‘‘අපෙ අම්මගෙ වගේම තාත්තගෙ පරම්පරාවේ හැමෝම ගීතයට බෙහෙවින්ම සමීපයි. ප්‍රසිද්ධ අය නොවුවාට ගීතය බෙහෙවින් රස වින්දනය කරන අය. මට අනිවාර්යයෙන්ම ඒ මාවත හැදුණෙ ගෙදරින් ආ පසුබිම නිසයි. ඩ්‍රම්ස් පවා හදලා දීලා ඒ මාවත සකසා දුන්නා.’’
මෙහෙම කියන්නෙ මෙවර සුපර්ස්ටාර් අවසානය දක්වා අඛණ්ඩව තේරී පත්වෙමින් ඉදිරියට ගිය නිලාන් හෙට්ටිආරච්චිය. මේ නිලාන් ප්‍රසංග වේදිකාවේ අයට විටෙක අමුත්තෙක්ද නොවන්නේය. සකුරා රේන්ජ් සමග ඔහු කටයුතු කරන ශිල්පියෙකි. වත්තලින් ගායන ක්ෂේත්රයට ආ නිලාන් මුලින්ම කිව්වෙ මෙවැනි දෙයකි.
මේ ජයග්‍රහණය නොලැබුණා කියා කිසිදු තැවීමක් නැහැ. අපේ පියත් රාජපක්ෂ සහෝදරයාට එය ලැබීම ගැන මම අතිශයින්ම සතුටුවනවා. ඒ වගේම මුලින්ම මම කළ යුත්තේ පියත්ට සුබ පැතීමයි. එය මම හදවතින්ම කරන දෙයක්. මම මේ ගමන ඒමට පෙර සංගීත ලෝකයේ යම්කිසි ගමනකට මුලපුරලා සිටියෙ. මගේම ගීත තුනක් කරලා තියෙනවා. මියැදෙන්නම් සදා කියන ගීතය රිඟින් ටෝන් එකට යොදාගත් නිසා ජනප්‍රිය වුණා.
දැන් අරමුණ?
මගේ මියුසික් වීඩියෝව ඉක්මණින්ම එළිදැක්වීමයි. ‘‘ඔය ඇස් මා ළඟ නැවතුණදා’’ මියුසික් වීඩියෝව ළඟදීම රසවිඳින්නට හැකිවේවි.
සුපර් ස්ටාර්ස්ලා එනවා, යනවා. තැනක් හදාගන්නනම්?
ඔව් ඒක හරි. නමුත් හරි දෙයක් කළොත් අපට වරදින්නෙ නැහැ. මේ ගමනේදී මුල් අදියරේ සිට අවසාන මොහොත දක්වා මාව ඉහළින්ම ජනතාව ඔසවා තැබුවා. ඔවුනට මගේ ශීර්ෂ ප්‍රණාමය පුදන්නම ඕනෑ. පිටරට සිටින ජනතාව වගේම රටේ විවිධ පළාත්වල බොහෝදෙනා දැන් බලා සිටින්නෙ ඔවුන් තැබූ විශ්වාසයට මම මොකක්ද කරන්නෙ කියලයි. ඒ වෙනුවෙන් මගේ නිර්මාණ ගමනේදී ඉක්මන්වීමක් නැහැ. හරි දේ කරන්න උත්සාහ ගන්නවා. මොන දේ කළත් සංගීතයෙන් ඉදිරියට ඒම අසීරු දෙයක්. ඒ වගේම නමක් හදාගන්නත් අමාරුයි. නමුත් දැන් මේ ලැබුණු අවස්ථාව එක්ක මිනිස්සු මගෙන් නිර්මාණ බලාපොරොත්තු වන බව ලැබෙන ප්‍රතිචාර එක්ක මට දැනෙන දෙයක්.
සඳුන් ගමගේ
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පියත් රාජපක්ෂට එය ලැබීම ගැන මම අතිශයින්ම සතුටුවනවා