(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ශ්‍රී ලංකා මහ බැංකුවේ යහපත් ප්‍රතිපත්තිමය තීරණයන්ට පක්ෂ භේදයකින් තොරව සහය ලබා දෙන්නැයි දේශපාලන අධිකාරියෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අද පැවසීය.
රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව විමසීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු එහි ප්‍රධානීන්ද මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවනු ලැබ සිටියහ.
මහ බැංකු අධිපතිවරයා ඉහත ඉල්ලීම කළේ එම රැස්වීමේදීය.
සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද පෙරවරුවේ රැස්විය.
මේ අතර අර්බුදය විසඳමින් මෙරට ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට ගතයුතු ප්‍රතිපත්තිමය තීරණ සහා අදාළ ඉදිරි ගමන් මග පිළිබද පූර්ණ වාර්තාවක් වහාම ලබාදෙන ලෙස කාරක සභාව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාට දැනුම් දුන්නේය
රුපියල් ට්‍රිලියනයක් දක්වා ණය සීමාව වැඩි කිරීම සඳහා වන යෝජනාවටද කාරක සභාවේ අනුමතිය මෙහිදී ලැබිණ.
වත්මන් අසීරු ආර්ථික තත්වය තුළ පවතින සැබෑ යථාර්ථය නොසගවා ජනතාවට පවසා දීර්ඝකාලීන ආර්ථික ස්ථාවරය සදහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ සදහා පටු දේශපාලන වාසි නොතකා පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබා දෙන ලෙසද මහ බැංකු අධිපතිවරයා ඉල්ලීමක් කළේය.
මීට පෙර ඉන්ධන මිල සූත්‍රයක් හදුන්වා දුන් අවස්ථාවේදී ඊට එල්ලවූ විරෝධය හමුවේ එය ක්‍රියාවේ යෙදවීමට නොහැකි වුවත් අද එය නැවත හඳුන්වා දීමට සිදුවී ඇති බවද වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.
වත්මන් ආර්ථික තත්වය පිළිබද පැහැදිලි කරමින් මහබැංකු අධිපතිවරයා පැවසුවේ ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘති සදහා වෙන් කළ ඇ.ඩො මිලියන 600 ක මුදලක් ඉදිරි කාලය සදහා ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සදහා යෙදවීමට එකගවී ඇති බවයි.
එසේම කෙසේ හෝ ඩොලර් සපයා දුන්නද විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ලිට්‍රෝ ගෑස් වැනි ආයතන ලබන අධික පාඩුව හේතුවෙන් ඩොලර් මිලදී ගැනීමට ඔවුන් සතුව රුපියල් නොමැතිවීමද බලවත් ගැටලුවක් බව ඔහු පෙන්වා දුන්නේය.
තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා මේවනවිට පැවැත්වෙන බවත් පළමුවටයේ තාක්ෂණික අංශයේ සාකච්ඡාවල අවසන් දිනය ඊයේ බවත් ඔහු පැවසීය.
එම සාකච්ඡා සාර්ථක කර ණය ප්‍රතිව්‍යුහත කිරීම සහ අදාළ අයි.එම්.එෆ් ගිවිසුම් ගතවීම දක්වා ගතවන ඉදිරි මාස 3-4 ක කාලය අභියෝගාත්මක බව පැවසූ හෙතෙම ඒ සදහා හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් පෙන්වා දුන්නේය.
දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු
වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව
කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්
යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
කොටහේන දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ප්‍රතිපත්තිමය තීරණවලට පක්ෂ භේදයක් එපා
darma Tuesday, 24 May 2022 06:56 PM
සම්පූර්ණ ඇත්ත සර්. අපේ රටේ තුප්පහි කාලකන්නි සෙට් එකක් ඉන්නවා රටට හොඳටෝම කෙලවෙනකම්. උන්ඩියල් කරන්න කිව්වෙත් ඒ අය. ඔවුන්ට බලේ ගන්න බැහැ... රට දෙයියනේ කියලා චුට්ටක් ඔලුව ඉස්සුවොත්... තාම ඔබතුමාට ගහන්න පටන් ගත්තේ නැහැ සර්...!
Mohan Tuesday, 24 May 2022 07:03 PM
ඔබ රෙගුලාසි මගින් ඩොලරයේ අගය කෘතිමව කෙටි කාලයක් පහළ අගයක තියාගන්න පුළුවන් වේවි. නමුත් සංචිතවල වැඩිවීමක් වෙන්නේ නෑ. ඉන්ධන වගේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල කිසිම පාලනයක් නැතුව ඉහළ දානවා. තවත් රුපියල් අච්චු ගහන්න සැරසෙනවා. මෙහිදී බුද්ධිමත් විදේශගත ශ්‍රමිකයන් ඩොලර් එවන එක සිදු කරන්නේ නෑ. මොකද ඩොලරයට නියමිත රුපියල් වටිනාකමක් ලැබෙන්නේ නෑ. අද සත්‍ය උද්ධමන අනුපාතිකය සීයට එකසිය තිස් දෙකක් විතරවෙනවා. ඩොලර් ඉල්ලුම හා සැපයුම මත තීරණය වන්නේ ඉඩහැරිය යුතුයි. නැතිනම් ආයිත් රුපියල් විශාල අගයකින් එකවර කඩන් වැටේවි. එම අවස්ථාවේදී දැන් ඉන්න මහ බැංකු අධිපතිතුමා ඕස්ට්‍රේලියාවට යයි.
Sujeeva Tuesday, 24 May 2022 07:46 PM
නන්දසේන, ඇයි ඔබට රුසියාවෙන් අඩු අනුපාතයකට තෙල් ගෙන්නන්න ශක්තියක් නැත්තේ?
