IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ප්‍රදීපා ආයෙත් 'නෙළුම් පොකුණ'ට..

ප්‍රදීපා ධර්මදාස නමැති ඇය ගැන පහළොස් වසරකට පමණ පෙර අප කතා කළේ කපිල කුමාර කාලිංග අධ්‍යක්ෂණය කළ 'නෙළුම් පොකුණ' වේදිකා නිර්මාණය නිසයි. එදා රුඟුමෙන් ගැයුමෙන් ඇය ඊට දායකවූ හැටි හරිම අපූරුය. කෙටියෙන්ම කිව්වොත් ඒ මතකය අදටද සදාදරණීයයි. එදා නෙළුම් පොකුණේ සිට එලෙසින් රැඟුමෙන් ගැයුමෙන් වේදිකාව හැඩකළ ප්‍රදීපා අද ආයෙත් 'නෙළුම් පොකුණට' ඇවිත්. ඇයට අමුතු තැනැක් නොවූ නෙළුම් පොකුණට අද ඇයි ඇය පැමිණියේ? 'හැන්දෑවට කලින් එන්න'කියා ඔබට ආරාධනා කිරීමටයි. 'සත් පියුමින් රැඳි පොකුණක් බලන්න  අපි යනවා' 'කවුරුද එන්නෙ...' මෙදා නෙළුම් පොකුණ රඟහලට ඇවිත් ප්‍රදීපා එලෙස ගයන්නේ ඇගේ අලුත්ම ගීත එකතුව වන 'හැන්දෑවට කලින් එන්න' වෙනුවෙනි. දුවිල්ලෙන් සැදුණු ලියේ, කඳුළු තොටුපළ, සහ සත්‍යාංගනාවී ගී එකතුවට පසුව ඉදිරිපත් කරන මෙම අලුත්ම ගී එකතුව එළිදැක්වෙන උළෙල පැවැත්වෙන්නේ මෙම 18 වෙනිදා නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී සවස 6.00 ටය. ප්‍රදීපාගේ ඒ ගී සැඳෑව නම් කර ඇත්තේද 'හැන්දෑවට කලින් එන්න' නමිනි. විශාරද නන්දා මාලනී, විශාරද එඩ්වඩ් ජයකොඩි, අමරසිරි පීරිස්, ලක්ෂ්මන් විජේසේකර, කසුන් කල්හාර, සහ නදීක ගුරුගේ යුග ගීයෙන් හැඩකරන මේ ප්‍රසංගය සංගීතවත් කරන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන්ය. ප්‍රදීපාගේ මේ හඬ විවර වන්නේ ඒ ගැන තවත් විස්තර කතා කිරීමටයි. සෑහෙන කාලයකට පසුව නේද අලුත් ගීත එකතුවක් එළි දක්වන්නෙ? අවුරුදු හත හමාරකට විතර පස්සෙයි. ඒකට හේතු කීපයක් තිබුණා. කාලයක් ලංකාවේ හිටියෙත් නැහැ. කොහොමටත් ගීත එකතුවක් එළිදැක්වීමේදී කවදත් මට කලබලයක් තිබුණේ නැහැ. මේ විදියට බොහෝදෙනා ගීත එළිදැක්වීම සිදු කළත් බොහෝවිට ඒවා සීමාවෙන්නේ එළිදැක්වීමේ උළෙලට විතරයි.   බොහෝවිට ඒ ගීත අහන්න ලැබෙන්නේ ඒ කාලයට විතරයි. එහෙම නේද? එවැනි වාතාවරණයක් නම් දකින්න ලැබෙන බව ඇත්ත. ඒක ඇත්තටම මාධ්‍ය ආයතන සතු දෙයක්. මේවා මිනිස්සු අතරට යවන්නේ කොහොමද කියලා අපි නම් දන්නෙ නැහැ. අපි මේ ගීත නිර්මාණය කරන්නේ විශාල වියදමක් දරලා. එහෙම කරලත් ඒවා ප්‍රචාරය නොවුණොත් ප්‍රශ්නයක් තමයි. නමුත් මම නම් ඒ ගැන පශ්චාත්තාප වෙන්නේ නැහැ. අපට පුළුවන් විදියට යහපත් ගීත කලාවක් සඳහා කැපවෙනවා. නමුත් සියල්ලෙහි හොඳ-නරක තීන්දු කරන්නේ ජනතාවයි. යහපත් ගීත කලාවක් උදෙසා ඔබට හඬක් නගන්න තිබුණා. විශේෂයෙන්ම සැමියා රජයේ ප්‍රබල අමාත්‍යවරයෙක්. මාධ්‍යයට සම්බන්ධවත් කටයුතු කළ කෙනෙක්. රට කඩා වැටුණු යුගයක ඔහු ඔහුට ලැබුණු ප්‍රවාහන අමාත්‍යාංශය ඔස්සේ උතුර-දකුණ යා කරමින් උතුරු-මිතුරු සංකල්පය පවා කළා. නමුත් තවත් කෙනෙකුගේ විෂයයට අත පොවන්න ඔහු ගියේ නැහැ. එය සදාචාරාත්මකත් නැහැ. ඔහු ඔහුගේ විෂයයට අවංකවූ බව විතරයි මා දන්නෙ.   