
(ගයාන් සූරියආරච්චි සහ බුද්ධික කුමාරසිරි)
තෝරාගත් ජනාධිපති අපේක්ෂකයන් 6 දෙනකු පමණක් සහභාගි කරගනිමින් ලබන 7 වැනිදා ප්‍රසිද්ධ විවාදයක් පැවැත්වීමට පැෆරල් සංවිධානය කටයුතු කරමින් සිටින බවට චෝදනා කරමින් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මෙරට ක්‍රියාත්මක වන ප්‍රධාන මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆරල් සංවිධානය පක්ෂග්‍රාහීව කටුයතු කරමින් සිටින බවද එහි සදහන්වේ.
පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් ඉකුත් (19) වැනිදා පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඒ බව නිල වශයෙන් ප්‍රකාශ කර ඇති බවද පැවැසේ.
එම විවාදය සදහා පැෆරල් සංවිධානය විසින් ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් ලෙස රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර, පී. ආරියනේත්‍රන් යන අපේක්ෂකයන්ට ආරාධනා කර ඇති බවද එමගින් පෙන්දෙයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතර සිටි වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, විජයදාස රාජපක්ෂ, රොෂාන් රණසිංහ යන අපේක්ෂකයන්ට එම විවාදය සදහා ආරාධනා කර නොමැති බවත් සදහන්වේ.
මෙවර ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් 40 දෙනකු ඉදිරිපත් වන අතර පැෆරල් සංවිධානය ප්‍රධාන අපේක්ෂකයන් ලෙස 6 දෙනකු පමණක් විවාදය සදහා තොරාගෙන ඇත්තේ කුමන නිර්ණායක මත ද යන්න රටට හෙළි කළ යුතු බවත් සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් පෙනීසිටිනවා යැයි පවසනු ලබන පැෆරල් සංවිධානය පක්ෂග්‍රාහීව සිදුකරනු ලබන නින්දිත ක්‍රියා කලාපය දැඩිව හෙළාදකින බව එම පැමිණිල්ලේ සදහන්වේ.
2025 දෙසැම්බර් මස 18
622
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් මැකෝට පැමිණිල්ලක්
Dasun Tuesday, 20 August 2024 03:48 PM
ඉත සාධාරණ චෝදනාවක් බව බැලූ බැල්මට පෙනේ. ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනාට සීමා කළානම් වෙනමම කතාවකි.
යෝගා Tuesday, 20 August 2024 04:08 PM
ත්‍රි වීල් පක්‍ෂ අපේක්ෂකයෝ එක්ක මොන විවාදද? ඔබලාට ඕනේම නම් විවාදය ටීවී එකේ බලාපල්ලා...!
Rathnasiri Tuesday, 20 August 2024 06:55 PM
මිනිස්සු මාලු කඩේට ගියාම හැම මාලු වර්ගයක්ම ගන්නෙ නැහැ සමහර මාලු වර්ග ගන්නවා නම් ගන්නෙ බල්ලන්ට බළලුන්ට දෙන්න තමයි ඒ වගේ ජනාධිපතිවරණය සදහා නාමයෝජනා දුන්නා කියලා ඔක්කොම එකවගේ නැහැ සමාගමක සභාපති වෙලා හිටියා කියලා ජනාධිපති වෙන්න සුදුසුකමක් ලැබෙන්නේ නැහැ ඉතින් විවාදය පැවැත්වීමට කටයුතු කිරීම ඉතාමත් හොදයි හයදෙනා හොදටම ඇති
Prabath Tuesday, 20 August 2024 10:42 PM
මේ කතාව හරි . එහෙම තෝරාගන්නේ කොහොමද ?මේක මැතිවරණයට පක්ෂග්‍රාහීව කටයුතු කිරීමක් .එතකොට මේ පැෆරල් එක කියන්නේ මේ 6 දෙනාට විතරක් චන්දෙ දෙන්න කියලද ?ඔය හොර NGO නඩයක්
Rohana Wednesday, 21 August 2024 08:00 AM
දිනන්න බැරි අපේක්ෂකයෝ කලබලවෙලා වගෙයි.