මෙවර සිරස සුපර් ස්ටාර් කිරුළ හිමිකර ගත්තේ පියත් රාජපක්‍ෂ නමැති මේ තරුණ ශිල්පියාය. පියත් යන්නෙහි තේරුම ‘‘පියාට ලැදි’’ යැයි ඔහු පවසයි. ඒ ලැදි බව අපූරුවට සනාථ කළ පුතෙකු යැයි සඳහන් කිරීමට පුළුවන. මේ පියත්ගේ පියා වන්නේ ප‍්‍රවීන රංග ශිල්පියකු වන ලලිත් රාජපක්‍ෂය. නමුත් බොහෝ දෙනා ඒ ගැන නොදන්නවා විය හැකිය. රංගන වේදියකු ලෙස පියා පැමිණි ගමනේ දී ඔහුටත් නොහැකි වූ කඩඉමක් පසු කිරීමට අද මේ පුතුට හැකි වී තිබේ. පියකු ලෙස ලලිත් රාජපක්‍ෂ අද එනිසා අපමණ වූ සතුටක් ලබනවා විය හැකිය. පුතෙකු ලබන ජයග‍්‍රහණයක දී එහි හෘද ස්පන්දනය වඩා ප‍්‍රබලව දැනෙන්නේ පියකු හට යැයි කීම අරුමයක් නොවේ. ඒ යථාර්ථය ප‍්‍රායෝගික කළ ‘‘පියත්’’ අපි සඳැල්ලට කැඳවීමු.
‘පියත්’ ඒ හැර වෙන නම් තියෙනවද?
දැන් වයස එහෙම?
අවුරුදු 21 යි.
ඉගෙන ගත්තෙ?
විදුර විද්‍යාලයෙන්.
පවුලේ විස්තර?
අම්මයි තාත්තයි, අක්කලා දෙන්නයි.
තාත්තා හැර කලාවට සම්බන්ධ වෙන කවුද?
අප්පච්චි තමයි කලාවට සම්බන්ධ. අම්මා නම් ගෘහණියක්. අක්කලා දෙන්නට කලා හැකියාව තියෙනවා. ඒත් ඍජුව සම්බන්ධ වෙලා නැහැ.
ඔබ ‘‘ලලිත් රාජපක්‍ෂගේ’’ පුතු බව මේ තරගයට එද්දී බොහෝ දෙනා දැන සිටියද?
ඇත්තටම බොහෝ දෙනෙක් ඒ ගැන දැනගත්තෙ මේ තරගයෙන් පසුවයි. හැබැයි අප්පච්චි එයාගෙ කලා ක්ෂේත‍්‍රයේ යාළුවන්ට කියලා තිබුණා. අනිවාර්යයෙන්ම සෑම දෙනාම උදව් කරන්න ඇති.
පියාගේ ආභාෂය තමයි එහෙනම් මේ ඇවිත් තියෙන්නේ.
අනිවාර්යෙන්ම එහෙම වෙන්න ඇති.
‘අප්පච්චි’ ගෙදරදී සිංදු එහෙම කියනවද?
අප්පච්චිගෙ පරපුරේ ඔක්කෝටම ගීත ගැයීමේ හැකියාව තිබෙනවා. නමුත් ප‍්‍රසිද්ධ මාධ්‍යයට ආවේ අප්පච්චි විතරයි.
‘අප්පච්චි’ රඟපෑ නාට්‍ය චරිත අතරින් ඔබ සිත් ගත් නාට්‍යය මොකක්ද?
මෑතකදී අප්පච්චිම ‘‘හරිම බඩු තුනක්’’ කියලා නාට්‍යයත් අධ්‍යක්‍ෂණය කළා. එහි රඟපෑ චරිතයට මම ආසයි.
අක්කලා දෙන්නා රඟපාන්නෙ නැද්ද?
හැකියාව තියෙනවා. ඒත් තවම සම්බන්ධ වෙලා නැහැ.
ඔබ තවම අධ්‍යාපනයෙ නියැලෙනවද?
එයිට්කන් ස්පෙන්ස් ආයතනයේ විධායක නිලධාරියකු ලෙස සේවය කරනවා.
ඉගෙන ගත්තෙ මොන වගේ අරමුණකින්ද?
