IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පියුමිගේ පෙත්සමට දින දෙයි

(රෝෂන්  තුෂාර)

කෙටි කළක් තුළදී මුදල් ඉපවූයේ යැයි පවසමින් රහස් පොලිසිය සිදු කරන විමර්ශන වළක්වන රීට් ආඥාවක් පොලිස්පතිවරයා ඇතුළු රහස් පොලිස් නිලධාරීන්ට එරෙහිව නිකුත් කරන ලෙස ඉල්ලා නිරූපණ ශිල්පී පියුමී හංසමාලි විසින් ගොනුකුල පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ලබන 15 වැනි දින කැඳවන ලෙසට අභියාචනාධිකරණ දින නියම කර ඇත.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා,රහස් පොලිසියේ අධ්‍යක්ෂකවරයා,නීති විරෝධී වත්කම් විමසන කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා හා ස්ථානාධිපතිවරයා  පැමිණිලිකාර සංජීව මහවත්ත ඇතුළු පිරිසක් නම්කර ඇත.

නීතිඥ සංජීව ඇන්තනී මහතා මගින් පවරා ඇති මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සිදු කරන විමර්ශන වළක්වමින් මැන්ඩා මුස්රීට් ආඥාවක් වග උත්තරකරුවන්ට එරෙහිව නිකුත් කරන ලෙසය.

වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත්, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙත්සම්කාරිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන ට අදාළ ගොනුව අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරන ලෙසත්, නීති විරෝධී වත්කම් විමර්ශනයට අදාළ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව විමර්ශන සිදුකරන ලෙසට වගඋත්තරකරුවන් කරුවන්ට නියෝග කරන ලෙසත් පෙත්සම් මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත.



අදහස් (2)

පියුමිගේ පෙත්සමට දින දෙයි

de silva Saturday, 13 July 2024 12:30 PM

මෙහෙම වුනොත් විවිධ ජාවාරම් සහ මුදල් විශුධිකරණ චෝදනා යටතේ පරීක්ෂණ සිදුවන සල්ලි තිබෙන සියලු දෙනාටම පුළුවන් , තමන්ට විරුධව සිදුවන පොලිස් පරීක්ෂණ නවත්වන්න කියල හොඳ පෙරකදොරුවෙක් අල්ලාගෙන අධිකරණයෙන් ඉල්ලන්න . මෙතන විශාල වංචාවක් වෙලා තිබෙන බව පෙනෙනවා , උපකල්පනය කරමු මේ සිධියේ වස්තු බීජය වන රුපියල් කෝටි 40 පමණ වන දේපල සහ මුදල් , මේවා නිතියනුකුල ක්‍රමවලින් හම්බු කරගත්ත නම් මේවට මැය අධයම් බදු ගෙවන්න ඕනේ , වාර්ෂිකව අධයම්බදු දෙපාර්තමේන්තුවට වාර්තා ඉදිරිපත් කර අධයම් බදු ගෙවල තිබෙනවා නම වාර්ෂිකව ඒවාට අධාල ලියකියවිලි තිබෙනවා , එම ලියකියවිලි පොලිසියට හෝ අධිකරණයට ඉදිරිපත් කල නම් , ඒවා සත්‍යනම් ,නඩුවක් ගොනු කරන්න හෝ වැඩිදුර පරීක්ෂණ කරන්න ප්‍රතිපාදන නැහැ , නමුත් මෙහිදී මැය මේ මුකුත් නොකළ බව පෙනෙනවා , පියුමි අධයම් බදු ගෙවීම පැහැර හැර ඇතිබව පෙනෙනවා , අනිවාර්යයෙන් පොලිසිය පරීක්ෂණ කරන්න ඕනේ , මේකට අදයම්බදු දෙපාර්තමේන්තුවත් සම්බන්ධ කරගන්න ඕනේ

:       0       3

fairoos Saturday, 13 July 2024 01:46 PM

ක්ලබ් වසන්තත් ඔය ක්‍රීම් බිස්නස් එක පටන් ගන්නයි ගියේ...! 

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site