ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක මුදලක් ගෙවීමට සූදානම් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, වෙඩි නොබදින කබායකින් සහ හමුදා සෙබළුන්ගේ හෙල්මට්ටුවකින් ගාසා තීරයේ සංචාරයක නියැලෙමිනි. තවමත් ඊශ්‍රායල වැසියන් එකසිය එක් දෙනකු හමාස් ප්‍රාණඇපයේ පසුවන අතර, ඔවුන් කෙසේ හෝ නිදහස් කර ගැනීම අග්‍රාමාත්‍ය නෙදන්යාහුගේ අරමුණ වී ඇත.
මීට අමතරවව, ගාසා තීරයේ සංචාරය කරමින්, හමාස් සටන්කාමීන් සමඟ සටන් වදින ඊශ්‍රායල සොල්දාදුවන් හමුවෙමින්, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ හමාස් සටන්කාමීන්ට යළි කිසිම දවසක හිස ඔසවන්න ඉඩ නොදෙන බවය.
හමාස් සටන්කාමීන්, ලෙබනන්යේ හිස්බුල්ලා සටන්කාමීන්ගේ ද සහාය ඇතිව, 2023 ඔක්තෝබර් 7 වැනිදා, දේශසීමා හරහා ඊශ්‍රායලයට ඇතුළු වී පහර දී ඊශ්‍රායලයේ සිටි ඊශ්‍රායල වැසියන් ඇතුළු විදේශිකයන් 1200 ක් ඝාතනය කළේය. ඉන්පසු ඊශ්‍රායල වැසියන් 250 ක් ගාසා තීරයට රැගෙන ගියේ ප්‍රාණඇපකරුවන් ලෙසය.
ඔවුන්ගෙන් වැඩි දෙනකුට කෙටි සටන් විරාමයක් අතරතුරේ නිදහස හිමිවුණු අතර, තවත් පිරිසක් ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසිණි.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ගාසා හමාස් වැසියෝ 44,000 ක් මියගොස් ඇති අතර, තුවාල ලබා ඇති ගණන 103,898 කි. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ අණ පරිදි එරට හමුදාව ගාසා තීරයට පහර දෙන්නේ, හමාස් සටන්කාමීන් ගාසා තීරයෙන් මුලිනුපුටා දැමීමේ අරමුණ ඇතිවය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
john Wednesday, 20 November 2024 03:42 PM
ඕන් කරනව නම් ජොබ්. එක ඊශ්‍රායෙල් කාරයෙක් අල්ලා ගත්තා නම් කෝටි 150ක්. විදේශ විනිමය ප්‍රශ්නෙත් එතැනින්ම කම්මුතුයි. ලංකාවේ මේ වෙනකොට ඊශ්‍රායෙල් කාරයෝ කීදෙනෙක් වගේ ඇද්ද?
Aruna shantha Wednesday, 20 November 2024 05:42 PM
ලෝකයේ ජීවත්වන ජරාම ජාතිය.
Roshan Wednesday, 20 November 2024 05:43 PM
ඔන්න නූගත් මිනිහෙක්ගේ නූගත් අදහසක්...!
Priyantha Dissanayake Wednesday, 20 November 2024 10:38 PM
ඊශ්‍රායල් ජාතිකයන් යනු ලෝකයේ ජීවත්වන ශ්‍රේෂ්ඨ සහ පරමාදර්ශී ජාතියකි. එවගේම බුද්ධිමත්, උගත් දක්ෂ ජාතියකි. ලෝකයේ ඕනෑම ජාතියකට ඔවුනගෙන් ඉගෙන ගැනීමට පාඩම් ඇත. අපේ රටේ වගේ පුහු ආටෝප නැති සැබෑම ජාතිකත්වය කියන්නේ කුමක්ද කියා ඊශ්‍රායල් ජාතිකයන් පිළිබඳව ගැඹුරින් අධ්‍යනයකර අවබෝධ කරගත යුතුය. සෑම ජාතියක්ම ඊශ්‍රායල් ජාතිකයන් වගේ විය යුතුය.
Amila Wednesday, 20 November 2024 11:14 PM
අද ලෝකයේ බිහිවුණ නිර්භීත නායකයෙක් සහා නිර්භීත ජතියාක් ත්‍රාස්තවාදය නැති කර යුතුයි.