සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකානු ආරාධිත පිල අතර බිනෝනිහිදී පැවැති තුන්දින පුහුණු ක‍්‍රිකට් තරගය විසඳුමකින් තොරව අවසන් විය. තරගයේ තෙවැනි සහ අවසන් දිනය වූ ඊයේ (11) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල කඩුලූ තුනක් දැවී ලකුණු 207 ක් ලබා සිටියේය.
තරංග පරණවිතාන විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 161 කදී හතරේ පහර 12 ක් සමගින් ලකුණු 100 ක් ලබා සිටියදී සෙසු පිතිකරුවන්ට අවස්ථාව ලබා දෙමින් පිටියෙන් ඉවත් විය.
පළමුව පන්දුවට පහර දුන් දකුණු අප‍්‍රිකානු ආරාධිත පිල සියලූ දෙනා දැවී ලකුණු 357 ක් රැස් කළේය. මෙහිදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දක්‍ෂ පන්දු යැවීමක නිරත වූ දිල්හාර ප‍්‍රනාන්දු ලකුණු 76 කට කඩුලූ හතරක් දවා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක නුවන් ප‍්‍රදීප් මෙම තරගයේ පන්දු යවමින් සිටියදී ආබාධයකට ලක්වීමෙන් තරගයෙන් ඉවත්වීමට සිදුවිය. මෙම තරගයේදී නුවන් ප‍්‍රදීප්ට යැවිය හැකි වුයේ ඕවර 1.4 ක් පමණි.
නුවන්ගේ ආබාධය තරමක් අසාධ්‍ය තත්ත්වයේ ඇති බවත් ඔහුව නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සිදුවනු ඇති බවට ද වාර්තා වේ.
වර්ෂාව හේතුවෙන් මෙම තරගයේ පළමු දිනයේ තරගය පැවැත්වීමට නොහැකි විය.
ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර පළමු ටෙස්ට් තරගය මේ මස 15 වැනිදා ආරම්භ වේ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
පරණවිතානගෙන් ශතකයක්