IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ප්‍රතිජීවක ඖෂධ ගැන අනතුරු ඇඟවීමක්

(අංජුල මහික වීරරත්න)

මෙරට පශු පාලනයේ දී සතුන්ට අසීමිතව දෙන ප්‍රතිජීවක ඖෂධ පාලනය නොකළහොත් අනාගතයේ දී ලංකාවේ ජනතාවට ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝධතාවට මුහුණ දීමට සිදුවනු ඇතැයි පශු ඖෂධ නියාමන අධිකාරිය කෘෂිකර්ම අමාත්‍යාංශයට අනතුරුඅඟවා තිබේ.

ගව, කුකුළු, ඌරන් ඇතුළු සතුන්ට ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ ප්‍රමාණය ඉතාමත් ඉහළ මට්ටමක පවතින බවත් බොහෝ විට මිනිසුන්ට ලබා දෙන්නේ ද එම ප්‍රතිජීවක ඖෂධ බවත් පශු ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

මෙම සතුන්ගේ කිරි හා මස් අනුභව කිරීම මගින් ඔවුන්ට ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ නිතැතින්ම මිනිස් සිරුරට ඇතුල්වීමට ඉඩකඩ පවතින බවත් මේ නිසා ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝධතාව හෙවත් Antibiotic Resistance තත්ත්වය හේතුවෙන්   එම ප්‍රතිජීවක ඖෂධ වල පවතින රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව අහිමි වී මිනිසුන් රෝගවලට ගොදුරුවීමට ඇති ඉඩකඩ ඉහළ යා හැකි යැයි පශු ඖෂධනියාමන  අධිකාරිය අවධාරණය කළේය.

මෙම කාරණය සම්බන්ධව ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් සකස් කර තමන්ට ඉදිරිපත් කරන  ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  පශු ඖෂධ පාලන අධිකාරියට උපදෙස් දුන්නේය.

 



අදහස් (0)

ප්‍රතිජීවක ඖෂධ ගැන අනතුරු ඇඟවීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site