IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පැය තුනට දොලොස් දහසක් මාකුඹුරට

(කේ. බුද්ධික කුමාරසිරි)

දින තුනක දීර්ඝ සති අන්තයක් පාසල් සහ විශ්ව විද්‍යාල නිවාඩු ලබාදීමත් මත ගම්බිම් බලා යාම සදහා පැය තුනක කාලයක් ඇතුළත මගීන් දොළොස්දහසකට වැඩි ප්‍රමාණයක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත අද (07) දින සවස පැමිණ සිටි බව ජාතික ගමනාගමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂක (ධාවන) ශෙරීන් අතුකෝරළ මහත්මිය පැවසුවාය.

ඒ අනුව අද (07) දින සවස 4.30 සිට 7.30 දක්වා කාලය තුළ මෙලෙස මගීන් දොළොස් දහසකට වැඩි ප්‍රමාණයක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් තම ගමනාගමන අවශ්‍යතා ඉටුකරගෙන ඇත.

වැඩිම මගින් ප්‍රමාණයක් ගාල්ල මාතර හම්බන්තොට ප්‍රදේශ සඳහා පිටව ගොස් ඇත.

එක්වරම විශාල මගින් ප්‍රමාණයක් මෙලෙස බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත ළඟාවීම නිසාවෙන් මගීන්ට පැයකට වැඩි කාලයක් මධ්‍යස්ථානය තුළ රැඳී සිටීමට සිදුව ඇති අතර එක් බස් රථයක් පිටත් වන විට අනෙක් බස්රථය බස් රථ ගාල්ලට යොමු කිරීමට කටයුතු කර තිබූ බවද සෙරීන් අතුකෝරල මහත්මිය පැවසුවාය.



අදහස් (1)

පැය තුනට දොලොස් දහසක් මාකුඹුරට

Sk Friday, 08 August 2025 10:20 AM

මෙතන ඉන්න නිලදාරීගේ කිසිම සැලැස්මක් නැහැ. හැම තැනම ඔහොම තමා.

:       4       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site