(සුජිත් හේවාජුලිගේ )
ප්‍රදේශ ගණනාවක නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන් නාගරික මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පළාත් පාලන නියෝජිතයන් සහ හිටපු නියෝජිතයන් 28 දෙනකුට අයත් නිවාස සහ දේපළවලට කලහකාරී පිරිස් විසින් පහරදී හානිකරනු ලැබ ඇතැයි පොලීසිය පවසයි.
බොහෝ නිවාසවලට පහරදීමෙන් පසු ගිනි තබා විනාශ කර ඇත.
නිවාස හා දේපළ හානිවූ පිරිසට කරන්දෙණිය ප්‍රාදේශීය සභාපති ගාමිණි අමරවංශ, ගම්පහ නගරාධිපති එරංග සේනානායක, බද්දේගම ප්‍රාදේශීය සභා සභාපති අනුර නාරංගොඩ, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ, පන්නල ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ලංසක්කාර, පුත්තලම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නිමල් බමුණුආරච්චි, කැස්බෑව නගර සභාපති ලක්ෂ්මන් පෙරේරා, බිංගිරිය ප්‍රාදේශීය සභාව සභාපති දිමුත් තුෂාර ඒකනායක ,බලංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ප්‍රේමසිරි,දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ , ගම්පහ නගරාධිපති එරංග සේනානායක, බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා, සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත රෝහණ මීගමුව නගරාධිපති දයාන් ලන්සා සහ බියගම ප්‍රාදේශීය ප්රාදේශීය සභාවේ උප සභාපති අජිත් කුමාර යන මහත්වරුන් ඇතුළු නියෝජිතයෝ ඇතුළත් වෙති.
මෙයින් ඇතැම් පළාත් පාලන නියෝජිතයන්ට කලහකාරීන් විසින් පහර දෙනු ලැබ ඇති අතර සමහරු රෝහල් ගත කරනු ලැබ සිටිති.
ගාලු මුවදොර පිටියේ විරෝධතාවයේ යෙදී සිටින අරගල කරුවන්ට ආණ්ඩුවට පක්ෂපාතී කණ්ඩායමක් විසින් පහර දෙනු ලැබූ සිද්ධියෙන් පසු එම නිවාස සහ දේපළ වලට මෙලෙස හානි කර ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ප්රාදේශීය දේශපාලනාඥයන්ගේ නිවාසත් ගිනි බත් කරලා
jayantha Wednesday, 11 May 2022 11:55 AM
අපි තමයි හොඳටම කළේ...!
premathilaka peramuna Wednesday, 11 May 2022 02:03 PM
ඇයි වලල්ලාවිට සභාපති උදේනි අතුකෝරලගේ නිවසත් කුඩුකර ඇත. ඔහු තමයි මහින්ද මහතාගේ පොඩිපුතා යනුවෙන් හඳුන්වන්නේ... උප සභාපති නිලන්ත ප්‍රදීප් කුමාරගේගේ නිවසටත් අලාභහානි...