IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පියාගේ අවසන් ගමනට ආ යුද හමුදා පුතුත් අවසන් ගමන්යයි

(කුෂාන් ජයවර්ධන)

කැකිරාව පොතානේගමදී අද (30) උදෑසන සිදුවූ යතුරුපැදි අනතුරකින් කැකිරාව ප්‍රදේශයේ යුද හමුදා කදවුරකට අනියුක්ත ප්‍රධාන සරඹ උපදේශකයකු එම ස්ථානයේදීම මරුමුවට පත්ව ඇතැයි කැකිරාව පොලිසිය කියයි.

සිද්දිය සම්බන්ධයෙන් මේ වනවිට කැකිරාව පොලිස් ස්ථානය මගින් විමර්ශණ ආරම්භ කර තිබේ. 

මෙලෙස මිය ගොස් ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ යුද හමුදා කදවුරකට අනියුක්තව රාජකාරී සිදුකළ ප්‍රධාන සරඹ උපදේශකවරයෙක් වන ටී.එම්.ඩී. සෙනවිරත්න නමැති අයකු වන අතර, ඔහු කැකිරාව රත්මල්කන්ද ප්‍රදේශයේ ස්ථිර පදිංචි අයෙකු බව පොලිසිය කියයි.

මීට දින කිහිපයකට ඉහතදී රත්මල්කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටින මරණකරුගේ පියා මිය ගොස් ඇති අතර ඒ වෙනුවෙන් නිවාඩු ලබා අවමංගල්‍ය කටයුතුවලට එක්ව සිට ඇත.

මිය ගිය පියාගේ අවසන් කටයුතු අද (30) දිනට යෙදී තිබී ඇති අතර එම අතරතුරදී අත්‍යාවශ්‍ය රාජකාරී කටයුත්තක් ඉටු කිරීම සදහා ඔහු අද (30) උදැසන කැකිරාවේ පිහිටි යුද හමුදා කදවුර වෙත රපෝර්තු කිරීමට යතුරු පැදියකින් ගමන්කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව මිය ගොස් තිබේ. 

කැකිරාව පොතානේගම ප්‍රෙද්ශයේ අතුරු මාර්ගයකදී අද (30) උදෑසන එම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.



අදහස් (2)

පියාගේ අවසන් ගමනට ආ යුද හමුදා පුතුත් අවසන් ගමන්යයි

Lal Friday, 30 December 2022 07:11 PM

ඛේදනීය අනතුරක්...

:       0       16

උධුලී Saturday, 31 December 2022 01:04 AM

ඔබ දෙදෙනාටම නිවන්සුව පතමු.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site