IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පේරාදෙණි රොහලේ ළදරු එ්කකයට අමාරුයි

පේරාදෙණිය  ශික්‍ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකය නොමේරු ලෙස පවතින බවත්  එම ඒකකය සංවර්ධනය කර ජාත්‍යන්තර තලයට ගෙන යා යුතු බවත් ප්‍රසව හා නාරි වෛද්‍ය විශේඥ වෛද්‍ය  කපිල ගුණවර්ධන මහතා ප්‍රකාශ  කරයි.

1984 ආරම්භ කරන ලද මෙම නොමේරු ළදරු ඒකකය මේ වන විට  ඉඩකඩ පහසුකම් ප්‍ර‍මාණවත් නොවීමෙන් මහත් දුෂ්කරතාවයට පත්ව ඇත. මෙම රෝහලේ වර්ෂයකට දරු උපත් දස දහසක් , එකොලොස් දහසක් අතර පමණ සිදුවන බවත්  එයින් සියකට පහළොවක්  නොමේරු ළදරුවන් වන බවත් කියති. වෙනත් රෝහල් වලින් ද  නොමේරු ළදරුවන් මෙම ඒකකයට යොමු කරන බවත් දරුවන්  දෙදෙනෙකු   සිටිය යුතු තැන දහ දොළොස් දෙනෙකු සිටින බවත් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සන්ධ්‍යා බණ්ඩාර මහත්මිය කියන්නීය.

නොමේරු දරුවකු ඉපදී මාස දෙකක තුනක් යන තුරු මව රෝහලේ රැදී සිටිය යුතු බැවින් ඇයට නැවතී සිටීමට පහසුකම් ද නොමැති අතර  දරුවකු ඉපදුණු පසු මවට ඇති වන ආතතිය සඳහා වෙනම ප්‍රතිකාර කිරීමට සිදු වී තිබෙන බවත් පැවසේ. නොමේරු ළදරු ඒකකයේ වෛද්‍ය කණ්ඩායමට වැසිකිලි පහසුකම්වත් නැත.

සෞඛ්‍යය අමාත්‍යංශයෙන්  අවශ්‍ය උපකරණ සහ බෙහෙත් අඩුපාඩුවකින් තොරව සැපයෙයි. ඉඩ පහසුකම් වැඩි කර ගැනීම සඳහා  ගොඩනැගිලි සැලසුම් හා ඇස්තමේන්තු  රෝහල් අධ්‍යක්ෂවරයා විසින් අනුමත කර මුදල් ද වෙන් කර  වර්ෂයකටත් වඩා ගත වි ඇතත් ඉදිකිරිම්  ප්‍රමාද   බව  දැනගන්නට ඇත.

නොමේරු ළදරු ඒකකය අසල බල්ලන් ද ගැවසෙන බවත් කියති.

 



අදහස් (0)

පේරාදෙණි රොහලේ ළදරු එ්කකයට අමාරුයි

අභය Tuesday, 01 December 2015 03:17 PM

සියල්ලටම කලින් මෙවන් ප්‍රශ්න වලට විසඳුම් දියයුතුයි (නි)

:       0       0

ජයවීර Tuesday, 01 December 2015 08:57 AM

වෛද්‍ය කපිල ගුණවර්ධන ජාත්‍යන්තර තලයේ කෙනෙක්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 512 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site