BamunuarachchiFriday, 27 May 2022 12:40 PM
ගොන් පාට් දමන්නේ නැතුව කාලීන ප්‍රවෘත්ති කියවන්න. තෙල් ගෙවන්නේ නන්දසේන නොවෙයි... ඔහේ මේ කඩේ අත්හැරලා අනිත් කඩෙන් පාන්ගන්නවා වගේ, ඇමැතියාට ආව ගමන් රටවල් සමග තිබෙන ගිවිසුම් කඩලා තවරටකින් තෙල් හෝ වෙන බඩුගන්න බැහැ. ඒවාට ක්‍රමවේද තිබෙනවා. දැන් ඒ ගැන ක්‍රියාකරමින් පවතිනවා...!
jagath liyanage Tuesday, 24 May 2022 08:54 PM
ඔබතුමා ඕවා වගේ කතා කියන්නේ දේශපාලකයින්ගේ හැටි හරියට දන්නේ නැතිව වෙන්න ඇති. ඔය ප්‍රතිපත්ති කියන එකේ ලොකු ගැටළු තියෙනවා. ඔබතුමා දේශපාලනයෙන් බැහැර විය යුතුයි.
yas Wednesday, 25 May 2022 08:41 AM
කරුණාකරලා මේ මනුස්සයාට සහාය දෙන්න. මොහු වැඩ්ඩෙක් සහ අපගේ අවසාන තුරුම්පුව...
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 25 May 2022 10:52 AM
සත්‍ය වශයෙන්ම, වර්තමාන මහ බැංකු අධිපතිතුමා මේ ගන්නා උත්සාහයේ නිසි ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය එතුමාගේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට සහාය ලැබුණොත් තමයි. ඒ නිසා මේ දුක්බර අවස්ථාවේදී, සියලුම දේශපාලනඥයින් තම දේශපාලන පක්ෂවල පැවැත්ම හෝ රජය වෙනුවෙන් කටයුතු නොකොට රට ගැන, රටේ ජනතාව ගැන සිතා කටයුතු කිරීම වැදගත් වේ...
fairoosWednesday, 25 May 2022 12:12 PM
එතකොට 2/3 බලය තිබුණු ආණ්ඩුව කොහොමද ගෙදර ගියේ? මේ ඉන්න 225 ම යනකන් රටට කිසිම සෙතක් නෑ..
සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 25 May 2022 01:54 PM
අපිත් කැමැතියි 225ම ගොස් අලුත් පාලනයක් එනවට. ඒත්, මේ රටේ මිනිසුන් පොහොට්ටුව බලයට ගෙනාවේ.. කන්න නැති වුණත් කමක් නෑ, ඉන්න රටක් තියෙනවා නම් කියලා. ඒ දේට වගකියන්න ඕනෑ අය තමයි අද මේ 225 කතාව වැඩිපුර කියන්නේ. කටට එනවාට එහෙම කිව්වාට, ඒ මිනිසුන් විසින්ම පත්කළ අයට වසර 5කට බලය ලබා දීලයි තියෙන්නේ. දැන් ඒ අය යන්නේ නැතිනම්, මොනවද කරන්නේ? පොලිසිය හා හමුදාව නීතියෙන් බැඳී ඉන්නේ මහජන මතය අනුව මහජන කැමැත්තෙන් පත්වූ රජය ආරක්ෂා කරන්නටයි. වරද කළේ මේ රටේ ජනතාව විසින්මයි. එහෙව් එකේ රට ගිලෙනකන් බලා සිටීමට පුළුවන්ද? රජවාසලේ අය රණ්ඩුවෙවී ඉන්නවා. කිසිම පියවරක් රටගැන හිතා ගන්නේ නැහැ. දේශපාලනඥයින්ට මොනවා වුණත්, අප ඇදවැටෙන බිහිසුණු තත්ත්වය ගැන සිහිබුද්ධියෙන් විමසාබලා කටයුතු කිරීම වැදගත්...!
de silva Wednesday, 25 May 2022 03:58 PM
ඔබතුමා නිර්දේශ කරන තීරණ ක්‍රියාත්මක කර්න ආණ්ඩුවට සහ ජනාධිපතිට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබෙනවා. ඔබතුමා සහ බොහෝ දෙනෙකු පසුගිය මස කිහිපය තුළ මතුරන මන්තරය වන පාර්ලිමේන්තුවේ සියලු දෙනාම සියලු දෙනාම එකතු වෙන්න ඕනෙ කියන එකේ තේරුම රටේ මිනිස්සු බොහෝ දෙනෙකුට නොතේරේ. පාර්ලිමේන්තුවේ සියලු දෙනාම එකතුවෙලා නැවත හොරකම් කළොත්, ඒවා ගැන කතාකරන විපක්ෂයක් නොමැති වෙනවනේ...!
sharm warn Thursday, 26 May 2022 10:14 AM
වීරසිංහ මහත්මයා, මේ රටේ මහජන මුදල් හොරකම් කළා අද ඉන්න පාලකයින් දෙන්නම... අනේ කරුණාකරලා ඒ මුදල් ආපහු ගන්න එකටත් උදව් කරන්න. අපිට ඩොලර් බිලියන 30ක් දැන් දීලා බලන් ඉන්න පුළුවන්කමක් නැහැ. අඩුම ගානේ බෙහෙත් සහ වෛද්‍ය උපකරණ ටිකවත් ගෙන්වා ගන්න ඕනෑ. මේ රටේ කිසිම ප්‍රතිපත්තියක් නැහැ කියලා ඔබට දැන්වත් ඇහිලා ඇති... ඒක තමයි මේ රට වැටෙන්න පළමු හේතුව...