IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පඹහින්න අට්ටාලය යළි හදයි

බෙලිහුල්ඔය පඹහින්නේ සිසු අට්ටාලය යළි සකසා ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන සබරගමු සරසවි සිසුහු යළි සත්‍යග්‍රහය ඇරැඹූහ. මැරයෝ ගිය සෙනසුරාදා මේ අට්ටාලය ගිනි තබා වැනසූහ.

සිසුනට එල්ල වූ මැර ප්‍රහාරයට විරෝධය පළකරමින් ලංකා ගුරු සංගමයේ නියෝජිතයන් පිරිසක් ද එම අට්ටාලයට නැඟ දෙපයක් සත්‍යග්‍රහ කළහ.

සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ සිසුනට පහර දුන් පිරිස් වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක මහතාට මඟ හරස් කළ සිසුන් පිරිසක් සඳුදා (13) ද අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර ඇතැයි කී ස්ටාලින් මහතා සිසුන්ට පහර දුන් මැරයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය තවම අපොහොසත් වී ඇතැයි ද කීවේය.

20141013_110536 20141013_110552 GEDC2579-(1) GEDC2583



අදහස් (0)

පඹහින්න අට්ටාලය යළි හදයි

මංජුල Tuesday, 14 October 2014 05:58 AM

දැන්නම් අපිට රස්සාවක්වත් හොයාගන්න බැරිෙවයි සබරගමුෙව කිව්වොත් දැන් එෙහ වෙන දේවල් හැටියට.(හේ)

:       0       0

රෝහණ‍ Tuesday, 14 October 2014 06:13 PM

මේකෙ අවසානය මොකක් වෙයිද මන්දා? (නි)

:       0       0

සමන් Tuesday, 14 October 2014 06:36 AM

අට්ටාලය කොන්ක්‍රීට් වලින්ම හදාගෙන හැමදාම උද්ගෝෂණය කරන්න. එතකොට එලෙවෙල් කරපු නංගිලා මල්ලිලාට සැරයටියෙන් කැම්පස් එන්න පුළුවන්. ජයවේවා.(හේ)

:       0       0

සමීර Tuesday, 14 October 2014 07:29 AM

මේ ළමයින්ගේ ප්‍රශ්න ඔයවීදියට දකින්නවත් විසදන්නවත් හදන්න එපා.(හේ)

:       0       0

ගමගේ Tuesday, 14 October 2014 10:59 PM

දැන් ස්ටාලින් මහත්තයලත් පෙරටුගාමීන්ට එකතුවෙලාද? නැත්නම් අන්තරය ජේ.වී.පී වෙලාද? නැවතත් ජේවීපී එක සමඟ පෙරටුගාමීන් එකතු වුණාද? (නි)

:       0       0

කරුණාරත්න Tuesday, 14 October 2014 11:51 PM

‍කාට විරුද්ධවද දැන් මේ ලේ හලන්නේ? නිකම් විකාර නැතුව ඉගෙනගන්න ආවා නම් ඒක කරගෙන රස්සාවක් හොයාගෙන ජීවිතය ගෙනියපල්ලා දරුවනේ. (නි)

:       0       0

මොරිස් Wednesday, 15 October 2014 12:14 AM

යසිරු, ඒත් සමහරු කියන්නේ ඔය කතාවේ අනිත් පැත්ත. (නි)

:       0       0

කාන්ති Tuesday, 14 October 2014 08:49 AM

ඇත්තටම දැන් මේකෙන් වෙන්නේ මේ සරසවියෙන් පිටවෙන ළමයින්ට රැකියා අවස්ථාවක් වත් දෙන්න ආයතන අදි මදි කරන එක තමයි. (හේ)

:       0       0

යසිරු Tuesday, 14 October 2014 09:39 AM

අපේ සරසවී රෑන්ක් වලින් සෑහෙන්න පහලට වැටිලා. සාක්ෂරතාවයෙන් අපිට පහලින් හිටපු රටවල සරසවි ලෝකයේ රෑන්ක් එක අපිව අභිබවා ගිහින්. මේවායින් අනාගත පරපුරටයි අවාසි වෙන්නේ. පස්චාත් උපාධියක් කරන්න පිටරට ශිෂ්‍යත්වයකට ඉල්ලුම කලත් මේ තත්ත්වය බලපානවා.(හේ)

:       0       0

සේන Tuesday, 14 October 2014 10:09 AM

සිසුන්ගෙන් පළිගැනීම සාදාරන නැහැ,අනික මැර බලයෙන් සිසුන්ගේ ප්‍රශ්ණ විසදන්නත් බැහැ.(හේ)

:       0       0

ලංකා තිලක් Tuesday, 14 October 2014 10:19 AM

කමක් නැහැ.කට්ටිය අට්ටාල ගහගෙන මහපාරේම හිටපුදෙන්. සරසවියත් දිගටම වහලා තිබුණාදෙන්.අපිටනේ පාඩුව! අපි පාඩුව විඳගන්නම්. (නි)

:       0       0

රුවන් Tuesday, 14 October 2014 12:20 PM

අපේ ලංකා තිලක් මහතා හුඟ දවසකින් ශ්‍රී නාමය ලකුණු කරලා තියෙන්නේ.... ඔන්න දැන් අර නිදාගෙන ඉන්න බවලතුන් ටික නම් කුලප්පු කරගන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site