කොහොම වුණත් දැන් ති‍යෙන්නේ කලාකරුවන් පිරිවරාගත් කලාකරුවන් බොහෝ දෙනා ඒකරාශී වූ ආණ්ඩුවක්. ඒත් ඇයි තවමත් කලාවේ යහපත්දේ සමාජයට වපුරන්න බැරි? යහපත් දේ කිරීම උදෙසා බොහෝ දේ ක්‍රියාත්මක වෙනවා. ගීත මංකොල්ලය සඳහා අණ-පනත් ගෙනෙන්න පෞද්ගලිකව ජනාධිපතිතුමා පවා කටයුතු සම්පාදනය කරලා තියෙනවා. ඒත් එක් අයෙකුට දෙන්නෙකුට ඒ මංකොල්ලය නවත්වන්න බැහැ. හැමෝම සහයෝගය දෙන්න ඕන.   එවැනි දේ සඳහා කලාකරුවන් එකමුතු ද? බොහෝවිට උනන්දුයි. ඔස්කා සංවිධානය සමග බැඳී සිටින ගීත රචක රචිකාවියන් වගේම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.බී. ගනේගල මහතා පවා මේ සඳහා උදව් කරනවා. ඇත්තටම අපි ඒ වෙනුවෙන් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරලයි තියෙන්නේ.   හරසුන් ගීත ප්‍රචාරය කිරීම නවතාලීම සඳහා ඇයි කලාකරුවන්ට පියවරක් ගන්න බැරි? ඒක මාධ්‍ය ආයතන සතු වගකීමක්. එහි තනතුරු දරන අයට දැනෙන සංවේදීබව මත රටක සංස්කෘතියේ හරය උදෙසා යහපත් දේ සිදුවේවි. අද ඇහෙන සමහර ගීත හරියට බෙල්ල මිරිකන විට දෙන මරහඬ වගෙයි. සාහිත්‍ය රසයක් ඇත්තෙම නැහැ.   අද බොහෝ විට එළි දැක්වෙන්නේ ගීතය පමණක් නෙවෙයිග ගීතය සමග දර්ශන නැරඹීමේ කලාවට මිනිස්සු හුරුවෙලා. ඒ රටාවට ඔබගෙ මෙම අලුත් ගීත එකතුව ගැළපේවිද? විඩියෝ සමග ගීත ඇල්බම් කරන්න විශාල වියදමක් යනවා. නමුත් අපි මෙම ගීත 16 කළොත් ඉතා අසීරැවෙන්.   නමුත් ඔබ මෙය එළිදැක්වෙන උළෙල සමග ප්‍රසංගය පවත්වන්නේ නෙළුම් පොකුණ රඟහලේද? ඊට විශාල මුදලක් වැය වෙනවා නේද? මෙහිදී විවෘත ආරාධනා පත්‍ර 2,000ක් පමණ ජනතාවට ලබා දෙනවා. අනෙක්වා සියල්ල ආරාධනා පත්‍රයි. ඇත්ටතම ප්‍රවේශපත්‍ර යොදා ඒ වෙනුවෙන් විශාල මුදලක් අය කළොත් එය මගෙ ආදරණීය ජනතාවට කරන අසාධාරණයක්. මේ ප්‍රසංගයට අනුග්‍රහය දක්වන අනුග්‍රාහකයන්ට පවා පැවසුවේ මෙය ආරාධනාපත්‍රවලට පමණක් සීමා කොට පවත්වනවා කියලයි.   ප්‍රදීප ධර්මදාස කියන්නේ එදා නිර්ධන පංතියේ නියෝජනයක් ලෙස ජනතාව අතරට ආ ගායන ශිල්පිනියක්. අද ඇය කොතැනද? අදත්, එදා සිටි ප්‍රදීපාම තමයි. සාම්ප්‍රදායික ඇමති බිරිඳක් ලෙස, ඒ නිලතල භාවිත කරමින්, පුද්ගලික ලේකම් තනතුරු දරමින් කටයුතු කරන කෙනෙක් නෙවෙයි. අදටත් මගේ හිතාදර පිරිස මට අමතන්නේ ප්‍රදීපා අක්කේ කියලයි. එය මට වඩාත් ළෙංගතුයි. මාධ්‍ය ක්ෂේත්‍රයේදි පවා එහෙමයි. එය ඇත්තටම මට හරි සතුටට කාරණයක්. ඒවා නිකම්ම වචන නෙවෙයි. වචන - සිතිවිලි සහ ක්‍රියාකාරකම් එකක් විය යුතුයි. එය මට ඒ විදියටම දැනෙන දෙයක්.   කොහොමද පවුලේ විස්තර? ලොකු පුතා මේ දවස්වල සාමාන්‍ය පෙළට සූදානම් වෙනවා. දෙවැනි පුතා ඊළඟ වසරේදී සාමාන්‍ය පෙළ  ලියාවි. එයාලට අපේ බලපෑම් නැහැ. නිදහසේ තමුන්ගේ හැකියාව අනුව ඒ දෙන්නා සමාජයට යහපතක් කරාවි.

සටහන /ඡායාරූප - සඳුන් ගමගේ



අදහස් (0)

ප්‍රදීපා ආයෙත් 'නෙළුම් පොකුණ'ට..

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2377 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site