කුඩා කාලයේ ඉඳලා ගෙදර තිබුණු වටපිටාව නිසා සංගීතය කෙරෙහි සෑහෙන උනන්දුවක් කැමැත්තක් තිබුණා. කලාවට තෝතැන්න හැදුණෙ අප්පච්චි නිසාමයි. පාසල් කාලයේදී කලා කටයුතු ක‍්‍රීඩා වගේම අධ්‍යාපනයත් හොඳින් කළා. එක් අවස්ථාවකදී එක් දෙයක් තෝරා ගන්න අවශ්‍ය වුණා. අන්න එතැනදී සංගීතයට වඩා උනන්දු වුණා. උසස් පෙළ ඉවර කරලා. සංගීතය පැත්තට යන්න උනන්දු වුණා.
‘‘සුපර් ස්ටාර්’’ එන්න හිතුවේ?
මගේ වටා සිටි පිරිස වගේම මගේ අම්මා තමයි ඊට මුල් වුණේ. වතාවක මම සේවය කරන එයිට්කන් ස්පෙන්ස් ආයතනය ටැලන්ට්ස් නමින් පැවැත් වූ සංගීත තරගයකදී ජයග‍්‍රහණය ලැබුණෙ මට. කුඩා කාලයේ සිටම එවැනි තරග වලට ගිහින් ජයග‍්‍රහණ ලබා තිබුණා. එවැනි පසුබිමක අම්මා මීට වඩා උන්දු වුණා. අවසාන මොහොතේදී තමයි ඉදිරිපත් වුණේ.
එදා කවුද විනිශ්චයට හිටියෙ?
කේ. සුජීවා මහත්මිය සහ ඉසුරු ජයන්ත මහතා ඒ වෙලාවේ මම ගායනා කළේ රූකාන්ත මහතාගේ ‘‘උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ’’ ගීතයයි.
තරගයට එන විට ජය ලැබේවි කියලා විශ්වාස කළාද?
යටි හිතේ ආත්ම විශ්වාසයක් තිබුණා. නමුත් ප‍්‍රධාන අරමුණ වුණේ අන්තිම අට දෙනා අතරට පැමිණීමයි. මගේ හඬ දියුණු කර ගැනීම ලොකු අරමුණක් වුණා. අදියරෙන් අදියර යද්දී මගේ ඒ පුහුණුවීම් කියනදේ තව තවත් තීව්ර වුණා. මම සේවය කරන සමාගමෙනුත් විශාල සහයෝගයක් ලැබුණා.
‘‘සුපර් ස්ටාර්’’ වුණාම?
තවම ඞී‍්‍රම් එකක්. ඒක ඇත්තට මම දැකපු හීනයක්ද කියලා හිතෙනවා. ඒ සතුට මගේ ජීවිතය පුරාම තියේවි.
ලැබුණු කාර් එකේ රවුමක් ගියාද?
තවම ගියේ නැහැ. දැන් ඒ ගැන හිත හිතා ඉන්නෙ.
දැන් මීළඟට මොකද හිතන්නෙ?
දින්නාටත් වඩා රැුඳී සිටීම තමයි අපහසු. මම දැනටමත් මගේම නිර්මාණ කරලා තියෙන්නේ. අපේ දේ රැුකගෙන විශිෂ්ට නිර්මාණ සමග ලෝකයට යාම තමයි දැන් අරමුණ. මේ සුපර් ස්ටාර් කියන දේ ගැන සමාජයේ විවිධ මත තියෙනවා. ඒ නිසා ඊට යථාර්ථයක් දිය යුතුමයි.
ඔබ ඒ ගැන හිතන්නෙ කොහොමද?
ලංකාවට තවදුරටත් මෙය වලංගුද? මම හිතන්නෙ ඔව්. ඒක අඩු තරමින් දක්‍ෂතාවය ගැන හරි උරගා බලන්න විශාල අවස්ථාවක්. ප‍්‍රායෝගිකව ලොකු පුහුණුවක් ලැබෙන අවස්ථාවක්.
‘‘පියත්’’ කොහොම කෙනෙක්ද?
මම සරල සාමාන්‍ය ක‍්‍රමයට හැඩ ගැසුණ කෙනෙක්. කාගෙවත් හිත් රිදවන්න ආස නැහැ. ජීවිතයට මනුස්සකම අවශ්‍යයි. ඒ මනුස්සකමට ගෞරවයක් දෙන්න උත්සාහ ගන්න කෙනෙක්.
‘‘පේ‍්‍රමවන්තයෙක්ද?’’
පේ‍්‍රමයක් තිබුණා. නැහැ, කිව්වොත් ඒක බොරුවක්. වත්මනෙහි පේ‍්‍රමයක් නැහැ. දැන් මට ඊට වඩා මේ කුසලානයට අරුතක් දෙන්න වෙලා. අද ඒ ගැනයි හිතන්නෙ.
සඳුන් ගමගේ
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පියත්, ලැබුණු කාර් එකේ රවුමක් ගියාද?