IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


පියාසර කරන මෝටර් රථය සඳහා අනුමැතිය

(විමුක්ති එස් රුද්‍රිගු)

අලෙෆ් එරොනොටික්ස් සමාගමේ පියාසර කිරීමට හැකි මෝටර් රථය සඳහා ඇමෙරිකා එක්සත් ජනපද රජය පියාසර කිරීම සඳහා නීතිමය අනුමැතිය ලබා දී ඇත.

මෙම මෝටර් රථය සියයට 100 ක් විද්‍යුත් මෝටර් රථයක් වන අතර එක් අයෙකුට හෝ දෙදෙනෙකුට ගමන් කළ හැක.මෝටර් රථයේ මිල ඇමෙරිකානු ඩොලර් ලක්ෂ තුනක් (ශ්‍රී ලංකා මුදලින් 92643480)පමණ වේ.මාර්ග තදබදය සහ අනතුරු මග හරිමින් පියාසර කිරීමට මෙම මෝටර් රථයට හැකියාව තිබේ.

තම මෝටර් රථයට පියාසර කිරීම සඳහා යෝග්‍යතා සහතිකයක් ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් සේවා ඒජන්සියෙන් ලැබුණු බව අලෙෆ් එරොනොටික්ස් සමාගම ප්‍රකාශ කර ඇත.මෙවැනි මෝටර් රථයක් සඳහා ඇමෙරිකානු රජය අවසර දුන් ප්‍රථම අවස්ථාවද මෙය වේ.මෙම විශේෂ පියාසර කිරීමේ යෝග්‍යතා සහතිකය මගින් මෝටර් රථයට පියාසර කිරීමට අවසර ලබා දී ඇතත් පියාසර කළ හැකි ස්ථාන සහ අවස්ථා සීමිත කර ඇත.

අලෙෆ් එරොනොටික්ස් සමාගම 2025 වසරේ අවසානයේ සිට මෙම මෝටර් රථය මිලදී ගැනීම සඳහා ජනතාවට අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වේ.



අදහස් (4)

පියාසර කරන මෝටර් රථය සඳහා අනුමැතිය

Nimal Saturday, 01 July 2023 12:53 PM

නාමල් බබීටයි, චිචීටයි දෙකක් හම්බවෙයි ටික කාලෙකින්...

:       4       12

Dharmatileke Saturday, 01 July 2023 01:06 PM

දින කීපයකට පෙර සිදුවූ සබ්මැරීන් අනතුරෙන්වත් පාඩමක් ඉගෙන ගෙන නෑ වගේ පේන්නේ. ඇමෙරිකානුවෝ ඒ රටේ මිනිස්සුන්ව විනාශ කරන්න බොහෝම දක්ෂයි.

:       17       2

DasunSaturday, 01 July 2023 04:47 PM

මිනිස් වර්ගයා දියුණු වුනේ ඔහොමයි...

:       0       12

pakeer Saturday, 01 July 2023 07:58 PM

ඔන්න ඔහොම ලෝකෙ අනිත් මිනිස්සු දියුණු වෙනකොට පුතේ... අපේ ලංකාවේ අය ඌරො වගේ, බූරුවන් වගේ, මේ මඩවලේ මඩ නාගෙන ජරාව කකා... ජාතිය ගැනයි, ආගම ගැනයි, ඉතිහාසය ගැනයි පම්පෝරි ගගහා, අනුන්ගේ දේවල් හොරා කකා බූරුවන් වගේ වැඩ කරකර... බල්ලන් රැළක් වගේ උඩු බිරුවලු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 168 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 35 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 688 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site