහරණයක් හැටියට අපි කියන්නේ එක පාරටම මිනිස්සු මැරුණම එහෙම ගහක් ගලක් වගේ හිටපු කෙනා මැරුණා කියල. ඔය වගේ සිද්ධි කලාතුරකින් වෙනවා. අපේ රටේ නිවැරදි ආහාර රටාවක් නැති නිසි මේ වගේ දේවල් සිදුවන්නේ මිනිසුන්ට. මම වැරදිනම් කියන්න (බ)

:       0       0

උද්දික Tuesday, 24 November 2015 08:20 AM

ලංකාවේ නින්ද ගිහින් දුම්රිය යන්නේ නැහැ. එ්ක තමා කලින් කීවේ මම දුම්රිය ස්වයංක්‍රීයව නවතිනවා කියලා. ඒවාට වෙනම උපකරණ තියෙනවා. අර බෙන්ස්, බී එම ඩබ්ලිව් අවුඩි වගේ වාහනවල තියෙන. (බ)

:       0       0

චාමික Tuesday, 24 November 2015 01:58 AM

පසුකාලයේ දුම්රිය අනතුරු ගණනාවක් සිදුවුණේ මෙවැනි රියදුරන් නිසා බව මඟීන් පවසනවා. (නි)

:       0       0

ලක්මාල් Tuesday, 24 November 2015 02:19 AM

සහන්ගේ කතාව ඇත්ත (නි)

:       0       0

සම්පත් පතිරණ Tuesday, 24 November 2015 02:25 AM

පව් අසරණ රජයේ සේවකයා......! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 496 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site